ඊසි කෑෂ් ක්‍රමයට සරසවි සිසුන්ට කුඩු


ඊසි කෑෂ් ඔස්සේ සරසවි සිසුන් ඇතුළු මතට හුරුවූවන්ට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළකු හා ඔහුගේ ප්‍රධානියා හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 310ක් සමග අනුරාධපුර දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
උතුරුමැද පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ  ක්‍රියාත්මක වැටලීම් ඒකකය නිලධාරීන් පිරිසක් පෙරේදා (26) සවස මිහින්තලය පොලිස් වසමේ සිප්පුකුළම හන්දිය හා ඇතාවැටුණුවැව ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වී තිබුණි.

සැකකාර හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ ඔහු සන්තකයේ  හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 270ක්  තිබූ බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෝලයා වන හිටපු ගුවන් සෙබළා සන්තකයේ මිලිග්‍රෑම් 40ක් හෙරොයින් පැකට් එකක් තිබී අත්අඩංගුවට

ගත් බව පොලීසිය පැවැසුවේය.

සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වීම සිටින බවත් ඔහුගේ බිරිඳ ගුවන් හමුදාවේ ගිණුම් අංශයේ සේවය කරන බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබුණි. සැකකරු ගුවන් සෙබළකු වශයෙන් සේවය කරද්දී ඔහු හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවූවකු

සේවයෙන් නෙරපු ගුවන් හමුදා සෙබළා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වීම සිටින බවත් ඔහුගේ බිරිඳ ගුවන් හමුදාවේ ගිණුම් අංශයේ සේවය කරන බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

 සැකකරු ගුවන් සෙබළකු වශයෙන් සේවය කරද්දී ඔහු හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවූවකු බව තහවුරු කර ගැනීම සඳහා ගුවන් හමුදා වෛද්‍ය අංශ රුධිර සාම්පල පරික්ෂණයක් කර හෙරොයින් පානයට ඇබ්බැහිවූවකු බව අනාවරණය කරගෙන සේවයෙන් නෙරපා ඇති බව පොලීසිය පැවැසුවේය.

 සැකකරුවන් විසින් මිහින්තලය රජරට සරසවියේ සිසුන් ඇතුළු මත්ලෝලීන්ට ඊසිකෑෂ් ඔස්සේ හොරෙන් විකුණා ඇති බවත් ඔවුන්ගේ ඊසි කෑෂ් ගිණුම්වලට මුදල් ලැබුණු වහාම ගස්යට විදුලි කණු යට හා කා දැමූ චුයින්ගම් යොදාගෙන ගස්වල හෙරොයින් පැකට් අලවා මුදල් බැරකළ පුද්ගලයන්ට හෙරොයින් තිබෙන ස්ථානය පවසමින් ජාවාරම් කරන බව පොලීසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් 24 හා 25 තරුණ සැකකරුවන් මිහින්තලය හා කහටගස්දිගිලිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා මිහින්තලය පොලීසියට බාරදෙමින් අනතුරුව ඔවුන් ඊයේ (27). අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
Previous Post Next Post