මෝචරියෙන් මිනියක් අර ගේමක් ගැසූ උපාධිධාරියා බොරලැස්ගමුවේදී මාට්ටු

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබූ නාඳුනන මළ සිරුරක් තම ඥාතියකුගේ බව පවසමින්  වෙනත් පුද්ගලයකු ලවා අයිතිවාසිකම් කියාපාමින් මරණ සහතිකයක් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී මහාධිකරණයේ පවරා තිබූ නඩුවක් ඉවත්කර ගැනීමට උත්සාහ දැරූ වෛද්‍යවරයකු
ලෙස නම් තුනකින් පෙනී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බොරලැස්ගමුව නිවෙසක සැඟව සිටියදී ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන ඇත.

 වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට ළමයින් ඇතුළත් කරගන්නා ලෙස ව්‍යාජ ලිපි ලේඛන සාදා මෙරට උසස්ම කාර්යාලයකින් මෙන්ම අමාත්‍යංශයකින් එම විදුහලට ලීපි සකස් කිරීම් සම්බන්ධයෙන් මහනුවර වංචා විමර්ශන අංශයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබූ බව පොලිසිය කියයි. මාස කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුට ඇප ලබාදී තිබූ අතර,

ඔහුට ඇප දී ඇත්තේ බිරියගේ මව බව පොලිසිය කියයි.

 ඇප ලැබීමෙන් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවීමෙන් ඇප තැබූ නැන්දම්මා රිමාන්ඩ් භාරයට පත්වූ අතර, සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් තිබිණි. මහාධිකරණයෙන් සැකකරුට වරෙන්තු තුනක් නිකුත් කෙරිණි. අනතුරුව මෙම පුද්ගලයා ඔහුගේ මිත්‍රයකු කැමති කරවාගෙන කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය තිබෙන නාඳුනන මළ සිරුරක් තම ඥාති සහෝදරයකගේ බවට එහි බලධාරීන්ට ඒත්තු ගන්වා අවශ්‍ය කටයුතු සිදුකරගෙන මරණ සහතිකය ඔහුගේ නමට ලබාගෙන එම මළ සිරුර බොරැල්ල කනත්තේ වළදමා ඇතැයිද පොලීස් නිලධාරියෙක් පැවසීය.

 මේ සැකකරු වකුගඩු හා දියවැඩියා වැනි රෝග කිහිපයකින් පෙළී ඇති බව පවසන පොලිසිය ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ලෙස ඔහුට පෙනී සිට මරණ සහතිකය රැගෙන නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් භාරදී ඔහු වෙනුවෙන් ඇප වී ඊමාන්ඩ් ගතව සිටින නැන්දම්මාව ද බේරාගෙන ඇති බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.

 කෙටී දිනකින් සැකකරුව කෙසෙල්වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු රිමාන්ඩ් භාරයට නැවතත් පත්විය. රෝගාබාධ කිහිපයකින් පෙළුණු සැකකරු බන්ධනාගාර නිලධාරියකුගේ ආරක්ෂාව ඔස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට මාස කිහිපයකට ඉහතදී සැකකරු පලාගොස් සිටියදී උප පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් මහතාට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව නිලම්මහර ප්‍රදේශයේ කුලී නිවෙසක සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නිවෙස් හිමිකරුට වෛද්‍යවරයකු ලෙස හඳුන්වා තිබූ  සැකකරු රුපියල් හතළිස් දහසක මාසික කුලී පදනම මත මීගොඩ ප්‍රදේශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් කුලියට ලබාගෙන තිබූ බව පොලිසිය කියයි. ජාතික හැඳුනුම් පත නොමැති සැකකරුට රියැදුරු බලපත්‍රය පමණක් තිබෙන බව පොලිසිය කියයි. පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Previous Post Next Post