මිතුරාට පිහියෙන් ඇන මරා බසයට පැන සියදිවි නසාගෙන


දහහතර හැවිරිදි පාසල් සිසුවකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි සැකකරන තරුණයෙක් පෙර්දා (24) තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයකට පැන සියදිවි හානිකරගෙන ඇත. එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ රන්න අඳුපැලෑන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතරක් වන ජයවර්ධන පතිරණගේ ඉඳුනිල් සඳරුවන් නම් අයෙකි.

මාතර සිට මොනරාගල දක්වා ධාවනය කරමින් තිබු පුද්ගලික බස් රථයකට තංගල ගොඩිගමුව ප්‍රදේශයේදී මෙම තරුණයා පැන ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථයට පැන ජීවිතක්ෂයට පත්වූ තරුණයා පෙර්දා (24) දහවල් 12.00ට පමණ තලුන්න ගනේවෙල මයිලදෙණිය ප්‍රදේශයේ නිවසට පරෙවියන් මිලදී ගැනීමට පැමිණි දහහතර හැවිරිදි පාසල් සිසුවා වෙළෙඳසැලට යන මුවාවෙන් කැඳවාගෙන ගොස් තිබේ. ඒ යන අතරමගදී විසිහතර හැවිරිදි තරුණයා වෙල්යායක් අසලදී පාසල් ශිෂ්‍යයාට පිහිපහරක් එල්ල කර ඇත.

 පිහි පහර කන දාහතර හැවිරිදි සිසුවා තමාව බේරාගන්නා ලෙස කෑ ගසමින් අසල පිහිටි නිවසට දිවගොස් තිබේ. ඔහු පසුපස හඹා ගිය තරුණයා නිවස අසලදී ළමයාට නැවත නැවතත් පිහි පහර කිහිපයක් එල්ල කර ඔහු පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ දමා ළමයා පැමිණි යතුරුපැදියේ නැගී පලාගොස්

ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පලායමින් සිටි තරුණයා පසුව තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ අතුරුමාර්ගයක යතුරුපැදිය නතර කර ඔහු ඇඳ සිටි ලේ තැවරුණු සාමිසය යතුරුපැදිය අසල ගලවා බස් රථයට පැන සියදිවි හානිකරගෙන ඇත. ද මෙම තරුණයා සහ ළමයා වසර හතරක පමණ කාලයක සිට මිතුරු සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සාක්ෂි පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ලැප්ටෝප් වර්ගයේ පරිගණකයක් හා මොවුන් දෙදෙනා හුවමාරු කරගත් ලිපි කිහිපයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. පිහිපහරින් පිවිතක්ෂයට ලක්වූ පාසල් ශිෂයයා අඳුපැලැන මහවෙල ගෙදර පදිංචි කුඩාගම ලියනගේ සිතිජ ලක්ෂාන්(14) නම් අයෙකි.

මොහු බරපතළ තුවාල ලැබීමෙන් පසු රන්න ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තංගල්ල මූලික රෝහලට ගෙනයමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය ඇසින් දුටු පේෂලා සෙව්වන්දි (23) මෙසේ පැවසුවාය.

මම ඥාතී ගෙදරක දානයක් උයන ගිහිලා ඇවිත් ගෙදර කුස්සියේ හිටියේ. පස්සේ සද්දයක් ඇහුනා බුදු අක්කේ මාව බේරගන්න කියලා. පස්සේ මම කුස්සියෙන් එළියට පනිනකොට ලේ බේරී බේරී මල්ලී කෙනෙක් ආවා. තව එක්කෙනෙක් එයාගේ පස්සෙන් පැන්නුවා, එයාගේ අතේ පිහියක් තිබුණා. පස්සේ එයා අර මල්ලිට පිහියෙන් ගැහුවා. ඒ පිහියෙන් ගහපු කෙනා ඒ වෙලාවයි දැන ගත්තේ මම එතැන හිටියා කියලා.

මම හයියෙන් කෑ ගැහුවා. පස්සේ අර මල්ලිව පිහියෙන් ඇනපු කෙනා වැටිල හිටපු මල්ලිගේ බයික් එක අරගෙන ගියා. එයාගේ බයික් එක දාලයි ගියේ. හෙල්මට් දාගෙන මුණ වහන් හිටියේ. ඒ නිසා මූණ දැක්කෙ නෑ මං, අනිත් පොඩි මල්ලි නම් අඳුරනවා මම. වෙනදත් අපේ ගෙදර එනවා ඒ මල්ලි. අපේ මල්ලින් එක්ක ඉන්නවා  වෙනදට ඒ මල්ලී. ඒ මල්ලි හයියෙන් කෑ ගැහුවා බේරගන්න  කියලා. මොනව කරන්නද අපිට බේරගන්න  බැහැනේ. මම කිට්ටු වුණේත් නැහැ. මගේ පොඩි බබෙක් හිටියා. එයාවත් නැන්දලාගේ ගෙදරට ඇරලවලා අපි ගියා. පස්සේ කට්ටිය ගොඩක් අපේ ගෙදරට එකතු වුණා. අර මල්ලිගේ ලේ ගියා ගොඩක්. පස්සේ එයාර් ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා.

Previous Post Next Post