මගේ හැරවුම් ලක්ෂ්‍ය දිල්හාර-සුජානි මධුවන්ති

gossiplanka image 1
මේ දවස්වල "දිල්හාරා"ව නොදන්න කෙනෙක් නැහැ. ඒ තරම් ඇය ජනප්‍රියයි. සමහර ප්‍රේක්ෂකයන් කියන විධියට මේ තරුණ රංගන ශිල්පිනිය තම චරිත ඇතුළේ ජීවත් වෙන කෙනෙක්. ඇයගේ රංගනය දකින ඕනෑම කෙනෙක්ට ඇය සතුව මෙරට කලාව තුළ දුර ගමනක් යන්නට අවශ්‍ය ශක්තිය හා හැකියාව තිබෙන බව හොඳින්ම පෙනෙනවා. රංගනයට එකතු වෙලා ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට තුළ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වූ ඇය නමින් සුජානි මධුවන්ති.


මේ දවස්වල බෝෆ්‍රෙන්ඩ්ස් සුදු කරගන්න සෑහෙන්න උත්සාහ ගන්නවා කියලා ආරංචියි? 

ඔව්, මේ දවස්වල බෝයිෆ්‍රෙඩ්ව සුදු කර ගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා. එක එක ක්‍රීම් ජාති අරගෙන දුන්නා ඒත් හරි ගියේ නැහැ. පස්සේ පැණියක් ගැන ආරංචි වෙලා ඒකත් අරගෙන දුන්නා ඒ වැඩෙත් හරි ගියේ නැහැ. මේ ඔක්කොම කරන්නේ "ඇයි අපි සුදුද" ටෙලි නාට්‍යයේ.


අද වෙද්දි බොහෝ දෙනෙක් හම සුදු කරගැනීමේ වුවමනාවකින් පෙළෙනවා, රංගන ශිල්පිනියක් විධියට ඒ ගැන ඔබේ අදහස?


දැන් කාලයක් තිස්සේ ලංකාවේ බොහෝ දෙනා තමන්ගේ හම සුදු කරගන්න උත්සාහ කරන බව පේනවා. ඒ වෙනුවෙන් බාහිරව ආලේප කරන ආලේපන වගේම ශරීර අභ්‍යන්තරයට ලබා දෙන විවිධ ඖෂධ ආදිය අද වෙළෙඳපොළ තුළ ඉතාම සුලබ වෙලා. ඇත්තටම ඒක දැන් මාෆියාවක් වෙලා. නිසි ප්‍රමිතියක් නැති දේවල් ලබාගෙන සමේ රෝගීන් බවට පත් වුණු පිරිසකුත් ඉන්නවා. මට අනුව සමේ වර්ණය කෙනෙක්ගේ බාහිර සුන්දරත්වයට බලපාන්නේ නැහැ. සුදු වුණත්, කළු වුණත්, තළෙලු වුණත් සම නිරෝගී වීම තමයි වැදගත්. සම නිරෝගී කරගන්න, පැහැදිලි කරගන්න උත්සාහ ගත්තට කමක් නැහැ. අද වෙද්දී ඒ වෙනුවෙන් නවීන ප්‍රතිකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. හොඳ වෛද්‍යවරු ඉන්නවා ඒ අයගෙන් නිසි උපදෙස් අරගෙන සමේ නිරෝගීකම වෙනුවෙන් ප්‍රතිකාර ගත්තට කමක් නැහැ. ඒත් විශාල මුදලක් දීලා බාල, ප්‍රමිතියක් නැති නිෂ්පාදනවලට රැවටෙන එකෙන් වෙන්නේ සල්ලි වගේම අපේ හමේ නිරෝගී කමත් නැති වෙලා ලෙඩ්ඩි වෙන ඒක.


දිල්හාරාට ප්‍රතිචාර කොහොමද?


දිල්හාරට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එහි මගේ රංගනයට ප්‍රේක්ෂයන්ගෙන් වගේම ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන්

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට

ඒ චරිතයට ප්‍රේක්ෂකයන් බනිනවා. ඒත් මම ඒ චරිතයට කැමැතියි. ඒක තමයි ඒ චරිතයේ ස්වභාවය. ප්‍රේක්ෂකයන් ඒ චරිතයට ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මත. දිල්හාරාට සිදු වුණා වගේ දේකට මුහුණදීපු අය ඇය පව් කියලා අදහස් දක්වද්දී, කවදාවත් එහෙම දේකට මුහුණදීලා නැති අය ඇගේ ඒ හැසිරීමට බණිනවා. දිල්හාරා කියන්නේ මම ගොඩක් කැමැත්තෙන් කරපු චරිතයක්. 


කෝලන්කුට්ටමෙන් ආරම්භ වුණු ගමන අද වෙද්දී ඔබව රටේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් බවට පත් කරලා තියෙනවා. ඒ ගැන දැනෙන හැඟීම?


ඔව් ඇත්තටම කෝලන්කුට්ටමෙන් ආරම්භ වුණු ගමන මේ විධියට මට විවිධ චරිත රඟදක්වන්න අවස්ථාව හදලා දෙයි කියලා මම හිතුවෙ නැහැ. ඒ ගැන මට විශාල සතුටක් තියෙනවා. විශේෂයෙන්ම මේ තාක් කල් මාව නිර්මාණවලට ගත්ත අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ

ඔවුන් නිසා.


දායක වුණු නිර්මාණවලින් ඔබේ රංගන ජීවිතයේ හැරවුම්

ලක්ෂය බවට පත් වුණු නිර්මාණය මොකක්ද? 


මෙතෙක් දායක වුණු නිර්මාණවලින් මගේ හැරවුම් ලක්ෂ්‍යය විධියට මම හිතන්නේ පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ දිල්හාරාගේ චර්තය, නමුත්

කෝලන්කුට්ටමේ භාග්‍යාගේ චර්තයටත් ඉතාමත් හොඳ

ප්‍රතිචාර ලැබුණා. ඒ හරහාත් මට නිර්මාණවලට ආරාධනා ලැබුණා.


රංගන ශිල්පිනියක් වෙන්න පොඩි කාලේ ඉඳන් හීන දැක්කද?

ඇත්තටම රංගන ශිල්පිනියක් වෙන්න හීන මැව්වේ නැහැ. මම

පොඩි කාලේ නර්තන ගුරුවරියක් වෙන්න තමයි ආස වුණේ, ඒ වෙනුවෙන් තමයි වැඩ කළේ, පොඩි කාලේ ඉදලම් නර්තනය හැදෑරුවා. ඔය අතරතුර තමයි මම සංගීතය පැත්තට යොමු වුණේ, ඒ හරහා තමයි මම නොසිතපු විධියට රංගනයට යොමු වෙන්නේ. 


ගමකින් කොළඹට ඇවිත් රංගනයට යොමු වෙද්දි නවක ශිල්පිනියක් විධියට මුහුණදීපු අභියෝග මොනවාද?


එතැනදී මම මුහුණදීපු ලොකුම අභියෝගය තමයි තනියම ජීවත් වෙන්න පුරුදු වුණු එක. කොළඹට එන්න කලින් මට අම්මා නැතුව කිසිම දෙයක් කරගන්න බැහැ. ඒත් කොළඹට ආවට පස්සේ මට තනියම ගමන් බිමන් යන එකේ ඉඳන් මගේ හැම වැඩක්ම තනියම කරගන්න සිද්ද වුණා. එතැනින් එහාට නවක රංගන ශිල්පිනියක් විධියට මම මේ ක්ෂේත්‍රයට අඩිය තිබ්බේ මේ ගැන කිසිම හැදෑරීමකින් තොරව. ඉතින් ඒ වගේ කිසිම හැදෑරීමක් නැති කෙනෙක් වැඩ කරන්න සෙට් එකට ගියාම එතැන ඉන්න අය වගේම මමත් අපහසුතාවට පත් වෙනවා. ඒ වගේ අභියෝගවලට මුහුණදුන්නා. ඊට පස්සේ මට හැකිවුණා රංගනය හදාරමින්, මගේ අඩුපාඩු හදාගෙන ඒ අභියෝගදී ඉට මුහුණ දෙන්න.


ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


අලුතෙන් වැඩ වගයක් පටන් ගත්තා. ඊට අමතරව ඉදිරියේදී එන්න තියෙන කලින් සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයකුත් තියෙනවා. බලමු ඒවා ඉක්මනටම ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙයි.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post