
ඔව්. මීට කලින් මම වැඩිපුර ප්‍රේක්ෂකයො අතරට ආවෙ සාමාන්‍ය සරල පෙම්වතියගේ සහ බිරිඳගේ චරිතවලින්. හැබැයි විසේකාරි ටෙලිනාට්‍යයේ ඉශීගේ චරිතය මම මේ තාක් රඟපාපු වෙනස්ම සහ අභියෝගාත්මක චරිතයක් කියලා කිව්වොත් හරි. විශ්වවිද්‍යාල සිසුවියක්වන ඉශී විවාහක මහාචාර්යවරයෙක් සමග පෙමින් වෙළිලා මුළු ආත්මයම මහාචාර්යවරයට පරිත්‍යාග කරනවා. මහාචාර්යවරයාගේ ආදරේට ඉශී කොච්චර ලෝබද කියනවා නම් ඒ ආදරේ රැකගන්න ඉශී නොකරන දෙයක් නැහැ. ඒ වගේම ඉශී තමන් වටේ ඉන්න යාළුවො ගැනත් නිතරම හිතන හිත හොඳ තරමක හිතුවක්කාරකමකුත් තියන කෙල්ලක්. ඉතින් ඒ විදිහට ගලාගෙන යන ඉශීගේ චරිතය අභියෝගකාරි එකක් වුණත් ඒ හරහා මගේ රංඟන හැකියාව පුළුල්ව ප්‍රේක්ෂකයො වෙත ඉදිරිපත්කරන්න පුළුවන්කම මට ලැබිලා තියනවා.
ඉශී ආදරේ නිසා පෙම්වතාව විශ්වාස කරන තරමට ඇත්තටම ආදරේදි පෙම්වතාව විශ්වාස කළයුතුද කියන ප්‍රශ්නයක් අපි සඳනිගෙන් ඇහුවා.
ආදරේදි පෙම්වතාව විශ්වාස කළයුතුයි කියලා මම හිතනවා. ඕනෑම කැපවීමක් කරලා පෙම්වතාව පරිස්සම් කරගෙන ආදරේ කිරීම සාමාන්‍යයෙන් ඕනෑම පෙම්වතියක් කරනවා. හැබැයි පෙම්වතාට රට වටේම තවත් කෙල්ලො ඉන්නවා කියලා දැන දැනම ඔහු මත්තෙම ඉඳගෙන විශ්වාස කිරීම නොකළ යුතුයි කියලයි මම හිතන්නෙ.
ඉශී වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලින් සඳනිගේ හිත මේ දවස්වල හෙඳටම පිරිලා.. ඒ සතුට හිතේ තියාගෙන ඇය කතා කළා.
පුංචි තිරයේ විකාශයවන ටෙලිනාට්‍ය අතරින් මේ තාක් ප්‍රේක්ෂකයො වෙතට අරගෙන නොආපු කතා සංකල්පයක් තුළ ඉන්න ඉශී අභියෝගාත්මක සහ ආදරණීය චරිතයක් නිසා ප්‍රේක්ෂකයන්ගෙන් දැවන්ත ප්‍රතිචාර මට ලැබෙනවා. තවත් කැපවීමෙන් රඟපාන්න මට ඒ ප්‍රතිචාර ගොඩක් උදව් වෙනවා. ඉතින් ඒ විදිහට ලැබෙන ප්‍රේක්ෂකයන්ගේ දිරිමත් කිරීම්වලට සහ සුබ පැතුම්වලට ගොඩක් ස්තූතියි. මොකද මේ ප්‍රතිචාර නිසා තමා මගේ ඉදිරිගමන සැකසෙන්නේ.
ඉශීගේ චරිතය පිළිබඳ ප්‍රේක්ෂකයො ආන්දෝලනාත්මක විදිහට කතාබහ කරන තත්ත්වයකුත් තියනවා. මොකද මෙවැනි චරිතවලට සමාජයේ ලොකු ඉඩක් තිබෙන නිසා. නමුත් ඒ චෝදනා හා විවේචන ගණනකට නොගෙන මෙය තමා රඟපාන චරිතයක් කියලා ඇය හිතනවා. චරිතය පමණක් විඳින ලෙස ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් සඳනි ඉල්ලා සිටිනවා.
ඔව් විශ්වවිද්‍යාලීය සිසුවියක් විවාහක මහාචාර්යවරයකු සමග ආදර සම්බන්ධතාවයක් පැවැත්වීම විසේකාරි ටෙලිනාට්‍ය තුළින් පෙන්වීම නිසා ඒ පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණයවෙලා තියනවා. මේ විදිහෙ අසම්මත ආදර කතා සැබෑ සමාජය තුළ ඕනතරම් තිබුණත් ඒ ගැන චෝදනාවත් විවේචනවත් මුකුත් එල්ලවෙන්නෙ නැහැ. නමුත් ඒ විදිහෙ සංසිද්ධියක් ටෙලිනාට්‍යයක් විදිහට ගොඩනගලා විකාශය කරනකොට සමහරු අහනවා ජාතික මාධ්‍ය හරහා ඒ විදිහෙ ටෙලිනාට්‍යයක් පෙන්වීම සුදුසුද කියලා. පෞද්ගලිකව විසේකාරි කතා සංකල්පය හෝ එහි චරිත භාර ගන්නෙ නැතුව ටෙලි නිර්මාණයක් විදිහට භාරඅරගෙන අන්තර්ගතයේ අඩංගුවෙලා තියන දේ විතරක් විඳින්න කියලා මම ඒ අයගෙන් ඉල්ලනවා.
ඉශීගේ චරිතය වෙනුවෙන් කරන රංගනය ගැන පියත්ගේ අදහසට ගරු කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ.
විසේකාරි සහ ජුරාලියා ටෙලිනාට්‍යයවල මගේ රඟපෑම් පියත් දකිනවා. එයා මගේ රඟපෑම ගැන හොඳ කියන ගමන් තව හොඳට රඟපාන්න මාව උනන්දු කරවනවා. මම දක්ෂ නිළියක් විදිහට රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා දකින්න එයා ගොඩක් කැමැතියි. පියත් පෞද්ගලික ජීවිතයේදි වගේම රංගන ජීවිතයේදිත් මට ලොකු සහයෝගයක් දිරිමත්කිරීමක් ලබාදෙන හොඳ සහකරුවෙක්. ඒ නිසා පියත්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලට මම හුඟාක් ගෞරව කරනවා.
පියත්ගේ මියුසික් වීඩියෝවල සඳනි රඟපාන්නෙ පියත්ට දෙන සහයෝගයක් විදිහටද කියලා සමහරු කිව්වාම ඇය එම අදහස ප්‍රතික්ෂේප කරනවා. තමා හා පියත් අතර ඇත්තේ ඊට එහා ගිය බැඳීමක් බවත් ඇගේ අදහස. දෙදෙනාගේ තේරුම් ගැනීම ඉතා ඉහළයි කියල සඳනි කියන්නේ. මීට අවුරුදු ගාණකට කලින් පියත් සමග කටයුතු කළ ආකාරයටම ඉදිරියටත් කටයුතු කරන්න ඇය කැමැතියි.
මම මුලින්ම පියත්ගේ මියුසික් වීඩියෝ එකක රඟපෑවෙ 2018 වසරේ නිර්මාණය කරපු "ඇයි මම ආදරේ" මියුසික් වීඩියෝවෙ. ඒ මියුසික් වීඩියෝව මේ වෙද්දි you tubeවල මිලියන පහකට ආසන්න පිරිසක් නරඹලා තියනවා. ඒත් එක්ක අපි තේරුම්ගත්ත දෙයක් තමයි පියත්ගෙයි මගෙයි සුසංයෝගයට රසිකයො හුඟක් කැමැතියි කියලා. අපි දෙන්නා ආදරය කරන ජෝඩුවක් වීමත් එක්ක රසිකයන්ගෙන් අපිට තියන ආදරය තවත් වැඩි වුණා. ඒ සමග පියත්ගෙයි මගෙයි සුසංයෝගයෙන් මියුසික් වීඩියෝ කිහිපයක් නිර්මාණය කළා. ඒ විදිහට නිර්මාණය කරපු "මා ආදරේ නමින්, බඳිමු සුදා, සීදේවි" ඇතුළු මියුසික් වීඩියෝ හැම එකක්ම මිලියන දහයට එහා රසිකයො නරඹලා තියනවා. මේ දවස්වල මම රඟපාන පියත්ගේ අලුත්ම මියුසික් වීඩියෝව "සත්තයි මැණිකේ" මියුසික් වීඩියෝවත් රසිකයො අතර හුඟක් කතාබහට ලක්වෙලා තියනවා.
මේ ගත වෙන්නේ තමාගේ සාර්ථක කාලයක් කියලා සඳනි විශ්වාස කරනවා. පියත්ගේ ආදරය හා තමාගේ කැපවීමේ ප්‍රතිඵල භුක්ති විඳින බවත් ඇගේ අදහසයි.
රංගනය පැත්තෙන් කිව්වොත් විසේකාරි සහ ජුරාලියා ටෙලිනාට්‍ය තුළින් මේ තාක් ඉදිරිපත් නොකරපු වෙනස් විදිහෙ රංගනයක් ඉදිරිපත් කරන්න මට හැකිවෙලා තියනවා. විසේකාරි ටෙලිනාට්‍යයේ ඉශී වගේ අභියෝගාත්මක චරිතයක් සහ ජුරාලියා ටෙලිනාට්‍යයේ බලවත් මැර ඇමැතිවරියකුගේ චරිතයක් රඟපාන්න හැකිවීමත් සමග චරිතාංග නිළියක් විදිහට ප්‍රේක්ෂකයො අතරට ඇවිත් තියනවා. පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත් පියත් එක්ක ආදරය සහ ජීවිතය බෙදාගනිමින් බලු සුරතලුන් දෙදෙනකුත් එක්ක සතුටින් ජීවිතය ගතකරනවා. මේ මොහොතෙදි මම හොඳ කාලයක් ගෙවනවා. හැබැයි අපේ මහන්සිය, කැපවීම සහ උත්සාහය මත මීටත් වැඩිය සතුටින් ජීවිතය ගෙවන්න පුළුවන් හොඳ කාලයක් ඉදිරියෙදි උදා වෙනවා කියලා මම දන්නවා.
