
සචින්තනී, කවිනි ගැන රසිකයො මොකද කියන්නෙ?
‘මා’ ටෙලි නාට්‍යයේ තවම විකාශය වුණේ කොටස් දෙකයි. ඒ කොටස් දෙක වෙනුවෙන් ලැබුණ ප්‍රතිචාර ගොඩක් හොඳයි. කාලෙකින් ආයෙත් අම්මා කෙනකුගේ චරිතයක් ලැබිල තියෙනව. ගොඩක් සතුටුයි ඉතිං.
කොහොමද මේ චරිතය ලැබෙන්නෙ?
සහය අධ්‍යක්‍ෂවරයා මේ චරිතය වෙනුවෙන් මට කතාකරද්දි ඇත්තටම මම මුලදි භාරගන්න බැහැ කිව්වා. මොකද කලිනුත් ඩ්‍රාමා දෙකක අම්ම කෙනකුගේ චරිතය කළා. සාමාන්‍යයෙන් අපි එකක් කළොත් දිගටම ලැබෙන්නෙ ඒ විදිහෙ චරිතනෙ. ඒ දේවල් එක්ක සහ තවමත් පෙම්වතියගේ චරිතය කරන්න පුළුවන් නිසා තමයි මම ප්‍රතික්‍ෂේප කළේ. ඉන් පස්සෙ ඉරේෂ් අයියා මට කතාකරල කිව්වා, නංගී චරිතය ගැන ආයෙත් ටිකක් හිතල බලන්න කියල. ඒ වෙලාවෙත් මගෙ තීරණය වෙනස්වෙලා තිබුණෙ නැහැ. අවසානයේ මට මහේෂ් රත්සර අයිය කතාකරනව. ඔහුට නම් මට බැහැ කියන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. නමුත් ඔහුගෙනුත් මම ඇහුව අයියා මේ නාට්‍යයේ කෙල්ලගෙ චරිතයක් නැද්ද කියල. ඔහු මගේ රංගන පරාසය දන්න නිසා මට චරිතය ගැන පැහැදිලිකිරීමක් කළා. අවසානයේ මම කවිනිව භාරගත්තා.
අකමැත්තෙන් ඉඳල භාරගත්ත චරිතයේ ෂූටිං අත්දැකීම මොන වගේද?
මහේෂ් අයිය පිටපතේ විස්තරය කියද්දිම චරිතය ගැන ආසාවක් ඇතිවුණා. ඔහු මට කියනව උදේ දහය වෙනතුරු වෙලාව දෙන්නම්, කල්පනා කරල බලල කියන්න කියල. නමුත් මම ඒ වෙලාවෙම කියනව මම කැමතියි කියල. අවුරුදු තුනහමාරක් මම ඔහුගෙ පිටපතකට වැඩකරල තිබුණ නිසා ෂූටිං අත්දැකීම මට නුහුරු දෙයක් වුණේ නැහැ. මෙතැනදි ඉරේෂ් අයියත් එක්ක මම වැඩ කළේ පළමු වතාවට. නමුත් කෲ එක කියාදෙන්න ආදරේ තරම් නිර්මාණයේදී සහ වෙනත් වැඩවලදි මුණගැසුන අය. ඒ නිසා මම සෙට් එකට යන්නෙ පුරුදු තැනක් විදිහට. හරිම ආසාවෙන්, හරිම සුන්දරව වැඩ ටික කරගෙන යනව.
‘කියාදෙන්න ආදරේ තරම්’ හි දිගැසි, සචින්තනීගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇතිකළා කිව්වොත්?
අනිවාර්යයෙන්ම, මම කොච්චර නිර්මාණ කළත් දිගැසි කියන්නෙ ප්‍රේක්‍ෂකයන්ට අමතක නොවන චරිතයක් කිව්වොත් හරි. මොකද මම මිනිස්සු අතරට යන්නෙ, ඔවුන් මාව දැනගන්නෙ දිගැසි හරහා. ඒක මගෙ කලා ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්.
මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්න වෙනත් නිර්මාණ මොනවද?
සුපුන් රත්නායක අයියගෙ අලුත් නිර්මාණයක රූගතකිරීම් කටයුතු මේ දවස්වල සිදුකෙරෙනවා. තරුෂි පෙරේරා අක්කත් එක්ක කළ වැඩක් විකාශය වීමට නියමිතව තියෙනව. ඒ වගේම තාරක අධිකාරි අයියගෙ වැඩකුත් විකාශය වීමට නියමිතව තියෙනව.
ඔබේ කුළුඳුල් සිනමා නිර්මාණයේ වැඩකටයුතු කොහොමද?
‘සුපෙම් සුළඟක්’ කියන්නෙ මගේ මුල්ම සිනමා නිර්මාණය. මේ වන විට එහි වැඩකටයුතු සියල්ල අවසන්වෙලා තියෙනව. ළඟදීම තිරගතවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නව.
ඔබ දැන් නීතිඥවරියක්?
ඔව්, නීතිඥවරියක් හැටියට දිවුරුම් දීලා අවුරුද්දකට වැඩි කාලයක් කඩුවෙල උසාවියේ වැඩකරගෙන ගියා. දැන්නම් නිතරම යන්න වෙන්නෙ නැහැ.
නිළියක් උසාවි යන එක මොන වගේ අත්දැකීමක්ද?
මම උසාවි යන්න පටන්ගත්තෙ දිගැසි විදිහට ඉන්න කාලෙ. එතැනදි මට නීතිඥවරියක් සහ නිළියක් යන දෙවිදිහටම ප්‍රතිචාර ලැබුණා. ඒක කෙනකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.
අද වනවිට සචින්තනීගේ වෘත්තිය?
එහෙම එකක් කියන්න බැහැ. ගුරුවරියක්, නීතිඥවරියක් සහ රංගන ශිල්පිනියක් යන වෘත්තීන් තුනේම මම නිරත වෙනව. එකකට සීමා නොවී සමබරව මේ තුනම කරගෙන යනව.
මේ අතරින් වැඩිකැමැත්ත?
ඇත්තටම එහෙම විශේෂ එකක් නැහැ. ආසාවෙන් නොකරන කිසිම දෙයක් මම කරන්නෙ නැහැ කියන තැනක තමයි මම ඉන්නෙ.
ක්‍ෂේත්‍රයට පිවිසුනට පවත්වාගෙන යන්න අමාරුයි. සචින්තනී මොනවද ඒ වෙනුවෙන් කරන්නෙ?
එක රැයින් ඕනම කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙනව කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ක්‍ෂේත්‍රයටත් එන කෙනකුට අද ඇවිත් හෙට තරුවක් වෙන්න පුළුවන්. හැබැයි කෙටි මාර්ගවලින් නෙමෙයි, මේක ඉවසීමෙන් පරිස්සමින් යන්න ඕන ගමනක්. දැනුමින්, හැසිරීමෙන් හරියට මේන්ටේන් වෙනව නම් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වගේම ඒක පවත්වාගෙන යන්න පුළුවන් කියලයි මම නම් හිතන්නෙ.
සචින්තනී පොළොවෙ පය ගහල ජීවත්වෙන චරිතයක්ද?
ඔව්, මම ගෙදර ආවම මගේ අම්මට දුව, මගේ නංගිට අක්ක, මගේ යාළුවන්ට යාළුවෙක්, උසාවියට ගියාම නීතිඥවරියක්. තැනට අවශ්‍ය භූමිකාවේ මම ඉන්නව. එහෙම නැතිව මම නිළියක් කියන දෙයින් ඔළුව උදුම්මාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.
ඔබ සෝෂල් මීඩියා තුළ වැඩිය දකින්න නැහැ?
නැත්තෙමත් නැහැ. මම ම තමයි ඒ වැඩටිකත් කරගෙන යන්නෙ. නමුත් අනවශ්‍ය විදිහට සමාජමාධ්‍ය පාවිච්චි කරන්නෙ නැහැ.
සම්මානයක් ගැන සිහිනයක් තියෙනවද?
සම්මානයක් වෙනුවෙන් මම ජනප්‍රියත්වය හඹා යන කෙනෙක් නෙමෙයි. කවද හරි හොඳම කාණ්ඩය වෙනුවෙන් තැනකින් නිර්දේශ වුණොත් ඒක මම ලබපු ජයග්‍රහණයක්වෙයි. ඒ හැර අපි දන්නව සම්මාන උළෙල පවත්වන විදිහ, ඒවායේ වැඩ සිද්ධවෙන විදිහ. ඒවත් එක්ක අනවශ්‍ය විදිහට වියදම් කරල තරුවක් වෙන්න මට ඕන නැහැ. ඒක ව්‍යාජයි. මගට බැස්සාම මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය තමයි මට ලැබෙන ලොකුම ආදරය.
මහේෂ් එදිරිසිංහ
