දිනේෂා රන්දෙනි කියන්නේ පුංචි තිරයේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන සුන්දර අහිංසක රුවක් හිමි රංගන ශිල්පිනියක්. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය වෙන සංගීතේ ටෙලිනාටය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඩොක්ටර් චේතනා තමයි දිනේෂා රන්දෙනි. ‘පිනිපලස’ අද කතාබහ දිනේෂා සමග.
මේ කාලයේ නිර්මාණ කටයුතු මොනවද?
මේ දවස්වල නම් දෙරණ නාළිකාවේ විකාශනය වෙන සංගීතේ ටෙලි නාටයේ වැඩ කටයුතු කරනවා. ඊට අමතරව ෆ්‍රීලාන්ස් වැඩ කරන් යනවා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර...
ප්‍රතිචාර නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඇත්තටම සතුටුයි අද මේ ඉන්න තැනත් එක්ක. නාට්‍යයේ මගේ භූමිකාව ඩොක්ටර් චේතනා නිසා ගොඩක් අය මට කතා කරන්නේ ඩොක්ටර් කියලා. සමහර අය සමහර වෙලාවට කෝල්ස් අරන් එහෙම බෙහෙත් අහනවා පස්සෙ තමා මතක් වෙන්නේ විහිළුවටනේ මේ අහන්නෙ කියලා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
අලුත් ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. එහි මම ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක් වුණ. ඒ ටෙලි නාටය විකාශය වෙනකන් ගොඩක් ආසවෙන් බලන් ඉන්නවා.
චරිතයක් භාර ගන්න කලින් මොනවද මූලිකවම බලන්නේ...
මුලින්ම පිටපත බලලා තමයි මම ඕනෙම වැඩක් භාර ගන්නේ. මොකද මට ගැළපෙන මට කරන්න පුළුවන් චරිතයක්ද කියන එක මම බලනවා. විශේෂම දේ තමා මම ගොඩක් ඇඳුම් ගැන බලනවා. ඒක හැබැයි එකිනෙකා අනුව වෙනස්. මම කැමති සරල චාම් විදිහට.
චරිතවලට සීමාවන් තියෙනවද?
සීමාවන් තියෙනවා. මම පෞද්ගලිකව කරන්න අකැමැති දේවල් තියෙනවා. ඉතින් මම මගෙ සීමාවන් ඉක්මවා වැඩ කරන්නේ නැහැ.
සිනමාවේ අත්දැකීම් ලබන්න අවස්ථාව ලැබුණද?
සිනමාව ගැන නම් මට තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්. හේමාල් රණසිංහ අයියා එක්ක සෙල්ෆි එකකින් තමා අරුණ ජයවර්ධන අයියාගේ මාරියා ෆිල්ම් එකේ අවස්ථාවක් ලැබුණා. තවම ඒ ෆිල්ම් එක ලංකාවේ තිරගත වුණේ නැහැ. මේ වසරේ තිරගත වෙන්න නියමිත සිනමා නිර්මාණයක්.
ආදරේ දකින්නේ කොහොමද?
ආදරේ ඉතින් අපිට හිමිවෙන කෙනා අනුව තමා. ඒ දේ දැනෙන්නේ. හරි සුන්දරයි. ආදරේ වගේම විශ්වාසය, අවංකකම ඒ හා සමාන වුණොත් ඊටත් වඩා සුන්දරයි.
ආදරවන්තියක්ද?
ඔව්, මමත් ආදරවන්තියක්.
ඔහු ගැන කියන්න කැමැතිද?
ඔහු විදේශගත වෙලා ඉන්නේ. දැනට ඒ ඇතිනේ. ඉස්සරහ දවසකදී වැඩි විස්තර කියන්නම්.
නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නේ...
ඇත්තටම ගොඩක් සතුටුයි. මම මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. මට මහේන්ද්‍ර පෙරේරා සර් දුන්න අවවාදය තමා "හෙමින් මේ ගමන් යන්න. අන්න එතකොට තමා මේ කලා ජීවිතේ සුන්දර වෙන්නෙ" කියාලා. ඉතින් මම ඒ අවවාද එක්ක මගේ අම්මා, තාත්තා, අක්කා, මල්ලි එක්ක එයාලගේ ආශිර්වාදයත් සමග මේ ගමන යනවා.
ප්‍රේක්ෂක ආදරේ දැනෙන්නේ කොහොමද?
මම ඒ ආදරේ ලබන්න ගොඩක් ආසයි. මමත් මට ආදරේ කරන ප්‍රේක්ෂක හැමෝටම ගොඩක් ආදරෙයි. ගොඩක් අය කියන්නේ ඔයාගෙ ඔය තියෙන සරල කම, මනුස්සකම හැමදාම තියා ගන්න කියලා.
දිගටම කලාවේ රැඳෙන්නද කැමැත්ත...
ඔව්. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමැති. මම මේ කලා ක්ෂේත්‍රයට ගොඩක් ආදරෙයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
අනාගත බලාපොරොත්තු නම් කීපයක්ම තියෙනවා. දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මගෙ අම්මා තාත්‍තා මාව පුංචි කාලේ ඉඳන් හදා ගන්න ගොඩක් මහන්සි වුණා. ඒ වගේම අක්කා, මල්ලි මට ගොඩක් උදව් කරනවා. මගෙ ලොකුම හීනේ කවදාම හරි සම්මානයක් අරන් අම්මාගෙයි තාත්තාගෙයි අතට දීලා ඒ හීනෙ ඉෂ්ට කරන එක.