කෙසෙල් කැන් කරේ තියන් පාරේ දුවන ඩිනක්ෂි

 


වීදියක් වීදියක් ගානේ සැරිසරණ ඇය ගැන ඔබ මේ වනවිටත් දන්නවා ඇති. නෝරා චරිතය ඉතා විශිෂ්ට ලෙස රඟපාන ඇය වේදිකාව, පුංචි තිරය, සිනමාව ජයගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්. ‘පිරිමි ළමයි’ සමග කොටුවෙලා ඉද්දී අපි ඇයට කතා කළේ ඇගේ අලුත් ආරංචියක් ගැන අහන්නටයි. Sri Lanka Latest News


දිනක්ෂි මේ දවස්වල ‘පිරිමි ළමයි’ කොටු කරගෙන නේද?

ඔව් නේ. නෝරා චරිතයට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ නෝරා ගොඩක් වෙලාවට කරන්නේ කෙසෙල් කැනක් උස්සගෙන දුවන එක තමයි. ඒ දර්ශනවලට ප්‍රේක්ෂකයන්ගේ ලොකු අවධානයක් යොමුවෙලා තියෙනවා.


මෙතෙක් නිරූපණය කළ චරිතවලට වඩා දිනක්ෂිට නෝරා චරිතය ලොකු අභියෝගයක් වෙන්න ඇති?

අනිවාර්යයෙන්ම. මම මෙතෙක් රඟපාපු සියලු චරිත මට අභියෝගයක්. ඒ අතර ‘නෝරා’ ලොකු අභියෝගයක්. මම කොහොමත් මට දැනෙන, මටත් ප්‍රේක්ෂකයන්ටත් දැනෙන අභියෝගාත්මක චරිත කරන්න කැමැතියි. සද්ධා අයියා ඉතා හොඳට පිරිමි ළමයි ටෙලිනාට්‍යය රචනා කරනවා. පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සියලු දෙනාගෙන් ලැබුණු සහායත් සමග තමයි මට මේ විදියට තාත්වික ලෙස රඟපාන්න හැකියාව ලැබුණේ.


පළමු වතාවටද මෙවැනි චරිතයක් රඟපාන්නේ?

ඔව්. නෝරා කියන්නේ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණියක්.


එතකොට ‘චංචලා’?

නෝරා චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි චංචලා කියන්නේ. ‘පාරාදීසේ’ ටෙලිනාට්‍යයේ චංචලා චරිතයට වෙනම ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. මග තොටේදී නෝරාට වගේම චංචලා චරිතයටත් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


සාරංගයි දිනක්ෂියි දෙන්නම කාර්යබහුල වෙනකොට කොහොමද ලයිෆ් එක?

මට වඩා ගොඩක්ම කාර්යබහුල සාරංග. අපි දෙන්නම වෘත්තිය වෙනුවෙන් උපරිම කැපවෙනවා. සතුටින් සියල්ලම සමබරව එකමුතුව කරගෙන යනවා. බබාගේ වැඩකටයුතුවලට සාරංගගෙන් වගේම පවුලේ සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා.


දිනක්ෂියි සාරංගයි අලුත් වැඩකට අතගැහුවා කියලා ආරංචියි. ඒ ගැනත් කියමු බලන්න?

සර්ප්‍රයිස් සර්ප්‍රයිස්… ඒ ගැන දැන්ම කියන්න බැහැ. ළඟඳීම ඒ සර්ප්‍රයිස් එක ප්‍රේක්ෂකයන්ට දැනගන්න පුළුවන්. අපි එතකොට ඒ ගැන කතාකරමු.


දිනක්ෂිගේ ඉදිරි වැඩකටයුතු කොහොමද?

බාරගත්ත වැඩකටයුතු කිහිපයක් තියෙනවා. ඒ වැඩකටයුතු හොඳින් කරන්න තමයි සැලසුම. ඒ වගේම සාරංගගේ සහ දුවගේ වැඩකටයුතුවලටත් උපරිම උදව් කරමින් සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.


වසන්ත විතාරණගේ



Previous Post Next Post