දසුනි නවෝද්‍යා කියන්නේ අවුරුදු කුමරියක ලෙසින් ඇවිත් අද වෙද්දී නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක ලෙස සාර්ථක ගමනක් යන කෙනෙක්. මෙවර රයිගම් සම්මාන උලෙළේ නැඟී එන හොඳම නිළිය ලෙස නිර්දේශ ලබන්නත් ඇය වාසනාවන්ත වුණා. රසඳුන මේ කතාබහ දසුනි නවෝද්‍යා සමඟ.
කොහොමද ජීවිතය?
ගොඩක් හොඳින් සතුටින් ඉන්නවා. විශේෂ දේවල් ගොඩක් ජීවිතේට ලැබුණා. එක පැත්තකින් නෙවෙයි. හැම පැත්තකින්ම ජීවිතයට දේවල් ලැබුණා. මිනිස්සු විදිහට අපි එක එක කාල පහු කරනවා. මටත් එහෙම දුෂ්කර කාල තිබුණා. කොහොම වුණත් ඒ දුෂ්කර කාල හරි ඉවසීමෙන් ගෙවලා මේ කාලේ සතුටින් ඉන්නවා. දැන් කාර්යබහුලයි. කොච්චර කාර්යබහුල වුණත් මම කරන හැම වැඩක්ම කරන්නේ ගොඩක් ආසාවෙන්.
මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?
මගේ නාට්‍ය කිහිපයක් එක දිගටම විකාශය වෙලා අවසන් වුණා. තවම විකාශය වෙන්නේ රොකී නාට්‍යය. ඒ හැරුණම මේ මාසේ ඒ කියන්නේ මාර්තු 3 ඉඳන් අලුත්ම නාට්‍යයක් විකාශය වෙන්න පටන් ගත්තා ස්වාධීන රූපවාහිනී සේවයේ. ඒ තමයි සේයා නාට්‍යය. මම තමයි සේයාට ජීවය දෙන්නේ. ඒ එක්කම තව නාට්‍ය දෙකක් නාළිකා දෙකකින් ළඟදීම විකාශය වෙන්න නියමිතයි. ඒ දේවල් එක්කම තව අලුත් නාට්‍ය දෙකක රූගත කිරීම් සිදු වෙනවා. ඒ නිර්මාණ කවදා විකාශය වෙයිද කියන්න බැහැ. ඔය දේවල් අතරේ නිවේදන කටයුතුත් බැලන්ස් එකේ කරන් යනවා. ඒ එක්කම ඉගෙනීමේ වැඩ කටයුතුත් වෙනවා.
මෙවර රයිගම් සම්මාන උලෙළ ඔබටත් විශේෂයි නේද?
ඔව්. මෙවර පවත්වන 21වෙනි රයිගම් සම්මාන උලෙළ මට ගොඩක් විශේෂයි. ඒකට හේතුව පසුගිය සතියේ රයිගම් සම්මාන උලෙළේ නිර්දේශ සන්ධ්‍යාවේදී මටත් අවස්ථාව ලැබුණා, 2024 වසරේ නැඟී එන හොඳම නිළිය විදියට නිර්දේශයට ලක් වෙන්න. ගොඩක් සතුටුයි. මම වෙන වෙන සම්මාන උලෙළවල් වලට සම්බන්ධ වෙලා නිවේදන කටයුතු කරලා තියෙනවා. නමුත් මම රයිගම් සම්මාන උළෙලකට සම්බන්ධ වුණේ පළමු වතාවට. ඒකත් නිර්දේශ නාම එක්කම සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක්. මාව 2024 වසරේ නැගී එන හොඳම නිළිය විදිහට නිර්දේශයට ලක් වෙන්නේ සිරස නාළිකාවේ විකාශය වුණු ඩිල්ෂාන් පතිරත්න අයියා අධ්‍යක්ෂණය කරපු මි මැස්සා නාට්‍යයේ භාග්‍යාගේ චරිතයට.
සම්මානය ලැබෙයිද?
21වෙනි රයිගම් සම්මාන උලෙළ තියෙන්නේ මාර්තු 29. අපි එදාට බලමු. හැබැයි මම මෙහෙම නිර්දේශ වීමම මම මගේ ජීවිතේ ලබපු ලොකු ජයග්‍රහණයක්. නිර්දේශ වීමම මට ලැබුණු ලොකු සම්මානයක්.
භාග්‍යා චරිතෙට පණ පොවන කාලේ හිතුවද මේ තරම් දුරක් ඒවි කියලා?
එහෙම සම්මාන බලාගෙන කරපු චරිතයක් නෙවෙයි. හැබැයි මම මට පුළුවන් උපරිමයෙන් ඒ චරිතය කළා කියන විශ්වාසය තියෙනවා. ක්ෂේත්‍රයේ අයගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් මට ලැබුණු ප්‍රතිචාර එක්ක මම සාර්ථකයි කියන එක මට දැනුණා. මම මගේ ජීවිතේ ඕනෙම වැඩක් අවංකව කරන කෙනෙක්. මම විශ්වාස කරන දෙයක් තමයි අපි වැඩේට අවංක නම් ආපිට වැඩෙනුත් අපිට අවංක වෙනවා කියන එක. මීමැස්සා එකේ භාග්‍යා විතරක් නෙවෙයි මට ලැබුණු හැම චරිතයක්ම මගේ උපරිමයෙන් කළා. අලුත් වෙනස්කම් කරන්න උත්සාහ කරනවා. මම තාම රංගනය ගැන ඉගෙන ගනිමින් ඉන්නේ. තාම ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. මතක් කරලා ස්තුතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝරා ගත්තු නාට්‍යයේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් පතිරත්න අයියාට සහ අපේ නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ ඇඩම්ස් අයියාට. ඩිල්ෂාන් අයියා වගේම ඇඩම්ස් අයියා මට ලොකු සහයෝගයක් දුන්නා දසුනිගෙන් භාග්‍යා වෙන් කර ගන්න. ඒවගේම නිෂ්පාදකවරු සහ මගේ සහෝදර රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම කෘ එක සහ සිරස නාළිකාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ.
දසුනිව වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට අරන් ගිය නිර්මාණය මොකක්ද?
මම හිතන්නේ මාව ප්‍රේක්ෂකයින් අතරට ගියේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ සර්කස්කාරයෝ නාට්‍යය හරහා. එතැනදී සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාවත් ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ. සර්කස්කාරයෝහි අනුකි කියන චරිතය හරහා මම ප්‍රේක්ෂකයින් අතරට ගියේ. ප්‍රේකෂකයින්ගෙන් බැනුම් ඇහුවා. එතැනින් පස්සේ මට විවිධ චරිත ලැබුණා. ඊට පස්සේ භාග්‍යා. දැන් නම් හැමෝම අහන්නේ මේ සියාරා නේද කියලා. සියාරා කියන්නේ රොකී ටෙලි නාට්‍යයේ මගේ චරිතය. මම හිතනවා සේයාත් ඒ වගේම ප්‍රේක්ෂකයින් අතරට යයි කියලා.
නිවේදිකාවක් ලෙසත් ඔබ කටයුතු කරනවනේ, ඒ අත්දැකීම ගැනත් කියමු?
අවුරුදු කුමරියක් විදිහට ඇවිල්ල මම අවුරුදු දෙකක් විතර කරන්නේ නිවේදන කටයුතු විතරයි. රඟපෑම්වලට ආරාධනා ලැබුණත් මුල් කාලයේ මම භාර ගත්තේ නැහැ. මම හිටියේ රඟපාන්නේ නැහැ කියන තැන. හැබැයි මම තාමත් නිවේදන කටයුතු කරනවා. එක මම කවදාවත් නවත්තන්නේ නැහැ. ITN නාළිකාවට මම හැමදාම ස්තුතිවන්ත වෙනවා මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නාට.
දැන් වැඩියෙම කැමති නිවේදනයට ද රංගනයට ද?
මෙහෙමයි. මම ආවේ නිවේදිකාවක් විදිහට. දැන් මම රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා. මට නම් කවදාවත් දෙකෙන් එකක් තෝරා ගන්න බැහැ. ඒ නිසා මම නිවේදනය සහ රංගනය කියන දෙඅංශයම බැලන්ස් එකේ කරගෙන යනවා. නිවේදනයට සහ රංගනයට මම ආදරෙයි.
එදා අවුරුදු කුමරි තරගෙට එද්දි හිතුවද ජීවිතය මේ තරම් වෙනස් වෙයි කියලා?
අනේ නැහැ. මම කවදාවත් හිතුවේ නැහැ මේ තරම් දුරක් එන්න. දක්ෂතාව කැපවීම සහ මහන්සිය නිසා මේ හැමදේම ලැබුණු දෙයක්. මම හැමදාම මගේ අම්මට තාත්තට පින් දෙනවා. ඒ දෙන්නා නිසයි මට මේ හැමදේම ලැබුණේ. ඒ එක්කම මම හැමවෙලේම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඒ එක්කම මම විශ්වාස කරන තව දෙයක් තමයි, තමන් තමන්ව විශ්වාස කරන්න ඕනේ කියන එක. මගේ ගැන විශ්වාසය හැමදාම තියෙනවා. මම කවදාවත් ජනප්‍රියත්වය පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි. මෙතරම් දුර ආවෙත් හෙමින් ගමනක් එක්ක. ලැබෙන දේ සතුටින් භාරගෙන ඒ දේට උපරිමයෙන් කැපවෙනවා.
සිනමාවෙන් ඇරියුම් ලැබුණාද?
2025 මට සුවිශේෂී අවුරුද්දක්. මගේ පළමු සිනමා නිර්මාණයේ වැඩ කටයුතු පසුගිය දිනෙක අවසන් වුණා. වෛද්‍ය කපිල සූරියආරච්චි මහතාගේ ඊළඟ දැවැන්ත සිනමා නිර්මාණයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්ක මටත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ අවුරුද්දේ හෝ ලබන වසරේ දී චිත්‍රපටය දැක ගන්න ලැබෙයි.
මේ වෙද්දි සැබෑ ජීවිතයේ ආදරවන්තියක් ද?
මම විශ්වාස කරනවා මගේ උරුමක්කාරයා හරි වෙලාවට හරි විදිහට ලස්සනට මාව හොයාගෙන එයි. ඒ එනකම් මම බලන් ඉන්නවා. ක්ෂේත්‍රයේ හෝ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් වුණත් මට අවංකවම ආදරේ නම් මමත් ආදරේ කරයි. එ් කොහොම වුණත් දැන්මම නම් විවාහ ජීවිතයකට යන්න සූදානමක් නැහැ.