දේවින්ද වික්‍රමසිංහ කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ හිරු නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන පාට කුරුල්ලෝ හි ලොකු බ්‍රදර් ලෙසින්. ඇහැල මල් පිපිලා පිට කහනවා, වැනි ලොකු බ්‍රදර්ගේ මුවින් පිටවෙන වචන නිසා තමයි මේ තරම් කතා බහක් ඇතිව තිබෙන්නේ.
ඇහැල මල් පිපිලා පිට කහනවා.. ලොකු බ්‍රදර්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතා හොඳ ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. සතුට කියන්නෙ ලොකු කුඩා වයස් භේදයකින් තොරව ලොකු බ්‍රදර්ට ආදරණීය ප්‍රතිචාර ලැබෙන නිසා. ඒක ටිකක් විශේෂයි. අනික විදේශ රටවලින් ලැබෙන ප්‍රතිචාරත් ගොඩක් ඉහළයි. ගොඩක් දෙනෙක් මගේ ඇත්ත නම දන්නෙ නෑ. එක්කෝ අංජන කියනවා. නැත්නං ලොකු බ්‍රදර් කියනවා. ඉතිං ඒ ප්‍රේක්ෂක ආදරය එක්ක වැඩකරගෙන යනවා.
මේ චරිතයට කතා කරද්දි හිතුවද මේ තරම් කතා බහක් ඇති වෙයි කියලා?
ඇත්තටම නෑ. විශේෂම දේ තමා ලොකු බ්‍රදර් සාර්ථක වෙන්න තුන්දෙනෙක්ගෙ නිර්මාණාත්මක මැදිහත්වීම බලපෑවා. මට චරිතයට ආරාධනා කළේ පාට කුරුල්ලෝ නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා. ඔහු නැත්නං ලොකු බ්‍රදර් කෙනෙක් නෑ. චාමර අයියා සම්පූර්ණ විශ්වාසය මම ගැන තියලා කතා කරපු චරිතයක් මේක. චාමර අයියට නිෂ්පාදකවරයෙක්ට එහා ගිය කාස්ටිං ඇහැක් සහ රහක් තිෙයන නිර්මාණකරුවෙක්. අනෙකුත් චරිතවල රඟපැම් දැක්කමත් හිතෙනවා ඒ නළුවා තමා හරියටම ඒ චරිතෙට හරියන්නේ වෙන ආදේශක නෑ කියලා. ඉතින් මාව තෝරා ගැනීමේ ගෞරවය චාමර අයියට හිමි වෙන්න ඕන. පාට කුරුල්ලෝ නියමුවා අධ්‍යයක්ෂක ජයප්‍රකාෂ් සිවගුරුනාදන්. ලොකු බ්‍රදර්ව මවන වැඩේ ශිවා අයියා ඉතා සියුම් විදියට කරනවා. නළුවෙක් විදියට හිතෙන්නෙ නැති තැන් ඔහු සූක්ෂ්මව ලොකු බ්‍රදර්ගෙ රංගනයට මතු කර ගන්නවා. ශිවා අයියා කියන්නෙ හාස්‍ය රංගන අධ්‍යක්ෂණ කාර්යයන්වල ලෙජන්ඩ් කෙනෙක්. මම ඔහුගෙ නෝනාවරුනි මහත්වරුනි, එතුමා, වැනි ලංකාවේ කමඩි ක්ලැසික් පැත්තට හරවපු ටෙලි නාට්‍යවල රසිකයෙක්. ඒ වගේම කිං හන්තර් සහ දැන් තිරගත වෙන කාසි වාසි චිත්‍රපට බැලුවමත් ශිවා අයියගේ හාස්‍ය ශානරයේ අධ්‍යක්ෂණය විශේෂ බව පෙන්වනවා. ඉතිං ලොකු බ්‍රදර්ගෙ චරිතයත් හාස්‍ය හැරීම් වල චරිතාංග මෙහෙයවන්නා ශිවා අයියා. මගේ චරිතය සාර්ථකත්වයට ශිවා අයියගේ අධ්‍යක්ෂණ කාර්යය අතිමහත්. අනෙක තමා පාට කුරුල්ලෝ නාට්‍යයේ රචක බුද්ධික සේමසිංහ. ඔහු තමා අංජන ලොකු බ්‍රදර්ගෙ රචනයේ මැවුම්කරු. පුදුම රහකට ඔහු ලොකු බ්‍රදර්ගෙ චරිතය ලියනවා. අනෙක තමා ලොකු බ්‍රදර්ගෙ භාෂා විලාසය විශේෂ එකක්. ඉංග්‍රීසි සිංහල මිශ්‍ර වෙච්ච අපුරූ සිංග්‍රිලිෂ් භාෂාවක් ලොකු බ්‍රදර් කතා කරන්නේ. බුද්ධිකගේ දෙබස් රචන හැකියාව විශිෂ්ටයි. බුද්ධික ඉතාම රංගපරම විදියට ලොකු බ්‍රදර්ව ලියනවා. මට හිතෙන්නේ බුද්ධික එහෙම ලියනවා ඇත්තේ රචකයා ඇතුළේ නළුවෙකුත් ඉන්න නිසා වෙන්න ඕන. පිටපත අතට ආපු ගමන් මම මගේ චරිතය කියවලා හිනා වෙන අවස්ථා තිෙයනවා. මුලින් චරිතය මට රසවිඳින්න පුළුවන්නම්, මට ෆීල් වෙනවනම් ඒක අනිවාර්යයෙන් ප්‍රේක්ෂකයාට රසවින්දනයක් ගෙන දෙනවා. මේ තුන්දෙනාගේ මැවුම්කරුවෙක් විදියට තමා ලොකු බ්‍රදර් සාර්ථක වෙන්නේ..
චරිතයක් තෝරා ගනිද්දි වැඩියෙන්ම සලකා බලන්නේ මෙනවාද?
මට නිර්මාණාත්මක සීමා නෑ. නළුවෙක් විදියට මට දැනෙන මාව වෙනස් කර ගන්න පුළුවන් කියලා හිතන සහ මට අභියෝගයක් කියලා දැනෙන චරිත මම කරන්න කැමතියි. නිර්මාණයෙන් ඉල්ලන දෙයක් වේනම් සීමා තහංචි ස්වරයං වාරණ නැතුව මම රංගන ශිල්පියෙක් විදියට ඒ දේ කරනවා. හැබැයි මම චරිතයක් කරන්න භාර ගත්තම අසීමිතව ඒ ගැන හිතනවා වගේම, චරිතය ගොඩ නාගා ගන්න විදිය ගැන සහ නළුවෙක් විදියට මගෙන් මොනවාද එකතු වෙන්න ඕන දේවල් ගැනත් මම ගැඹුරට හිතනවා. මම රඟපාන හැම චරිතයක්ම බිංදුවේ ඉඳලා තමා පටන් ගන්නේ. මම කැමති රඟපාන චරිත හාත්පසින්ම එකකට එකක් සම්පූර්ණ ලොකු වෙනසක් කරලා රඟපාන්න. උදාහරණයක් විදියට නාඩගම්කාරයෝ නාට්‍යයේ ජයන්ත සහ පාට කුරුල්ලෝ ලොකු බ්‍රදර් කියන්නෙ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ඒ නිසා අධ්‍යයක්ෂවරයාට වගේම රචකයාටත් මම පොඩි සොඳුරු වදයක් දෙනවා චරිතයක් රඟපාන්න ගියාම.
පුංචි තිරයෙන් සිනමාවටත් අවස්ථාවක් ලැබිලා තිෙයනවා නේද? ඒ ගැනත් කියමු?
ඔව්. සන්දෙෂ් බණ්ඩාරගේ “අමීගෝ” කියන චිත්‍රපටයට ආරාධනාවක් ලැබුණා. වෙනස්ම චරිතයක් නිසා ආසාවෙන් ඒ ආරාධනාව භාර ගත්තා. ඒවගේම තව චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තිෙයනවා ඉදිරියේදි විස්තර කියන්නම්.
මේ කාලයේ වේදිකාවේ ජිවිතය කොහොමද?
වේදිකාව තමා ජිවිතේ. පහුගිය කාලයේම මගේ වේිදිකා නාට්‍ය නිර්මාණය “මම අඩකුඹයි” නාට්‍ය එක්ක ගත කළේ. ඉන්දියාවෙ නාට්‍ය උලළෙකට අපට සහභාගි වෙලා සම්මාන දිනා ගන්න ලැබුණා. මගේ නාට්‍ය කෘතිය පාඨකගත කරන අවස්ථාවේ මගේ නාට්‍ය දිත්වයත් පහුගිය කාලයේ වේදිකාගත කෙරුණා. ඊට අමතරව පහුගිය කාලයේ ආචාර්ය ජයලත් මනෝරත්නගේ “සෙල්ලම් නිරිඳු” රාජිත දිසානායකගේ “සිරිවර්ධන පවුල” “මට වෙඩි තියන් නැද්ද” චාමික හත්ලහවත්තගේ “මකරට” වැනි වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඉදිරියෙදි අලුත්ම වේදිකා නාට්‍යය නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම, වේදිකා නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබී තියෙනවා.
ආදරේට ඉඩක් නැද්ද?
ආදරේට ඉඩක් තිෙයනවා. ඉඩ ගන්න තාම කෙනෙක් හම්බ වුණේ නෑ. ඒ ඉඩ කාලයට ඉඩ දිලා වැඩ කරගෙන යනවා.
දේවින්ද මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
මාව ඉවසන්න පුළුවන් කෙනෙක් හමුවෙනවා නම් හොඳයි. මම යෙදිලා ඉන්න වෘත්තියෙ තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනනේ.
අනාගත බලාපොරොත්තු මොනාද?
සුපුරුදු පරිදි පාට කුරුල්ලෝ රූගත කිරීමවලට සහභාගි වෙනවා. ඒ වගෙ පාට කුරුල්ලෝ නාට්‍යය රචක බුද්ධික සේමසිංහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන අලුත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. තව ටෙලි නාට්‍ය කිහිපකයට ආරාධනා ලැබිලා තිෙයනවා. රැකියාවත් එක්ක කරන නිසා තෝරා බේරාගෙන නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. හොඳ නිර්මාණයක් කරන්න තමා බලාපොරොත්තුව හැමවිටම. මගේ පශ්චාද් උපාධිය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අනුෂා රණසිංහ