ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස. පසුව හංකිති දහතුන වේදිකා නාට්‍යය ඔස්සේ රසික හදවත් අමන්දානන්දනයට පත් කරන මෙම අපූරු සුරූපිනිය පැණි මකුළුවෝ, ඝරසර්ප, මංගල තෑග්ග 2, පෝරිසාදයා වැනි නිර්මාණයන් තුළින්ද ප්‍රේක්ෂක හදවතට තට්ටු කරන්නීය. මේ දිනවල දිවයින පුරා නුදුරු දිනකදී තිරගත වීමට නියමිත ‘‘අයිස්ක්‍රීම්’’ චිත්‍රපටය හරහා ඔබේ නෙත් මානයට එන ඇය නමින් අයිශාරා අතුකෝරළයි. අද පිනිපලස කතා නිමිත්තද ඇයයි.
කොහොමද අයිශාරා ජීවිතේ
මේ දවස්වල බොහොම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එයට හේතුව කිව්වොත් ටික කාලෙකට පසුවයි මම ලංකාවට ආවේ. ඒ ආවෙත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘‘සැඟවුණු නගරය’’ කියන අලුත් චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙන්න. එහි ෂූටින් තිබුණේ අනුරාධපුරයේ. ඒ අතරතුර තමයි අයිස්ක්‍රීම් චිත්‍රපටය තිරගත වෙනවා කියලා ප්‍රදීප් අයියා කිව්වේ.
කොහොමද අයිස්ක්‍රීම් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ?
ආරාධනාවනම් ප්‍රදීප් ධර්මදාස සහෝදරයගෙන්ම තමයි ලැබුණේ. මගේ පළමු චිත්‍රපටය පැණි මකුළුවෝ. එහි රූගත කිරීම් යන අතරතුරම තමයි මේ සඳහාත් ආරාධනාව ලැබුණේ. ප්‍රදීප් අයියා අලුත් පෙනුමක් සමග මොඩ්ල් ලුක් එකක් තියන කෙනෙක්ව තමයි අයිස්ක්‍රීම් චිත්‍රපටයට හොයලා තිබුණේ. ඉතින් කිහිප දෙනෙක්ම ප්‍රදීප් අයියට මාව රෙකමන්ඩ් කරලා තිබුණා. ඉතින් ඔහුව මුණ ගැහෙන්න එන්න කියලා තිබුණා. එදා මම යන දවසේ මුළු ටීම් එකම එතන හිටියා. ඒ මොහොතේ චිත්‍රපටයේ පිරිස දැකලා ගොඩක් සතුටු හිතුණා. මොකද එහි ගොඩක්ම හිටියෙ ප්‍රවීණ රංගන ශිල්පීන්.
ඔබ කලාවට ආගන්තුක තැනැත්තියක් නම් නොවෙයි?
මගේ පළමු චිත්‍රපටය පැණි මකුළුවෝ. එහි මම රඟපෑවේ සනත් ගුණතිලක මහත්මයා සහ දිනෙත් ද සිල්වා සමග. අයිස්ක්‍රීම් සඳහාත් ආරාධනාව ලැබෙන්නේ ඔය කාල වකවානුවේ. ඔය අතරතුර ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘‘හංකිති 13’’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. එහි මට රඟපාන්න තිබුණේ ජයලාල් රෝහණ, වසන්ත විට්ටච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු ආදී ප්‍රවීණයන් සමග. අපි මාස අටක් පමණ පුහුණු වීම් සිදුකර වසර ගණනාවක් එය රට වටේම වේදිකා තුළ ප්‍රදර්ශනය කළා.
කලාවට පිවිසෙනවට ගෙදරින් අකැමැත්තක් තිබුණෙ නැද්ද?
මගේ දෙමාපියන්ට ගොඩක්ම ඕන වුණේ මාව අධ්‍යාපනය පැත්තට යොමු කරන්න. කලාවට එයාලගෙ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. මගෙත් කලාවට එන්න මුලින්ම අදහසක් තිබුණේ නැහැ. මම පාසලෙන් ඉවත් වෙලා ඉගෙන ගත්තේ Law (නීතිය). මම ෆැෂන් පිළිබඳවත් ඉගෙනගෙන නැහැ. මම law college එකේ ඉගෙන ගන්න කාලයේ අහම්බෙන් තමයි මොඩ්ලින්වලට එක්කාසු වෙන්නේ. ඊට පස්සෙ ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතු සඳහා ආරාධනා ලැබුණා. ඉතින් law college එකේ වැඩ අතරමග නැවතුණා. කලාවේ වැඩකටයුතු දිගටම සිදුවුණා. දැන් මම නැවත Law college එකේ නතරවුණු අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කළා.
මවක් විධියට නිර්මාණයන් තෝරා බේරා ගැනීමේදි සැලකිලිමත්ද?
මම ඕන දෙයක් කරනවා කිව්වට හිතින් හදාගත්තු වාරණ ඕනෑම කෙනෙකුට තිබෙනවා. මගෙ හස්බන් මට වාරණ දාලා නැහැ. මැරි කළාට පස්සේ මට නිදහස තවත් වැඩිවුණා. ඔහු හොඳ තේරුම් ගැනීමක් තිබෙන පුද්ගලයෙක්. ඔහුත් කලාවට කැමැතියි. නමුත් මම නිර්මාණය මොන වගේද කියලා බලනවා. මම බලන්නේ නිර්මාණය තුළින් සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන්ද කියලයි. ඒ වගේම අධ්‍යක්ෂවරයා කවුද කියලත් මම විශේෂයෙන්ම බලනවා.
විදේශයෙන් රංගනය සඳහා ආරාධනා නැද්ද?
ආරාධනා ලැබුණත් මම ඒ ආරාධනාවලට ලොකු අවධානය යොමු කළේ නැහැ.මම ආස ලංකාවේ ජීවත් වෙන්න. ඒ වගේම මගෙ ළමයිනුත් ආසයි ලංකාවේ ඉන්න. ලංකාවේ ඉක්මනට පදිංචියට එන්නත් ප්ලෑන් කරගෙන ඉන්නේ. මට අවශ්‍ය වෙන්නේ මගේ පවුල එක්ක කාලය ගත කිරීම සහ අනාගතයේ මගේ වෘත්තීය නීතිඥ වෘත්තියටත් වැඩි අවධානයක් ලබා දෙන්න.
මවක් විධියට දරුවන්ගෙ අනාගතය තනන්න දරන වෑයම කොහොමද?
දුවලා දෙන්නා මට ගොඩක් සමීපයි. අපි යහළුවෝ වගේ. ඉදිරි අනාගතයේදී ඔවුන්ගේ යහපත වෙනුවෙන් එයාලට කැමැති දෙයක් කරන්න පුළුවන්. මගෙන් කිසිම බලකිරීමක් නැහැ. පොඩි ගයිඩ් එකක් විතරයි මම දෙන්න ඕන. පොඩි දුවට දැන් අවුරුදු හයයි. එයා ටිකක් ලොකු නිසා නැවත වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් මට තිබෙනවා.
ඔය අතරතුර ටෙලිනාට්‍යයවලට ආරාධනා ලැබුණෙ නැද්ද?
ලංකාවේ හිටපු නැති නිසා ලැබුණ ආරාධනා භාර ගන්න බැරි වුණා. මොකද ටෙලිනාට්‍යයන් එක දිගට ෂූට් කරන නිසා. චිත්‍රපට නම් ඇවිත් කරලා යන්න පුළුවන් නිසා චිත්‍රපට පමණක් භාර ගත්තා. ඉදිරියේදි දිගටම ලංකාවේ ඉන්න නිසා හොඳ නිර්මාණයන් ලැබුණොත් භාර ගන්නවා. ඒ වගේම කොවිඩ් කාලේ ට්‍රැවල් කරන්න බැරි වුණු නිසා චිත්‍රපට කිහිපයක්ම මග හැරුණා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ආරාධනයක් වුණු උදුම්බරා ෆිල්ම් එකත් මට මිස් වුණා. මොකද ඒ කාල සීමාවේ මම ප්‍රෙග්නන්ට් වෙලයි හිටියේ ..ඒක ඇත්ලටික් කැරැක්ට එකක් නිසා ඉතිං රිස්ක් එකක් ගත්තෙ නැහැ.... ඒක ගැනනං දුකයි.