මීට දශක දෙකකට කලින් ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයෙන් තම සිනමා රංගනය ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ ප්‍රවීණ රංගන ශිල්පිනී චතුරිකා පීරිස් ගැන අලුත් තොරතුරක් දැනගන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. Sri Lanka Latest News
චතුරිකා හිරිපොද වැස්සේ ආයෙත් තෙමෙන්න සූදානම් වෙනවා කියලා ආරංචියි….?
ඔව්, මේ දවස්වල අපේ කණ්ඩායම එකතුවෙලා එහෙම කතාබහක නිරත වෙලා ඉන්නවා. ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටයක්. අවුරුදු විස්සකට පස්සේ නැවත හිරිපොද වැස්ස චිත්‍රපටයේ කණ්ඩායම සමග වැඩ කරන්න ලැබීම සතුටක්. හිරිපොද වැස්ස චිත්‍රපටයේ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය ඇතුළු චිත්‍රපටයේ ශිල්පීන් මේ දවස්වල ඒ ගැන සාකච්ඡා කරමින් යනවා.
සෑහෙන කාලෙකින් ටෙලිනාට්‍යයකින් හෝ ඔබව දකින්න ලැබුණේ නැහැ?
ඔව්. ‘ළංවී’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. ටෙලිනාට්‍ය, චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. ඒත් මට සෑහීමකට පත්වෙන්න තරම් හොඳ චරිතයක් ඒ අතර නැති බව ඒ තිර පිටපත් බලද්දී තේරුණා.
සෑහීමකට කියලා කිව්වේ?
ඇත්තටම කරන චරිතයට ලෝභ ගතියක් ඇතිවෙන්න ඕනේ මට. ඒ වගේ හොඳ චරිතකයක් කරන්න තමයි මම ගොඩක් කැමැති. අවුරුද්දට එකක් හරි මට වගේම ප්‍රේක්ෂකයන්ටත් දැනෙන හොඳ වැඩක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම සම්බන්ධ වෙනවා. නමුත් දැන් තියෙන ගොඩක් නිර්මාණ ඒකාකාරීයි.
ඒ කියන්නේ ‘වෙද හාමිනේ’ වගේ ගුණාත්මක නිර්මාණද?
අන්න හරි. වෙද හාමිනේ, ඉරට හඬන මල්, ගජමන් පුවත වගේ විශිෂ්ට නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන් ආසාවෙන් රසවිඳිනවා. ඒ චරිත සඳහා ශ්‍රියානි අමරසේන, වසන්ති චතුරාණි ඉතා විශිෂ්ට ලෙස රඟපෑවා. ප්‍රේක්ෂකයන් ඒ චරිත ආදරෙන් වැලඳගත්තා. මමත් පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු නිර්මාණ තමයි ඒවා.
ඔබ ඒ කාලේ රඟපෑ විවිධ චරිතත් ප්‍රේක්ෂකයන්ට අදටත් මතකයි නේද?
ඔව්. ඒ ගැන මටත් සතුටුයි. සූරිය දරුවෝ ටෙලිනාට්‍යයේ ‘විවේකා’, සේපාලිකා ටෙලිනාට්‍යයේ ‘සේපාලිකා’, ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටයේ ‘චාපා’ වගේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට මම ආවා. මග තොටේදිත් අහනවා දැන් රඟපාන්නේ නැද්ද කියලා. කලින් කියපු දේම තමයි මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ. ආදරයට මම ගොඩක් ආදරෙයි. හොඳ නිර්මාණ තුළින් මගේ දක්ෂතාව පෙන්වන්න කැමැතියි.
නිවේදිකාවක් විදියට ගෙවපු ජීවිතය සුන්දර ඇති?
අනිවාර්යයෙන්ම. මගේ තාත්තා ගොඩක් කැමැති වුණේ මම නිවේදිකාවක් වෙනවට. මගේ සහෝදරිය තවමත් නිවේදන කටයුතු කරනවා. අවුරුද්දක් විතර ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩකටයුතු කළා.
දුවගේ කටයුතු නිසා චතුරිකා කර්යබහුල වෙලා ඇති?
ගයාන්ගේ සහ මගේ ප්‍රධානම අරමුණ දුවගේ අනාගතය ලස්සන කරන එක. මම ඉතින් දුවගේ කටයුතු වෙනුවෙන් තමයි වැඩිපුරම කාලය වෙන්කරන්නේ. දුව දැන් පාසල් යන වසසේ. මම වැඩිය රඟපාන්නේ නැති වුණාට ගයාන් නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒ දෙන්නගෙම වැඩකටයුතුවලට මම උපරිම සහාය දෙමින් අපි සතුටින් කාලය ගතකරනවා.
වසන්ත විතාරණගේ