අසංක සායක්කාරගේ සින්ටෝ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට මේ දෙන්නව අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕනෑ නැහැ කියලයි අපිට හිතෙන්නේ. මොකද සින්ටෝ බලන හැමෝම දන්නවා සිතාරා – නන්දේගේ කතාව. ඔන්න මේ දවස්වල සිතාරා නන්දේගේ වෙඩින් ෆොටෝ ෂූට් එකක් සෝෂල් මීඩියාවල වයිරල් වෙනවා. වයිරල් වෙන වෙඩින් ෂූට් එක ගැන අපි සිතාරා ලෙසින් ඔබ හමුවට එන තිළිණි ජයමාලිගෙන් ඒ ගැන විමසුවා.
එහෙනම්, නන්දේ සිතාරාව බැන්දා?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ නන්දේ සිතාරාව බැන්දා කියලා. නන්දේ සිතාරා බැන්දෙත් නැහැ. නන්දේ ජයමාලි බැන්දෙත් නැහැ. ඒක ෆොටෝ ෂූට් එකක් විතරයි.
හැබැයි ගොඩක් දෙනෙක් හිතුවේ තිළිණි සහ නන්දේ කසාද බැඳලා කියලයි?
නැහැ නැහැ. අපි දන්න හඳුනන අක්කා කෙනෙක් වන සැලෝන් තනුගී කියන සැලෝන් එකේ අක්ක අපි දෙන්නාගෙන් කතා කරලා ඇහැව්වා ෂූට් එකක් කරමුද කියලා. ඒකට තමයි අන්තිමේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණේ.
සින්ටෝ නන්දේ සිතාරා කසාද බැන්දාද?
කවුද ෂූට් එක කළේ?
Salon Thanugee piliyandala, Photography yasantha Samarasekara, Groom outfit -pubudu tailors, Bride sareenuwan kahapolarachchi, Groom hair- The YK hair
ක්‍ෂේත්‍රයේ අය කසාද බැන්දා කියලත් සුභපැතුවා නේද?
ක්‍ෂේත්‍රයේ අයටත් වඩා අපේ යාළුවෝ තමයි කතා කරලා ඇහැව්වේ නොකියාම බැන්දාද කියලා. ඇත්තටම ඒක ෂූට් එකක්.
සින්ටෝ නන්දේ සිතාරා කසාද බැන්දාද?
ගෙදරින් කතා කරලා ඇහැව්වේ නැතිද කසාද බැන්දද කියලා ?
ගෙදරිනුත් පුදුම වුණා ෂූට් එකට. අපි ෂූට් එකක් කරනවා කියලා ගෙදරට කියලා තිබුණෙත් නැහැ. නමුත් අපි ෂූට් එක කරන දවසේ වීඩියෝ කෝල් එකක් අපි දෙන්නාම ගත්තා. එයාල එතකොට පුදුම වුණා. අපිටත් නොකියා බැන්දද?. මොකක්ද ඔය කරන්නේ කියලත් ඇහැව්වා. අන්තිමේ අපි දෙන්නම කිව්වා නෑ මේක ෂූට් එකක් කියලා.
ඇත්තටම බඳින දිනය තවම තීරණය කරලා නැතිද?
තවම අපි තීරණය කරලා නැහැ. ඒකත් කොයි වෙලාවක හරි සිද්ධ වේවි. ඉස්සරවෙලා අපි පොඩ්ඩක් ස්ථාවර වෙලා ඉන්න එපායැ. අනික ආර්ට් එකත් එක්ක කරන ගනුදෙනුවත් ස්ථාවර වෙන්න එපායැ.
සින්ටෝ නන්දේ සිතාරා කසාද බැන්දාද?
සින්ටොහි නන්දේ – සිතාරා ආදර කතාවට මොකද වෙන්නේ ?
ආදරේට හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. මොකද ඒ ආදරේ බොරුවක් විදිහටනේ බාහිරට පෙනෙන්නේ. ඉතිං ඒක සම්බන්ධයෙන් ගොඩක් මිනිස්සු සතුටින් කතා කරන්නේ නැහැ. ගොඩක් ප්‍රතිචාරවල වෙනස් වෙනස් කතා තමයි තියෙන්නේ. සින්ටො කතාවේ නන්දේ – සිතාරා ආදර කතාවට කැමැති එක්කෙනක්වත් නැතිතරම්.
ඒ වුණාට ෆොටෝ ෂූට් එක හිතපු නැති විදිහට වෛරල් වුණා?
අපි බලාපොරොත්තු වුණා හොඳ ප්‍රතිචාරයක් ලැබෙන ෆොටෝ ෂූට් එකක් කරන්න. අපි බලාපොරොත්තු වුණ විදිහට ප්‍රතිචාර ලැබීම පිළිබඳව සතුටුවෙනවා.
දමින්දගේ වැඩකටයුතු එහෙම කොහොමද?
දමින්දත් සුපුරුදු පරිදි නාට්‍ය ටික කරගෙන එයාගේ ක්ලාස් එකේ වැඩ කරගෙන ආර්ට් එකත් එක්ක තමයි ඉන්නේ.
පසුගිය දවස්වල අලුත් නාට්‍යයක් කළා නේද?
ඔව්. ඒකෙ රචනය සහ අධ්‍යක්ෂණය දමින්දගේ. ‘යන්න ළඟයි’ තමයි නාට්‍යයේ නම. අපි සාර්ථක දර්ශනයක් පැවැත්වූවා කියලා විශ්වාස කරනවා. ඉදිරියේදීත් තව දර්ශන කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක අපි කට්ටියම එකතුවෙලා කරපු අත්හදාබැලීමක්. අපේ ටීම් එකම දමින්දට ලොකු සහයෝගයක් ලබාදුන්නා.
මේ ආපු ගමන ගැන ඇත්තටම මොකද හිතෙන්නේ ?
මේ ගමන මම හරි හිමින් ආපු ගමනක් කියලා හිතනවා. මම කලබල නැතිව ආපු ගමනක්. මේ යන විදිහට ඒ ගැන මට සතුටුයි. තව හීන, බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මට කරගන්න බැරිවෙච්ච. නමුත් මම හිතනවා මම මේ හෙමින්යන ගමනත් එක්ක මට ඒවත් කොයි වෙලාවක හරි ඉෂ්ට කරගන්න පුළුවන් වේවි කියලා.
ඔබට ලැබෙන චරිත ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?
එක මොහොතක මට හිතෙනවා මට ඒකාකාරී චරිත ලැබෙනවා කියලා. ඒකාකාරීවගේ චරිත ලක්ෂණ තියෙන චරිත මට ලැබුණත් එකම කොලිටීස් තියෙන චරිතත් වෙනස් විදිහට කොහොමද රඟපාන්නේ කියලා මම පෞද්ගලිකව හිතලා වෙනස් කරගන්න උත්සාහ කරගන්නවා. සමහර වෙලාවට ඒවා අසාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් මම උත්සාහ කරනවා. මම චරිත වෙනස් විදිහට ඉදිරිපත් කරනවා කියලා හිතනවා.
ඔබව වැඩිපුර වේදිකාවෙන් තමයි දකින්න ලැබෙන්නේ ?
මේ දවස්වල හිතපු නැති විදිහට වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබෙන මොහොතක්. මම ආසයි වේදිකා නාට්‍යවලට. නමුත් ඒ හැම නාට්‍යයක්ම භාරගත්තොත් හැමදෙයක්ම සමබරව පවත්වාගෙන
යන්න අමාරුයි කියලා හිතෙන හින්දා මට හොඳයි කියලා හිතෙන නාට්‍යයක් තෝරාගන්නවා.
ඔබ වැඩිපුර කැමැති වේදිකාවටද? සිනමාවටද? ටෙලිනාට්‍යවලටද?
ඇත්තටම වේදිකාවට තමයි කැමැති. නමුත් ටෙලිනාට්‍යවලට කියලා අඩුවෙන් සලකනවා නෙමෙයි. ඒ තුනෙන් එකක් තෝරගන්න කිව්වොත් මම වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය කියලා තමයි හිතන්නේ.
තවම සිනමාවේ ලොකු දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණේ නැතිද?
නැහැ. තවම නැහැ. සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ධවෙලා තියෙනවා. ඒවායේ මට කතා කළයුතු තරම් ප්‍රමාණයේ කරන්න දේවල් තිබිලා නැහැ. සමහර ෆිල්ම් තියෙනවා තවම ආවෙත් නැහැ. මගේ චරිතය ටිකක් හරි මතුවෙයි කියලා හිතන තරම් චිත්‍රපට තවම ආවෙත් නැහැ. ඉතිං මම හරි ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ තියෙන හැකියාවන් පෙන්වන්න පුළුවන් තරමේ සිනමා නිර්මාණයක් ලැබේවි කියලා.
දිනේෂ් විතාන