මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න – ප්‍රදීප් ධර්මදාස

 



නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් යන විවිධ ඉසව් ඔස්සේ කාලෙන් කාලෙට ඔබ හමුවට එන චරිතයක් සමග තමයි අද අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ. මොහු නමින් ප්‍රදීප් ධර්මදාස. ප්‍රදීප් හෙට අනිද්දාම සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට කරළියට එන්නයි හදන්නේ. ඔහු අධ්‍යක්ෂණය සිදුකළ ‘අයිස්ක්‍රීම්’ සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා සිද්ධ වුණා. ඉතින් ප්‍රදීප් සමග ‘අයිස්ක්‍රීම්’ ගැන පුංචි සංවාදයක පැටලුණා.



‘අයිස්ක්‍රීම්’ සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණා. කොහොමද ලැබුණ ප්‍රතිචාර?


ඇත්තටම ඉතාම සතුටුදායක මොහොතක්. බොහොම ධනාත්මක තැන්වල තමයි හැමෝම හිටියේ. ලංකාව ඇතුළේ විවිධ තේමාවන් යටතේ ගොඩනැඟිච්ච චිත්‍රපට තියෙනවා. හැබැයි ගොඩක් අයගේ අදහස තිබුණේ බැලූ බැල්මට වෙනස් අදහසක් තියෙනවා කියලයි.


මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

‘අයිස්ක්‍රීම්’ හැදෙන්නේ කොහොමද?


ඕක සිද්ධවෙන්නේ, මගේ ඒ කාලේ ඉඳලම තිබුණේ සිනමා හීනයක්නේ. ඉතින් මම පුළුවන් තරම් සන්නද්ධ වුණා සිනමාව කියන විෂයට කොහොමද අත තියන්නේ සහ සිනමාව ඇතුළේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. ෆිල්ම් කියන්නේම පොඩි ෆැන්ටසියක තියෙන එකක් කියලයි මට දැනිලා තිබුණේ.


මම ෆිල්ම් එකක් කරන්න සෑහෙන ට්‍රයි කළා. නමුත් ඒ කාලේ ඉඳලම සිද්ධ වුණේ ටෙලි නාට්‍ය කරන්න. ටෙලි නාට්‍යත් චිත්‍රපට වගේ කරන්න ට්‍රයි කළා. ඔහොම ඉඳලා තමයි අයිස්ක්‍රීම් කරන්න ඕනෑ කියන තැනටම ආවේ. ඉස්ඉස්සෙල්ලාම චිත්‍රපටයක් කරන්න ගියහම නිෂ්පාදකවරයෙක් හොයාගන්න එකත් අමාරු වැඩක් නේ. මගේ සහෝදරයෙක් වන වෛi සුජීව ප්‍රසන්න විතානගේ තමයි මේ සඳහා මුදල් වැය කළේ. කාලයක් අපි පිටපතක් ලියන්න හොයමිනුත් හිටියා. අපි එක්ක ලිව්වා. තව එකක් ලිව්වා. අන්තිමට කොහොම හරි අයිස්ක්‍රීම් කියන තැනට ආවා.


මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

අයිස්ක්‍රීම් එක හදාගන්න පිටපත් කීයක් විතර අහක දාන්න ඇතිද?


ඒ මොහොතේ අපි කලණත් සමග කතාබහ කරලා පිටපත් දෙකක් විතර ලිව්වා. එක වෙලාවක චිත්‍රපටයක් සම්පූර්ණයෙන්ම ලිව්වා, ඊට පස්සේ ඒක එහෙම්ම තියලා වෙන පැත්තකින් මේක ගෙනියන්න ඕනෑ කියලත් හිතුවා. අපි මේකට ෆැන්ටසි කියන වැඩේම ගෙනාවා. අයිස්ක්‍රීම් කියන්නේ තනිකරම ෆැන්ටසියක්. එතකොට ෆිල්ම් එක ඇතුළෙ තියෙන්නෙත් ෆැන්ටසියක් තමයි. මෙහි පිටපත කලණ ගුණසේකරගේ.


සෑහෙන කාලෙකට කලින් කරපු වැඩක්. ඇත්තටම කවදද බලන්න හම්බවෙන්නේ?


ඉතාම ඉක්මනට. ගොඩක් වෙලාවට අවුරුද්දට කලින් බලන්න පුළුවන් වේවි.


චිත්‍රපටයක් කරනවා කියන්නේ ලේසි නැහැනේ. මොනවගේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ?


මේකේ ඇත්තටම ගොඩක් තැන්වල පුංචි පුංචි දේවල් ගොඩක් එක්කාසු වුණ ෆිල්ම් එකක්. ඒ හින්දා අපිට යන්න දර්ශන තල ගොඩක් තිබුණා. මේක දුවන ෆිල්ම් එකක්. ඇත්තටම ඇක්ෂන් කෑලි වැඩියි. වතු ආශ්‍රිතව දුවන දර්ශන තිබුණා. ඒවායේදී හේමාල්ට සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා.


මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

රූගත කිරීම් සිදුකරද්දී හරි අපූරු දේවල් වෙන්නත් ඇති නේද?


අපි එක වෙලාවක මීගමුව මුහුදේ රූගත කිරීම් සිදුකළා. අපිට ඇත්තටම වුවමනා වුණා අන්ඩර් වෝටර් රූගත කිරීම් සිදුකරන්න. ස්වභාවිකව හැදුණු පොකුණක් වගේ ස්ථානයක රූගත කිරීමකට හේමාල්වයි අයිෂ්වයි බස්සන්න ඕනෑ වුණා. ඊට පස්සේ බැලුවහම ඉකිරියෝ පිරිලා. අන්තිමට මනුස්සයෙක් දාලා ඉකිරියෝ අයින් කරලා මාර ගේමක් දීලා තමයි රූගත කිරීම සිදු කළේ. ඇත්තටම ඒ මහන්සියේ ප්‍රතිඵලය ඉදිරියේදී චිත්‍රපටයෙන් දැකගන්න ලැබේවි.


අනතුරුවලට එහෙම මුහුණදෙන්න වුණ අවස්ථා එහෙමත් තියෙනවාද?


ඔව්. අනතුරු නම් ඇත්තටම සිද්ධ වුණා. සරත් කොතලාවල එහෙම බයිසිකලය පදින්න ගිහිල්ලා අනතුරු වුණ අවස්ථා තියෙනවා. මධුෂාන් නානායක්කාරයි හේමාලුයි දුවන දර්ශන එහෙම ලේසි නැහැ. අපේ කොතලාවල බයිසිකලයෙන් වැටිලා බඩේ හැන්ඩ්ල් එක වැදිලා එහෙම පොඩි පොඩි දේවල් ටිකක් සිද්ධ වුණා.


මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න - ප්‍රදීප් ධර්මදාස

අයිස්ක්‍රීම් හි නළු නිළි වරණය ගැනත් කතා කළොත්?


මෙහි ප්‍රධාන භූමිකාව සිදුකරන්නේ හේමාල් රණසිංහ. ඊළඟට සරත් කොතලාවල. මෙහි පුංචි චරිතයකට පවා හරිම වෘත්තීය නළු නිළියන් තමයි තෝරාගෙන තියෙන්නේ. ප්‍රවීණ නළු නිළියන්ගෙන් එන රංගන වින්‍යාසය චිත්‍රපටයකට හරි ප්‍රබලයි. ඒ නිසාමයි මම ඒ වගේ නළු නිළියන් පිරිසක් භාවිතා කළේ.


ටෙලි නාට්‍යයක් කරනවා වගේ ලෙහෙසියි කියලා හිතනවාද චිත්‍රපටයක් රූගත කිරීම?


ටෙලි නාට්‍යවලට වැඩිය ඇත්තටම භාරදූරයි සහ වගකීම් සහගතයි. ෆිල්ම් එකක් කරන්න ගියහම වෙන මොරාල් එකක් එනවා. සිනමාව කියන්නේ හරි දැවැන්තයි කියන හැඟීම අපේ හිත ඇතුළේ තියෙනවානේ. පුංචි තිරයේ ස්ක්‍රීන් එකට හෝ යූටියුබ් එකට කරනවාට වැඩිය රිදී තිරයට වැඩක් කරනවා කියන්නේම බරපතළ වගකීමක් විදිහටයි මට හැඟෙන්නේ. මේ කාලේ ටෙලි නාට්‍ය කරන විදිහ ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙම බැලුවහම ෆිල්ම් කියන්නේ ගොඩක් ඉස්සරහින් තියෙන හා උඩින් තියෙන මාධ්‍යයක්.


චිත්‍රපටයක් කරනවාට වඩා අමාරු කාර්යයක් නේද ප්‍රදර්ශනය කිරීම?


අයිස්ක්‍රීම් නිර්මාණය කරලා අපිට ස්වභාවික වගේම වෙනත් විපත්වලට මුහුණදෙන්න සිද්ධ වුණානේ. ලංකාව කියන්නේ මොනම පැත්තකින්වත් හරිතැන තියෙන රටක් නෙමෙයිනේ. ප්‍රශ්න තියෙනවානේ. මට තේරිච්ච විදිහට සිනමාවෙත් එහෙම දැවැන්ත ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් චිත්‍රපටයක් පෙන්වන එක ලේසි නැහැ. හැබැයි මේ කාලය වෙනකොට ඒ තත්ත්වය ටිකක් විතර බැලන්ස් වෙලා තියෙනවා. ඉතාම වේගයෙන් චිත්‍රපට තිරගත වෙනවා වගේ එකකුත් තියෙනවා. මීට අවුරුදු හතරකට පහකට කලින්ට වඩා දැන් තත්ත්වය සුබදායක වගේ එකක් තියෙනවා.


කොහොමද ටෙලි නාට්‍ය වැඩකටයුතු?


ටෙලි නාට්‍ය කරා ඇති වගේ හැඟීමක් මට තියෙන්නේ. මොකද අන්තිමට මම ‘රොන්’ කියලා ටෙලි නාට්‍යයක් කළා. මම අවුරුදු 20ක් විතර තිස්සේ ටෙලි නාට්‍ය කරනවා. නමුත් එහෙමයි කියලා මම ගොඩක් කරලා නැහැ. මම ආස හැමතිස්සේම එකකට එකක් වෙනස් විදිහේ වැඩ කරන්න. සමනලුන්ට වෙඩි තියෙන එකෙන් පටන් අරගෙන ඇහිපිල්ලමක් යට වගේ දක්වා වෙනස් වැඩ ටිකක් කළා. දැන් තත්ත්වය වෙනස් පැත්තකට හැරෙමින් තියෙන්නේ. අධ්‍යක්ෂවරයකුට හෝ රචකයකුට ෆීල් වෙන වැඩක් මේ මොහොතේ ලංකාවේ කරන්න බැහැ. චැනල් එකකට වුවමනා වැඩේ හෝ යූටියුබ් වීව්ස් බලාගෙන තමයි දැන් වැඩ කරන්නේ. යූටියුබ් වීව්ස් කියන්නේ දැන් එහෙම පදනම් කරගන්න පුළුවන් එකක් නෙමෙයි නේ. මොකද තත්ත්පර තිහක් හතළිහක් බැලුවත් වීව්ස් එකක්නේ. ඒක මත පදනම්වම නාට්‍ය කරන්න ගියහම වෙන්න ඕනෑ වැඩේ තමයි මේ මොහොතේ වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.


මේ දේවල් පැත්තකට දාලා ඉන්නවා කියලා හිතුණ වාරත් තියෙනවද?


මට මේ ටෙලි නාට්‍ය කරන වැඩේ නම් ඇතිම වුණා. ඒක හරි ඔළුවට බරක්. තේරුමක් නැති වැඩක්. මගේ මහන්සියට මට ආත්ම තෘප්තියක් නැතිනම් බලන මිනිස්සුන්ට කොච්චර ආත්ම තෘප්තියක් තිබ්බත් වැඩක් නැහැනේ.


ඇත්තටම මම ඔය අයිස්ක්‍රීම් චිත්‍රපටය කරන්නේ ටෙලි නාට්‍ය නොකර බැක් ටු බැක් ෆිල්ම් කරන්න. අලුත් සිනමාකරුවකුට හෝ අලුත් අධ්‍යක්ෂවරයකුට සිනමාවට අවතීර්ණ වෙනවා කියන්නේ ලංකාවේ ක්‍රිකට් ගහනවා වගේ වැඩක්නේ. දැන් මෙතැනින් එහාට නම් සිනමාවත් එක්ක ඉන්න තමයි තීන්දු කරලා තියෙන්නේ.


මේ දේවල් නොකළා නම් ප්‍රදීප් ධර්මදාස මොනවා කරාවිද?


අද වෙනකොට එහෙනම් මාධ්‍යවේදියෙක් වෙලා පරණ රස්සාව කරගෙන ඉඳීවි.


මාධ්‍යවේදියාගේ සිට නළුවා, අධ්‍යක්ෂවරයා දක්වා ගමනේදී ලද අත්දැකීම් ගැන පසුවිපරමක් කළොත්?


මාධ්‍ය කියන්නේ මම හරි කැමැති විෂයයක්. මට ස්වර්ණවාහිනියේ වැඩ කරන්න හම්බවෙන්නේ චන්දන සූරියබණ්ඩාර එක්ක, නිෂ්පාදන අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාව. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට කරන්න හම්බවෙන්නෙත් දේශපාලන වැඩසටහන්. ඒකත් එක්ක ඉන්නකොට තමයි මගේ ට්‍රැක් එක වෙනස් වුණේ.


මට ඒ කාලේ ඉඳලා හීනයක් තිබුණා ෆිල්ම් කරන්න. හැබැයි මට රඟපාන්න, නළුවෙක් වෙන්න ලොකු හීන තිබුණේ නැහැ. මාව නළුවෙක් කරන්න දරුණු විදිහට මහන්සි වුණේ එච්. ඩී. ප්‍රේමරත්න මහත්මයා. ඔහු ඒ කාලේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ නේ. මට නිවාඩු දාලා දීලා මාව බලෙන් තමයි පළමු වැනි ටෙලි නාට්‍යයට රඟපාන්න යැව්වේ. මගේ පළමු ටෙලි නාට්‍යය නිල් අහස වගේ. නිරෝෂා පෙරේරා එහෙම හිටියේ. ඊට පස්සේ මම ආයෙ රඟපාන්නේ නැහැ කියලා තීන්දු කළා. ඒ කියන්නේ ඇත්තටම මම නළුවෙක් වෙන්න ආපු මනුස්සයෙක් නෙමෙයිනේ. මම ඉන්නේ ඩිරෙක්ෂන් සීන් එකේ.


ඊට පස්සේ මට කතා කළා ලෙස්ටර් මහත්තයා එයාගේ අන්තිම චිත්‍රපටය වන ‘අම්මාවරුනේ’ චිත්‍රපටයට. ලෙස්ටර් සර් එක්ක තමයි මම පළමු වැනි චිත්‍රපටය වැඩ කරන්නේ. හැබැයි මම ඒකෙන් නළුවා කියන වැඩේට වැඩිය ලෙස්ටර් මහත්තයා කොහොමද අධ්‍යක්ෂවරයාගේ භූමිකාව සිදුකරන්නේ කියන අත්දැකීම ඉගෙන ගත්තා. විශේෂයෙන් ඩිරෙක්ටර් කෙනකුගේ අපි නොදකින කෑලි ටික මම ඉගෙන ගත්තා. ඊට පස්සේ මම රඟපෑමට ලොකු ඉඩක් දුන්නේ නැහැ. මම ඩිරෙක්ෂන්වලට තමයි ලොකු ඉඩක් දුන්නේ. ඒ නිසා මගේ වැඩවල මම රඟපෑවෙත් නැහැ. අන්තිම භාගයේ තමයි ටෙලි නාට්‍ය දෙකක ඇක්ට් කළේ. ඒ වෙනකම් මම ඇක්ට් කළෙත් නැහැ.


ප්‍රදීප් ධර්මදාස ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?


මම හැමවෙලේම ඇත්තටම හරිම පොසිටිව් විදිහට හිතන මනුස්සයෙක්. නැව ගිලුනත් බෑන් චූන් සීන් එකේ ඉන්නේ. ඉතාම සතුටුදායකයි. මම හිතනවා මට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා කියලා. මම ඒ ටාගට්වලට හඹායන ගමන් ඉන්නේ.


අයිස්ක්‍රීම් කියලා නම යොදන්න හේතුවක් තිබුණද?


ඒකට විශේෂ හේතුවක් එන්නේ කතාව ඇතුළෙන්මයි. ඒක අයිස්ක්‍රීම් එකක් මූලික කරගෙන තමයි කතාව හැදෙන්නේ. ඒ නිසාමයි ඒක එහෙම වුණේ. මේක ඇතුළේ තියෙන්නේම සිනමාත්මක හීන දකින කොල්ලකුගේ කතාන්දරයක්. හැමතැනම ෆැන්ටසි තියෙන්නේ. ඒ නිසා අයිස්ක්‍රීම් කියන නම හරියටම යනවා.


මේක ඔබේ කතාවද?


නැහැ. මගේ කතාව නෙමෙයි. කලණට ආපු අදහසක් අනුව ලියැවුණු කතාවක්. හැබැයි අපේ කතාත් සමහර වෙලාවට මේක ඇතුළේ තියෙනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post