වෙළෙඳ දැන්වීම් හරහා නිතර දකින්න ලැබුණ රුවී ලක්මාලි මේ දිනවල දකින්න ලැබෙන්නෙ ‘විසේකාරි’ ටෙලි නාට්‍යයේ වාසුකී ලෙසින්. මේ දිනවල බොහොම ජනප්‍රිය වාසුකී ගැන අපි රුවීගෙන් මෙහෙම ඇහුවා.
රුවී, වාසුකී ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම මම හිතුවෙවත් නැති තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනව. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන්. සාමාන්‍යයෙන් කාන්තාවකට කාන්තා පාර්ශ්වයේ ආදරය දිනාගන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්නෙ. ඉතිං වාසු නිසා මට ඒ ආකර්ෂණය, ආදරය ලැබෙනව. ඒක හරිම වාසනාවක් විදිහට මම දකින්නෙ.
කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
මට මේ ආරාධනය කරන්නෙ ‘විසේකාරි’ නිෂ්පාදකවරයා වන ප්‍රභාත් අයියා සහ ඉන්දික ධර්මතිලක අයියා. පිටපත් රචක පවා මේ චරිතය තෝරාගන්න එකතුවෙලා තියෙනව.
වාසු, රුවීට තියෙන සමානකම මොකක්ද?
වාසු රුවීට බොහොම සමානයි. කිසිම වෙනසක් නෑ වගේ.
වාසුකී ගැන කොහොමද ඔබට දැනෙන්නෙ?
රුවීට රුවීව දැනෙන විදිහටම වාසුවත් රුවීට දැනෙනව. මොකද මමත් වාසු විදිහමයි. ඒක මොන වගේද කිව්වොත්, ගොඩක් ඉවසන, කේන්ති නොයන, ආදරණීය චරිතයක්.
මෙවැනි චරිතයක් ලැබුණෙ පළමුවැනි වතාවට?
ඔව්, ටෙලි නාට්‍යයක අම්මා කෙනකුගේ චරිතයක් ලැබුණ පළමු වතාව.
රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?
මම පළමු වතාවටයි ඉන්දික ධර්මතිලක අයියත් එක්ක වැඩ කරන්නෙ. හැමදෙනාම බොහොම ආදරෙන්, එකමුතුව කරන වැඩක් මේක. මගෙත් එක්ක වැඩකරන රත්නාලාලනී මහත්මිය, පොඩි දෙන්න, අමිල අයිය වගේ මේ හැමදෙනාගෙන්ම ලැබෙන සහයෝගය ගොඩක් වටිනව. අපි හරිම ආදරණීය පවුලක්. නාට්‍යයේදී වගේම ලොකේෂන් එක ඇතුළෙත් අපි ඉන්නෙ ඒ විදිහට.
රුවී දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්?
මාව ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නෙ වෙළෙඳ දැන්වීම් වලින්. ටෙලි නාට්‍යවලින් දකින්න ලැබෙනව ටිකක් අඩුයි.
ටෙලි නාට්‍ය භාරගන්න අකමැතිද?
අකැමැත්තක් නෙමෙයි. මට හොඳයි කියල හිතුන චරිතයක් ලැබුණොත් මම භාර ගන්නව.
මේතාක් ලැබුණ චරිත ගැන අදහස?
බොහොම සංතෝෂයි. මේතාක් හැම නාට්‍යයකම වගේ මට ලැබුණෙ ප්‍රධාන චරිත. ඒ හැම චරිතයකටම මගේ අතින් සාධාරණයක් වෙන්න ඇති කියලත් මම හිතනව. ගිය අවුරුද්දටම මම රඟපෑවෙ එකම එක ටෙලි නාට්‍යයක විතරයි. ඒකට මට සම්මානයක් පවා ලැබෙනව. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනව.
ඉදිරියේදී සිනමාවෙන් දකින්න ලැබෙන්නෙ මොන වගේ චරිතවලින්ද?
තේජා ඉද්දමල්ගොඩ අයිය දැන් අපි අතර නැහැ. නමුත් ඔහු බොහොම ආදරෙන් ආසාවෙන් කරපු නිර්මාණයක් ඉදිරියේදී තිරගතවීමට නියමිතව තියෙනව. මම එහි සිස්ටර් කෙනකුගේ චරිතයක් නිරූපණය කරන්නෙ.
රංගන ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඔව්. ඇත්තටම ගොඩක් සංතෝෂයි. හැමෝම ආසයි එකපාරට ජනප්‍රිය වෙන්න. නමුත් මට එහෙම අදහසක් තිබුණෙ නැහැ. ටිකෙන් ටික හිමින් ගමනක් ගිහින් මගේ තැන ගොඩනඟාගන්නයි මට ඕන වුණේ.
රුවීට රේස් එකක් දුවන්න ඕන වුණේ නැහැ?
කවදාවත් රේස් එකක් දුවන්න මගේ සූදානමක් තිබුණෙ නැහැ. ඉඳහිට මම පෙනී ඉන්නකොට මිනිස්සුන්ට මාව මතක තියෙන එක ගැන සතුටුයි.
වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටි ඔබ රංගන ක්ෂේත්රයට පිවිසෙනව?
මෙහෙමයි, වෙළෙඳ දැන්වීම් කියන ඒවා අපිට හැමදාම කරන්න බැහැ. නමුත් වාසනාවකට මම තවම වෙළෙඳ දැන්වීම්වල රඟපානව.
වේදිකාවට ඉඩක් දෙන්නෙ නැද්ද?
මම හරිම ආසයි වේදිකාවේ වැඩ කරන්න. නමුත් කාලවේලාවේ ගැටලු නිසා මම ලැබෙන ආරාධනා භාරගන්නෙ නැහැ. ආසාවක් තියෙනව එකක හරි වැඩ කරන්න. ඉදිරියේදි බලමු.
ඔබ හිතනවද දැන් ජනප්‍රියයි කියල?
මම ජනප්‍රියත්වය පස්සෙ දුවපු කෙනෙක් නෙමෙයි. ඒත් දැන්නම් මම හිතනව මම පොඩ්ඩක් ජනප්‍රියයි කියල.
ඔබ චරිත තෝරනවද?
චරිත තෝරාගෙන රඟපානව කියන දේ නිළියකට කරන්න අමාරු දෙයක්. කෙනකුට ලිමිට්ස් තියෙන්න පුළුවන් සමහර චරිතවලදි මම මේක කරන්නෙ නැහැ කියල.
අද වන විට ක්ෂේත්රය දකින්නෙ මොන විදිහකටද?
එළියෙ ඉන්න අයගෙන් සියයට අනූගාණක් විතර මේ ක්ෂේත්රය දකින්නෙ නරක තැනක් විදිහටනෙ. ඒක ඕනම ක්ෂේත්රයක තියෙන්න පුළුවන් දෙයක්. නමුත් තමන් හරියට ඉන්නවනම් ඕන තැනක ඉන්න පුළුවන්. කොහොම වුණත් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීම කියන්නෙ කෙනකුගෙ වාසනාවට ලැබෙන දෙයක් කියලයි මම නම් හිතන්නෙ.
සමාජමාධ්‍ය ගැන කතා කළොත්?
සමාජමාධ්‍ය කියන දේ හොඳ පැත්ත වගේම නරක පැත්තකු-ත් තියෙනව. එකඑක්කෙනා පාවිච්චි කරන විදිහ අනුව සහ පාවිච්චි වෙන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.
ඔබේ හීනය වුණේ?
ඇත්තටම මම ආසාවෙන් හිටියෙ ගුරුවරියක් වෙන්න. ඒ වගේම මම ගුරුවරියක් වුණා. අවුරුදු තුනක් හතරක් වැඩ කළා. නමුත් රඟපාන්න තිබුණ ආසාව නිසා රැකියාවට සමුදෙන්න සිදු වුණා.
ඒ අපරාධයක් කියල හිතුනෙ නැද්ද?
නැහැ. මොකද මම අවුරුදු තුන හතරක් වැඩ කළානෙ. ඒ වගේම දරුවන්ගෙන් ලබපු ආදරේ සීමිතයි. නමුත් දැන් මුළු රටේම ජනතාවගේ ආදරය ලබනව.
රුවී ලක්මාලි මොන වගේ චරිතයක්ද?
මම පොළොවෙ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.
මහේෂ් එදිරිසිංහ