මගේ අම්මා මම පොඩි කාලේ ඉඳලා හැදුවේ තනියම , මමත් අද ඒහෙමයි- පබෝදා සංදිපනි

 


අම්මායි, දුවයි ගැන නොදන්නේ කවුද..?


මෙරට කලා ලෝකයේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජයකොඩි පවුලේ නියෝජනයක් වුණ ඇගේ ලොකු දුවත් පසු කලක කලාවට නැතුවම බැරි කෙනෙක් වෙනවා..


සුන්දර රුවත්, හැකියාවත් නිසාම අදටත් කා අතරත් ජනප්‍රිය ඇය නමින් පබෝදා සංදීපනී.. තම ආදරණීය මව ගැන වගේම ඇය ගෙවන ජීවිතය ගැන මෙන්න මේ විදිහට පබෝදා පුවත්පතකට කියලා තිබුණා.. ඇය ඒ කතාවත් එක්ක ගොඩක් ඈතට ගිහිල්ලා.. අද ඇයත් මවක්.. එදා තමන්ගේ අම්මා ගැන වගේම ඇය කළ කැපකිරීම් ගැන දැන් ඇය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්..


කුඩා කාලයේ අම්මත් සමග ගත කරපු කාලය කොහොමද?

මම පවුලේ එකම දරුවා. අම්මත් එක්ක ගතකරපු කාලය සුන්දරයි. ඒ දවස්වල අම්මා ගොඩක් කාර්යබහුලයි. මම ඒ දවස්වල අත්තම්මත් එක්ක ෂූටිං යන්නෙ. අම්මා කොච්චර කාර්යබහුල වුණත් මගේ වැඩ කටයුතු හැම දෙයක්ම ඉටුකරලා දුන්නා. අදටත් අම්මා මගේ දරුවා බලාගන්නවා. ඒකෙන් අදටත් මට ලැබෙන සහයෝගය මෙතෙකැයි කියන්න බැහැ.


ඔබත් දැන් මවක් ඒ ගැන මොකද හිතෙන්නේ?


මගේ අම්මා මම පොඩි කාලේ ඉඳලා හැදුවේ තනියම. මමත් අද මගේ දරුවා සමග ගත කරන කාලය ගැන ඔහු වෙනුවෙන් කරන දේවල් මතක් වෙනකොට අම්මා ගැන හරි ආදරයක් උපදිනවා. මගේ අම්මත් මං වෙනුවෙන් ඒ විදිහට කැපකිරීම් කරන්න ඇති. අම්මලා දරුවන් වෙනුවෙන් කරන දේවල් මෙතෙක් යැයි මැන බලා කියන්න බැහැනෙ.




Previous Post Next Post