ජීවිතේ තවත් විශේෂ දිනයක් ගත කරන ඒ දෙන්නාගේ ආදරය..

 



වසර තිහකට පෙර ඒ දවස මොන තරම් නම් ප්‍රේමණීය ඇතිද..?අදත් එදා වගේම හැමදාමත් ආදරේ ඇය ගැන ඔහුට කියන්න ඔන තරම් දේවල් තියනවාද කියන එක ඒ ඇස් දැක්කාම කියන්න පුළුවන්..


වසර තිහක ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාව ආපසු හැරී බලනකොට, දුක සතුට මැද දෝලනය වෙච්ච ඒ ජීවිතවල මේ ගෙවෙන්නේ තවත් එක ලස්සන කාර්තුවක්..


දැන් පුංචි මිණිබිරියකගේ හුරතල් බලන ඒ ආදරණීය යුවල නලීන් පෙරේරා වගේම ඇගේ බිරිඳ ඔවුන්ගේ තිස් වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් මෙන්න මේ වගේ ආදරණීය ෆොටෝ සූට් එකක් කරලා තිබුණා..


ඒත් එක්කම නලීන් ඔහුගේ මුහුණු පොතේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ..


"තිස් වසරකට පෙර

අද වාගෙම සුන්දර දවසක

අත්වැල් බැඳගෙන

ජීවිතය විඳිමින් ආ දුර හරිම ආදරණීයයි..

දෙවියන් විසින් එක්කල අප සදාකල්ම මෙසේ

මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු..."




Previous Post Next Post