ගාවින්ද්යා ශ්‍යාමින්දි ප්‍රනාන්දු. නම නුහුරු වුණත් රූපය හුරුයි නේද?. නමුත් ගාවි ප්‍රනාන්දු කිව්වොත් ඔබ ඇයව දන්නව. මේ දවස්වල මායාවී ටෙලි නාට්‍යයේ වගේම යූටියුබ් නාළිකාවේත් ඇය බොහොම ප්‍රසිද්ධයි. මේ මීවිත එක්ක ගාවි කළ කතාබහක්.
ඇයි නම වෙනස් කරන්න හිතුවෙ?
මගේ ටික්ටොක් එකවුන්ට් එකට නම දාල තිබුණෙ ගාවි ප්‍රනාන්දු කියල. ඒ හරහා තමයි මේ නම ෆේමස් වුණේ. නමුත් පාසල් කාලයේ පටන්ම මගේ යාළුවො ගාවි නමින් තමයි මට කතා කළේ.
මේ දවස්වල ගාවි දකින්න ලැබෙන මායාවි ගැන කතා කළොත්?
මායාවි කියන්නෙ මගේ පළමු ටෙලි නාට්‍යය. මීට කලින් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් මට දැනෙන චරිතයක් ලැබුණෙ මේ ටෙලි නාට්‍යයෙන්.
කවුද ඔබට මේ ආරාධනය කරන්නෙ?
මට මුලින්ම කතාකරන්නෙ මහේෂ් රත්සර මද්දුමආරච්චි.
ටෙක්ලා ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම ටෙක්ලාට මම හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ වගේම මිනිස්සු අතරට ගිහින් තියෙනව. හැබැයි නපුරු චරිතයක් නිසා මේ දවස්වල ටිකක් බැණුම් අහන්නත් වෙනව. ඒ වුණාට ටෙක්ලා පවුල වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නෙ.
ටෙක්ලා වගේම ගාවිත් නපුරු චරිතයක්ද?
ඔව්, ටිකක් විතර ටෙක්ලගෙ නපුරුකම තියෙනව.
ගාවිගෙ විස්තර ටිකකුත් කියමු?
මගේ ගම පානදුර. පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි. සා. පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවෙ පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්. උසස් පෙළ සඳහා ඇතුළත් වුණේ පානදුර අගමැති බාලිකාවට. අම්මයි තාත්තයි දෙදෙනා හැම දේකදිම මගේ පස්සෙන් ඉඳගෙන මේ ගමනට ලොකු සහයෝගයක් ලබාදෙනව.
පාසල් අධ්‍යාපනයෙන් පසුව මොකද කළේ?
මම උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. එතැනදි මම මීඩියා විෂය තෝරාගෙන තිබුණා. මොකද මගේ අදහසක් තිබුණා ඒ පැත්තෙන් ඉදිරියට යන්න. නමුත් උසස් පෙළින් පස්සෙ ඒ අදහස වෙනස් වෙනව.
මොකක්ද ඔබ තෝරාගන්නෙ?
පාසල් කාලයේදි ගුරුවරු මට කියල තිබුණ ඩ්‍රාමා පැත්ත තෝරාගන්න කියල. විවිධ අය අනුකරණය කරමින්, විවිධ විහිළු තහළු කරමින් මම කළ දේවල් ගුරුවරු දැකල තිබුණා. ඒ අනුව තමයි ඔවුන් මේ යෝජනාව කරන්නෙ. ගෙදරිනුත් ඒ සඳහා අනුබල ලැබුණා. ඒ අනුව මම මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ වසරකට ආසන්න කාලයක් නාට්‍ය හා රංගකලාව පාඨමාලාවක් හදාරනව. ඊට අමතරව තවත් පාඨමාලා කිහිපයකට සම්බන්ධ වුණා.
ඉන් පස්සෙ මොකද වුණේ?
පාඨමාලා දැදෑරීමෙන් පස්සෙ ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් වගේ විවිධ වැඩවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ටික්ටොක්වලට යොමුවුණ හැටි ගැන කතා කළොත්?
ඇත්තටම ඒ වෙනකොට ටික්ටොක් කියන්නෙ මොකක්ද කියලවත් මම හරියට දැනගෙන හිටියෙ නැහැ. යාළුවෙක් තමයි මේ ගැන මට කියල දුන්නෙ. මුලදි පොඩි පොඩි වීඩියෝ කළා. එක දවසකදි ගෙදරදි සහ පාසලේදි අකුණු ගහනකොට වෙනස කියල කරපු වීඩියෝ එක වෛරල් වුණා. ඒ කියන්නෙ පැය දහයට ලක්ෂයක් බැලුවා. කලින් කවදාවත් එහෙම වෙලා තිබුණෙ නැහැ. ඒ අනුව තමයි මම තවත් ටිකක් ඩිවලොප් කරල අම්මගෙයි දුවගෙයි වීඩියෝ කරන්න පටන්ගත්තෙ. ඒ ගොඩක් ඒවා වෛරල් වුණා. මෙහෙම කාලයක් යනකොට බොහෝ දෙනෙක් කමෙන්ට් කළා යූටියුබ් එන්න කියල. නමුත් ඒ ගැනත් ලොකු අවබෝධයක් මට තිබුණෙ නැහැ. එතැනදිත් මගේ යාළුවෙක් තමයි මට උදව් කළේ. මාස තුනක් පමණ ගතවෙනකොට මට සබ්ස්ක්‍රයිබර්ස්ල ලක්ෂයක් ඉන්නව. අදටත් මම ඒක කරගෙන යනව.
ටෙලි නාට්‍ය රඟපෑම ගැන කතා කළොත්?
මට රඟපෑම දැන් අතහරින්න බැරි තත්ත්වයක් ඇවිල්ල. මොකද යූටියුබ් එකේත් මම කරන්නෙ ඒදේමනෙ.
ඔබ අනුකරණයට කැමතියි?
මම දන්නකාලෙ පටන්ම අනුකරණය කියන දේ මට පුළුවන් වුණා. පාසලේදි දවසක් ඩ්‍රාමා එකක් තිබුණා. එතැනදි මම කරපු ඇක්ට් එකක් දැකල ටීචර් කෙනෙක් අපේ අම්මට කිව්වා ඔයාගෙ දුව කවදහරි නිළියක් වෙන්න පුළුවන් කෙනෙක්, අතහරින්න දෙන්න එපා කියල. මේ වචන ටික මගේ ඔළුවට වැදුණා. අද මේ ඉන්න තැනට එන්න එදා ගුරුතුමිය කිව්ව ඒ වචන ටික මට ආශීර්වාදයක් වුණා.
ප්‍රවීණයන් සමග වැඩකරන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?
මායාවී ටෙලි නාට්‍යයේ රඟපාන්නෙ ප්‍රවීණයන්. ඇත්තටම මට ඒක ලොකු අභියෝගයක් වුණත් ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව.
ඒ වගේම ඒ කණ්ඩායම හරිම එකමුතුයි. මගේ රංගන ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනව. මට ලැබුණ මුල්ම ටෙලි නාට්‍යය මේ වගේ කණ්ඩායමක් එක්ක වැඩකරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනව.
මහේෂ් එදිරිසිංහ