මේ දිනවල විකාශය වන පාරාදීසේ ටෙලි නාට්‍යයේ ‘පුෂ්පේ අයියගේ’ චරිතය බොහෝදෙනකු අතර කතා බහට ලක්වෙනවා. විවිධාකාරයේ චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වූ ඔහු පිරිමි ළමයි ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයාට සමීප වන්නේ ‘අල්විස් කපු මහත්තයා’ ලෙසයි. හදගැස්ම අපත් සමඟ කතා බහට එක්වූ මෙම දක්ෂ රංගන ශිල්පියා නමින් මධුෂාන් හත්ලහවත්ත.
මේ දිනවල නිරතවන අලුත් වැඩ කටයුතු මොනවද?
මම රංගනයෙන් දායක වන පිරිමි ළමයි, පාරාදීසේ, බඹරෙක් ඇවිත් කියන ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ප්‍රියාල් වීරසිංහ තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන ද ලාස්ට් මෑන් කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා. එම ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට විශාල නවමු අත්දැකීමක් වේවි කියලා මම හිතනවා. ඒක ඇත්තටම හොඳ පිටපතක්. එම ටෙලි නාට්‍ය බොහොම ඉක්මනට විකාශය වේවි. ඒවගේම ඉදිරියේදී මගේ චිත්‍රපටි තුනක්
තිරගත වෙන්න තිබෙනවා. චරිත් අබේසිංහගෙ මිස්ට ඇන්ඩ් මිසිස්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ කාසි වාසි, එස්. අයි සමරක්කොඩි අධ්‍යක්ෂණය කළ ර්ණීදඥ බචඬඥ චිත්‍රපටයක් වන ඩ්ඥතතධ චිත්‍රපටය යන චිත්‍රපට තුනම ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් වේවි. ඩ්ඥතතධ චිත්‍රපටය ලංකාවේ පළවෙනි වතාවට කරන ලද පර්යේෂණ අත්දැකීමක්.
ඔබ විවිධාකාරයේ චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?
ඇත්තටම මට පසුගිය කාලේ සල්ලි පොකුරු වගේ ටෙලි නාට්‍යවලින් ලැබුණු චරිත හරහා ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ළං වුණා. එවැනි ටෙලි නාට්‍යයකට මාව සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් විශේෂයෙන්ම මම සද්ධා මංගල සූරිය බණ්ඩාරට, එම ටෙලි නාට්‍ය නිෂ්පාදිකා චේතනී මිස්ට වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාට ස්තූති කරන්න ඕනැ. එම ටෙලි නාට්‍යයෙන් පසුව ලැබුණු සෑම ටෙලි නාට්‍යකම මට ලැබුණේ විවිධ චරිත. සමහර වෙලාවට එක වගේ චරිත ලැබෙන විට ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. මම හිතන විධියට අපිව එකම විධියට දකිනවට වඩා විවිධ චරිත හරහා අපිට, නළුවෙක්
විධියට තවදුරටත් යාවත්කාලීන වීමට සහ අපේ ධාරිතාවය පෙන්වීමට අවස්ථාව ලැබෙනවා. පාරාදීසෙ මම වෙනමම චරිතයක් කරන්නේ. පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ හාත්පසින් වෙනස් අල්විස් කපු මහත්තයා කියන චරිතය රඟපානවා. විශේෂයෙන්ම පිරිමි ළමයි ටෙලි නාට්‍ය ගැන කතා කළොත් ඒක මට ලැබුණු අභියෝගයක්. එම අභියෝගය ජයගන්න මම කෙමෙන් කෙමෙන් ඉස්සරහට යනවා. දැනට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම හොඳයි. එම ටෙලි නාට්‍යයේ මගේ පෙනුමත් ටිකක් වෙනස් වෙලා තිබෙනවා. පාරාදීසේ ටෙලි නාට්‍යයේ පලතුරු පුෂ්පේ කියන චරිතයට මම නොහිතපු විධියෙ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මීට කලින් දුෂ්ටයෙක්ගේ චරිතයක් එහෙම ලොකුවට කරලා තිබුණේ නැහැ.
වර්තමානය වන විට කලා ක්ෂේත්‍රය තුළ බොහෝ කලාකරුවන් ප්‍රමාණයක් සිටිනවා. ඔබ දකින ආකාරයට කලාකරුවාගේ සැබෑ වගකීම් විය යුත්තේ කුමක්ද?
ඇත්තටම අපි කලාවෙන් කියනවා ආනන්දය සහ ප්‍රඥාව ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්න ඕනෑ කියලා. කලාකරුවෙක්ට කලාව පෝෂණය කිරීමට වගකීමක් තිබෙනවා. කලාව පෝෂණය කිරීමට නම් කලාකරුවෙක්ට හොඳ විනයක්, අත්දැකීමක්, හොඳ සතතාභ්‍යාසයක් තිබෙන්න ඕනෑ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ක්ෂේත්‍රයට අලුත් ළමයි ගොඩක් එනවා සහ ඒ අය රඟපානවා ඉතාම හොඳයි. ඒ අයට මුල් පරම්පරාවල අයගේ අත්දැකීම් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. දැන් අලුතෙන්ම ක්ෂේත්‍රයට එන අය දුරකථනයට යොමුවීමත් සමඟ මානුෂීය සම්බන්ධතාවලින් දුරස්ථයි. මිනිස්සුත් එක්ක සිදුකරන මේ ගනුදෙනුව කරගන්නේ නැතුව තමන්ට ඉස්සරහට රඟපාන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. තමන්ගේ සීනියර් ආටිස්ලා රඟපාන්නේ කොහොමද කියන එක අඩුම තරමේ බලන් ඉන්නවා නම් ඒ අය රංගනයෙන් පෝෂණය වෙනවා. අලුත් පරම්පරාව දක්ෂ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඉතාම දක්ෂ ළමයි ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ඩිවයිස්වලට පුරුදු වෙලා තමන්ගේ මානුෂීය සම්බන්ධතා ඈත් කරගන්න එක තමයි. මම කියන්නේ හොඳ විනයක් ඇතිකරගන්නව නම් ඉතාම හොඳයි කියලා.
චරිතාංග නළුවෙක් වීම ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට කොතරම් ඉවහල් වුණාද?
ඇත්තටම චරිතාංග නළුවෙක් වෙලා විතරයි අපට ක්ෂේත්‍රය තුළ රැඳිලා පවතින්න පුළුවන් වෙන්නෙ. මම එහෙම ගොඩක් ලස්සන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. නැතිනම් අපිට එකම චරිතයකට කොටු වෙලා ඉන්න වෙනවා. එහෙම නැතිවුණු ගමන්ම අපි කරන රංගනය එකිනෙකට වෙනස්ව කරන විධිය සොයන්න සිද්ධ වෙනවා. එම සෙවීම පොතපත කියවීමෙන් හෝ චිත්‍රපටයක් නැරඹීමෙන් හෝ අපිට අධ්‍යයනය කරන්න වෙනවා. චරිතාංග නළුවෙක් වීමෙන් මම හිතන්නෙ දීර්ඝකාලීනව සිනමාවේ හෝ ටෙලි නාට්‍යයේ රැඳෙන්න පුළුවන්. එකම චරිත කළොත් මිනිස්සුන්ට ටික කාලයක් යනවිට එපා වෙනවා. එහෙම එපා නොවී ඉන්න නම් එක එක චරිත ගැන හොයන්න ඕනැ. සෙව්වොත් තමයි අපිට හම්බවෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෑ.
රංගන ශිල්පියෙක් වූ මධුෂාන් අධ්‍යක්ෂණයට යොමු වූ ආකාරය මතක් කරමු?
ඇත්තටම මම වේදිකා නාට්‍ය තමයි අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ.මගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලය. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හැදෑරීමෙන් අනතුරුව මට ගුරුවරයෙක් විධියට පත්වීමක් ලැබුණා පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලයට.මේ කාලය තුළ විවිධ ළමා නාට්‍යය සහ රාජ්‍ය නාට්‍ය උළෙලට විවිධ නාට්‍ය කරන්න, වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. මම වේදිකාවෙන් පැමිණි කෙනෙක්. ඒ කාලය තුළ මම අධ්‍යක්ෂණය කරපු නාට්‍යවලට සම්මාන රාශියක් හිමි වුණා. විශේෂයෙන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙ මගේ නාට්‍ය 2019 වර්ෂයේ සම්මාන දහයක් පමණ දිනා ගනිමින් හොඳම ළමා නාට්‍ය බවට පත්වුණා. මම LBW කියලා වේදිකා නාට්‍යයක් කළා. නමුත් මේ පොඩි කාර්යබහුල තත්ත්වයත් එක්ක මෑතකාලීනව වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න බැරි වුණත් චාලක රණසූරියගේ මාරක ළිඳේ සවාරියක් සහ බොක්ස් කියන වේදිකා නාට්‍ය දෙකෙත් මේ මොහොතේ රංගන කටයුතුවල නියැළෙනවා.
ඔබ දකින ආකාරයට කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා විය යුතු වෙනස්කම් මොනවාද?
පළවැනිම වෙනස්කම තමයි මාධ්‍ය නාලිකාවලින් ටෙලි නාට්‍යයකට ගෙවන මුදල යම් ප්‍රමාණයකට වැඩි කරන්න පුළුවන්නම් මට හිතෙනවා හොඳයි කියලා. මේ මොහොතේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක නාලිකාවලට අධ්‍යක්ෂවරුන්ට ප්‍රවාහනයට සහ ආහාරවලට විශාල වියදමක් දරන්න වෙනවා. නමුත් නාලිකාවලින් හරිම සුළු මුදලක් තමයි මේ නිර්මාණවලට ලැබෙන්නේ. ඉතින් ඒක වැඩි කළොත් ඒ ප්‍රතිලාභය කලාකරුවන්ටත් ලැබෙයි කියලා මම හිතනවා. ඒක තමයි ටෙලි නාට්‍ය කලාවේ තියෙන ලොකුම ප්‍රශ්නය. එවිට නිෂ්පාදකවරුන් හොඳ නිර්මාණ සඳහා ආයෝජනය කරයි. මෙතරම් ප්‍රශ්න තිබියදීත් නිෂ්පාදකවරුන් නිර්මාණවලට ආයෝජනය කිරීම ඇත්තටම මහඟු කාර්යයක්. මෙන්න මේ දේවල් සහ අලුත් රටක් තුළ රාජ්‍ය මැදිහත්වෙලා මේකට සාධරණයක් ලබා දෙන එක ඉතාම හොඳ තත්ත්වයක්.
වර්තමාන දේශපාලන වෙනස ගැන මොකද හිතෙන්නෙ?
ලැබිලා තියෙන ජයග්‍රහණයත් සමඟ මේ වෙනස් වීම ඉතාම හොඳ වෙනස්වීමක් කියලා හිතනවා. මෙහි ප්‍රතිලාභ අනිවාර්යෙන්ම ජනතාවට හිමිවෙන්න ඕනෑ. මෙය ජනතා මනාපයෙන් පත් කරගත් ආණ්ඩුවක්. ඉතින් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ඕනැ. නැතිනම් මේ ලැබුණු ආදරයම යම්කිසි මොහොතක වෛරයක් බවට පත්වෙන්න පුළුවන්. පසුගිය කාලේ අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලැබුණු ආදරයම තමයි වෛරයක් බවට පත්වුණේ. ඉතින් මේකෙත් එහෙම තමයි. පවතින ආණ්ඩුවට නැවැත හේතු සාධක කියන්න හැකියාවක් නැහැ.අපිට අරය නිසා, මෙයා නිසා මේ දේවල් කරගන්න බැරිවුණා කියන හේතු විරහිත කතා කියන්න ඔවුන්ට හැකියාවක් නැහැ. ජනතාව තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ඔවුන්ට දීලා තිබෙනවා.
ඒ බලය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරගන්න පුළුවන්, අවශ්‍ය පනත් සංශෝධනය කරගන්න පුළුවන්. ඒ තුළින් හොඳ රටක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ජනතාවට ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ලොකු වගකීමක් තිබෙනවා. පහළම මට්ටමේ ආකල්පවල සිට රට දියුණු වෙන්න ඕනෑ. සමස්ත පාසල් පද්ධතියම දියුණු කරන්න ඕනෑ. එවිට ඉදිරියේදී හොඳ අනාගතයක් තිබෙන රටක් දකින්නට පුළුවන් වේවි. එහෙම නැතිව
මේක පාලකයන්ට පමණක්ම කරන්න පුළුවන් දෙයක් කියලා හිතලා, අපි ගේ ඉස්සරහා කුණු ටික දානව නම් ඒක සුදුසු නැහැ. අපිත් ආකල්පමය වශයෙන් දියුණුවෙන්න ඕනැ. ජපානය වගේ රටවල් ලෝකයේ දියුණු රටවල් වුණේ එහෙම. පාලකයාටම විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා අපි මේ දේ අතහැරියොත් අපි ඉතාම පහළ ජනතා රටක් බවට පත්වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි සුබ බලාපොරොත්තු තබාගමු. හොඳ ආණ්ඩුවක්, බුද්ධිමත් පාර්ලිමේන්තුවක් තිබෙනවා. ඉතින් මං හිතනවා මේ රට හොඳින් ඉස්සරහට යයි කියලා.
නයෝමි ෂර්මිලා