මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?
මේ දවස්වල මම රංගනයෙන් දායක වන රීකන්ඩිෂන් කෙල්ල ටෙලිවිෂනය ඔස්සේ විකාශනය වෙනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු ‘මගේ සිම්බා’ සිනමාපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම මේ දිනවල දේශපාලනික කටයුතු සමඟත් ගොඩක් කාර්ය බහුල වෙලා. ඉතින් මේ වැඩ කටයුතු සමඟ කාලය ගෙවී යනවා.
මේ දිනවල ඔබ රංගනයෙන් දායක වෙන ‘රීකන්ඩිෂන් කෙල්ල’ ගැන කතා කරමු?
රීකන්ඩිෂන් කෙල්ල කියන්නේ වෙනස්ම ආකාරයක කතන්දරයක්. අනුර ඒකනායකගේ කුලුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තමයි රීකන්ඩිෂන් කෙල්ල කියන්නේ. ලංකාවේ ග්‍රාමීය තරුණිය වෙනස් වෙන්නේ මොන ආකාරයකටද කියන දෙය පිළිබඳව තමයි මේ නිර්මාණය තුළ කතා කරන්නේ. රීකන්ඩිෂන් කෙල්ල කියන්නේ ශක්තිමත් ගැහැනියකගේ කතාවක්. රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයට හිතාගන්නවත් බැරි විධියේ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා.
යුරේනි සහ කලණ නයිට් රයිඩර් සිනමාපටයෙත් එකට රඟපෑවා. යුවළක් ලෙස ඔබ දෙපොළගේ රසායනය ගැන මොකද හිතෙන්නේ?
අනිවාර්යෙ මේ ටෙලි නාට්‍ය බලලා මිනිස්සු කියන දේවල් සහ ප්‍රතිචාර දිහා බලද්දී මේ දොස්තරගේ චරිතයට මෙතරම් ප්‍රතිචාර ලැබෙන්නේ ඇයිද කියන එක හිතා ගන්නවත් බැහැ. මාත් එක්ක යුරේනි ‘නයිට් රයිඩර්’ සිනමාපටයෙත් රඟපෑවා. යුරේනි සමඟ මම කළ රඟපෑම තුළ වෙනස්ම අත්දැකීමක් තිබුණා. යුරේනි සමඟ චරිතයකට පිවිසෙන්න ඉතා ලෙහෙසියි පහසුයි. ඉතින් අපිට ලැබෙන ප්‍රතිචාර ගැන තිබෙන්නේ මාරම සතුටක්.
ඔබ රංගනයෙන් දායක වන සිහින නෙළුම් මල් දින පනහ පසු කළා. මේ ගැන ඔබේ අදහස?
ඇත්තටම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ශමීර නාඔටුන්න තමයි මෙය අධ්‍යක්ෂණය කළේ. මෙය පවුලක කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු සිනමාපටයක්. මේ සිනමාපටය තුළ හේමාල් සහ දුෂේනි ඉතා හොඳට රඟපානවා. ඕනෑම චිත්‍රපටයක් දවස් පනහක් දුවනවා කියන එක ගැන රංගන ශිල්පියෙක් ලෙස මට තිබෙන්නේ ලොකු සතුටක්. දින 100ක් දිව්වා නම් තවත් හොඳයි කියලා මට සිතෙනවා.
නව දේශපාලනය රටට වගේම කලාවට මොනවගේ බලපෑමක් කරයිද?
අනිවාර්යෙන්ම මේ රට තුළ සංස්කෘතික වෙනසක් සිදුවෙන්න ඕන. මේ නව දේශපාලන වෙනස සංස්කෘතිකවත් දේශපාලනිකවත් වෙනස්. මෙයට හුරු වෙන්න ජනතාවට යම් කාලයක් යනවා. මිනිස්සු දන්නේ අල්ලස්, කොමිස් සමඟ ගලාගිය දේශපාලනික රටාවක් පිළිබඳව විතරයි. හරි ආණ්ඩුවක් කොහොමද දේශපාලනය කරන්නෙ කියන දෙය පිළිබඳව මිනිස්සුන්ට තවම හුරු නැහැ. ඉතින් මේ සංස්කෘතික වෙනස ගොඩනඟන්න විශාල කලාකරුවන් පිරිසක් මේ බලවේගය සමඟ එක් වෙලා සිටිනවා. මේ දේශපාලනයේ සහ සංස්කෘතියේ බලපෑමෙන් අලුත් කලාවක් බිහි වෙයි කියලා මම විශ්වාස කරනවා.
මේ දිනවල අංක 1 දේශපාලනය, අංක 2 කලාව කියලා ඔබ ප්‍රකාශයක් කරලා තිබුණා. මොකක්ද මේ කතාව?
ඇත්තටම කලාව කියන දෙය ගොඩනැඟෙන්න රටක ආර්ථිකය හොඳ මට්ටමක තිබෙන්න ඕන. විශේෂයෙන්ම මේ දෙය වැදගත් වෙන්නේ වේදිකා නාට්‍යයට සහ සිනමාවට. අපි බංකොලොත් තත්ත්වයකින් ඉවතට ආවොත් තමයි කලාව පවතින්නේ. මිනිස්සු අතේ මුදල් තිබුණොත් තමයි සිනමාව හෝ වේදිකා නාට්‍ය නරඹන්න මිනිස්සු නාට්‍ය ශාලාවලට, සිනමා ශාලාවලට යන්නේ. ලංකාව මේ වන විට තිබෙන්නේ තීරණාත්මක මොහොතක. ඒ නිසා ඒ දේශපාලනික වෙනස ගොඩනඟන්න අපි දායක වෙන්න ඕන. එවැනි දේශපාලනික සහ සංස්කෘතික වෙනසක් ගොඩනඟන්න අපි මේ මොහොතෙ අපේ කාලය හා ශ්‍රමය කැප කළොත් අපිට සංස්කෘතික මිනිසෙක් ගොඩනඟන්න පුළුවන්.
ඔබ තිර රචනය කළ සහ රංගනයෙන් දායක වන තම්බපණ්ණි ගැනත් කතා කරමු?
සජීව කනකරත්න තමයි මේ සිනමාපටයි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදු කරන්නේ. මම තමයි එහි තිරපිටපත රචනා කළේ. ඉතින් මේ සිනමාපටයේ තව වැඩ කටයුතු කිහිපයක්ම සිදු වෙමින් පවතිනවා. ඒ වැඩ ටික පෙබරවාරි මාසයේදී වගේ අවසන් වෙයි. ඉතින් ඊට පස්සේ ප්‍රේක්ෂකයාට තම්බපණ්ණි බලන්න අවස්ථාව උදා වෙයි.
බහුචිතවාදියා ප්‍රේක්ෂකයාට බලා ගන්න ලැබෙන්නේ කවදාද?
පසුගිය දින කිහිපය පුරාවට බහුචිතවාදියා ගැන සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක්වෙන බවක් දකින්න පුළුවන් වුණා. මේ සිනමාපටය නිර්මාණය කළේ බොහෝ කාලයකට කලින්. මාලක දේවප්‍රිය තමයි මෙය අධ්‍යක්ෂණය කළේ. මේ දේශපාලනික ප්‍රශ්න අවසන් වුණාට පසුව ලබන වසර ආරම්භයේදී ප්‍රේක්ෂකයාට බහුචිතවාදියා නරඹන්න පුළුවන් වෙයි.
මගේ සිම්බා ගැන කියනවා නම්?
මෙම සිනමාපටයේ රචනය සහ අධ්‍යක්ෂණය බ්ම් සිදු කරන අතර නිෂ්පාදනය මීරා සිදු කරනවා. මම, නයෝමි තක්ෂිලා සහ රොෂාන් රණවන මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා. මේ වනවිට මෙය ලොව පුරා තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් වෙනවා. ඉතින් මගේ සිම්බත් ඉක්මනින්ම බලන්න ලැබෙයි.
ඉදිරි වැඩ කටයුතු ගැන සිහිපත් කරමු?
මම පසුගිය දිනවල ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න ලැහැස්ති වුණා. එය කොටස් හැටක විතර ටෙලි නාට්‍යයක්. මම එහි තිරපිටපත රචනා කළා. මම එය අධ්‍යක්ෂණය කරන්න අදහස් කරගෙන සිටියා. නමුත් යම් නිෂ්පාදන කටයුතුවල යම් ඇනහිටීමක් සිදු වුණා. නිෂ්පාදකයාට යම් අසනීප තත්ත්වයක් පැමිණි නිසා මට නිෂ්පාදකයෙක් නැති වුණා. මේ දිනවල ඒ සඳහා නිෂ්පාදකයෙක් සොයනගමන්. නිෂ්පාදකයෙක් ලැබුණු ගමන් ටෙලිනාට්‍ය කරන්න ආරම්භ කරනවා.
ගිහාන් සචින්ත