රටම කතා වුණ ෂූට් එක ගැන දෙව්නක කියන කතාව




රංගනයෙන් වගේම ගායනයෙන් දස්කම් පෑ දෙව්නක පෝරගේ පසුගියදා යුගදිවියට එළැඹුණා. දෙව්නක යුගදිවියට එළැඹුණේ සංගීතේ ටෙලි නාට්‍යයෙන් රංගනයට ආ හසිනි වෑදණ්ඩ සමග වන අතර මේ ඡායාරූප පිළිබඳව පසුගිය සතියේ රට තුළ කතාබහක් ද ඇති වුණා. දෙව්නක -හසිනිගේ ආදර කතාව වගේම විවාහ උත්සවයේ විස්තර මීවිත පාඨක ඔයාලට ලියන්න අපි අදහස් කළා.

දෙව්නක වැඩි සද්ද බද්දයක් නැතිවම කසාද බැන්දා කියන්නේ?


අපේ ආදර කතාවට අවුරුදු තුනක් විතර වෙනවා. ඒක ඉතිං රහසේ කරගෙන ගිය එකක් නෙමෙයි. හොඳයි කියලා හිතුන වෙලාවේ කසාද බැන්දා.


අපි දැක්කේ වෙනස්ම විදිහේ වෙඩින් එකක්?


මමයි හසිනියි ලොකු වෙඩින්වලට වියදම් කරන්න නෙමෙයි හිටියේ. මොකද අපි දෙන්නම බොහොම සරල විදිහට හිතන්නේ. ඒ මුදල් අපිට ඊට වඩා හොඳ වැඩකට යොදවන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් සමාජ සද්කාරක වැඩවලට, පන්සල්වල දාන වැඩකටයුතු වලට මුදල් වෙන් කරනවා. අනික වෙඩින් එකක් ගන්නකොට බොහොම සරලවම වෙඩින් එක ගන්නවා කියලා හිතාගෙන හිටියේ. අපි වෙඩින් එක ගත්තේ අස්ගිරිය මහ පිරිවෙනේ. අනික අපි චාරිත්‍ර මොකුත් කළේ නැ. අත්සන් කිරීම විතරයි සිදුකළේ.


හසිනි ඒ වැඩේට කැමති වුණාද?


හසිනි තමයි ඒ වැඩේට මුලින්ම කැමති වුණේ. මුලින්ම අපේ තාත්තා කිව්වා හෝටලයක වෙඩින් එක ගමු කියලා. ඊට පසුව මම කිව්වා නෑ අපි පන්සලක වෙඩින් එක ගමු කියලා. අන්තිමේ මම තීරණය කළා පන්සලක ගන්න. එතකොට තාත්තා තමයි කිව්වේ අස්ගිරියේ මහපිරිවෙනේ ගමු කියලා. මම හිතනවා අපේ වෙඩින් එක වෙන්න තිබුණු හොඳම විදිහට සිද්ධ වුණා කියලා.


ක්ෂේත්‍රයේ අයටත් වැඩිය කියලා තිබුණේ නැහැ නේද?


නැහැ නැහැ. ක්ෂේත්‍රයේ අය ඔක්කෝම හිතාගෙන ඉන්නේ අපි දෙන්න කසාද බැඳලා කියලා. ජාත්‍යන්තර විදිහට වෙඩින් එක වෙනම විදිහකට නේ ගන්නේ. විල්යූ මැරි මී කියලා මුද්ද දැම්මහම එන්ගේජ්. අපි ජාත්‍යන්තර ක්‍රමයට අනුවත් එන්ගේජ් වෙලයි හිටියේ.

කවුද මේ වැඩේට උදව් කරපු අය?


අපේ නිල ඡායාරූප ශිල්පියා ලක්මාල් සිංහාරගේ. ඔහු තමයි අපිට ගොඩක් උදව් කළේ. බුලත්සිංහල නලින්ද තමයි වෙඩින් එක ප්ලෑන් කළේ. බුද්ධික ඉඩම්ගෙදර තමයි මල් සැරසිලි සිදුකළේ. හසිනිව හැඬගැන්වීම් සිදුකළේ නයෝමා විජේසිංහ. මගේ ඇඳුම් නිර්මාණය කළේ Groom’s art’ කේක් සැකසුම විජිත කුමාරගෙන්.


හසිනිගේ සාරිය සැකසීම සිදුකළේ රූපකලා ආයතනය. ආභරණ සැකසීම සිදුකළේ ගිටාතෝ කලෙක්ෂන්ස්. කැවිලි මේසය සැකසුවේ ලව් බයිට්ස් ආයතනය. රූපලාවණ්‍ය ශිල්පී හර්ෂණ කසුන් සේනානායකත් ලොකු සහයෝගයක් ලබාදුන්නා


හරිම සලරව කසාද බඳින්න හිතුවේ ඇයි?


ඒ දවස්වල ඉඳලම අපි දෙන්නා හිතාගෙන හිටියේ වෙඩින් එකක් ගන්නවා නම් හරිම සරලව ඒ වෙඩින් එක ගන්නවා කියලයි. වෙඩින් එකෙන් පස්සේ අම්මා කිව්වා ඉතිරි චාරිත්‍ර ටික කරන්න අපි පාර්ටි එකක් ගමු කියලත්. ඉතිං කියන්න බැහැ ඉදිරියේදී සමහර විට එහෙම දෙයක් සූදානම් කරන්නත් පුළුවන්.


හසිනිගේ ගෙදර අය මේ විදිහේ වෙඩින් එකකට කැමති වුණාද?


හසිනිගේ අම්මත් ගුරුවරියක්. හසිනිත් ගොඩක් ආගම දහමට ළැදි කෙනෙක්. ඒ වැඩේට ගොඩක් කැමති වුණා.


දැන් රඟපෑමට මූලිකත්වය ලබාදෙන්නේ නැතිද?


මූලිකත්වය ලබාදෙනවා. මට නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. සමහර වෙලාවට මගේ තියෙන වැඩ කටයුතු එක්කත් එවැනි ආරාධනාවන් වලට බැහැ කියන්න වෙන අවස්ථාත් තිබෙනවා.


ඇයි මේ සංගීතය පැත්තට යොමු වෙන්න හිතුවේ?


පුංචි කාලේ ඉඳලා මම සංගීතයට ආසයි. මගේ ඇඟේ කලාව පිහිටලා තියෙනවා කියලත් දැනගත්තේ සංගීතය හින්දමයි. මම සංගීතයෙන් පස්සේ තමයි රඟපෑමට ආවේ.


බෑන්ඩ් එකක් පටන් ගත්තා කියන්නේ ඇත්තද?


ඔව් මමයි ෆන්කි චර්ට් බෑන්ඩ් එකේ ශෙනාල් මද්දුමගේයි එකතුවෙලා තමයි බෑන්ඩ් එක පටන් ගත්තේ. මගේ අලුත්ම බෑන්ඩ් එකේ නම ‘ෆන්කි’ කියලා බෑන්ඩ් එක හදන්න මූලිකත්වය ලබාදුන්නේ ශෙනාල් මද්දුමගේ.


ෆන්කි බෑන්ඩ් එකට ආරාධනා ලැබෙනවාද?


අපිට ආරාධනා ලැබෙනවා. අපි පළමුවැනි වෙඩින් එක ප්ලේ කළේ අගෝස්තු මාසයේ. ඉදිරියේදී තවත් ආරාධනා ලැබිලා තියෙනවා.


ඉස්සර ඉඳලම බෑන්ඩ් ප්ලේ කළාද?


ඔව්. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා බෑන්ඩ් එකක් තියෙනවා. ඉතිං ඉස්කෝලෙන් පස්සේ බෑන්ඩ් ගහන්න බැරිවුණ හින්දා ඒක පොඩ්ඩක් මගහැරුණා. නමුත් මම මෑතකදී ශෙනාල්ව මුණ ගැසුණා. ඔහුගේ ආරාධනාව මත තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ.


විවාහ ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවාද?


මට තව ඉගෙන ගන්න තියෙනවා. ශාස්ත්‍රපති උපාධිය කරලා අවසන් කරන්න ඕනෑ. තව කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් තියෙනවා. ඔය අතරේ රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා.


හසිනිව කසාද බඳින්න තිබුණ විශේෂම හේතුව?


හසිනි කවදාවත්ම මට බොරු කියන්නේ නැහැ. එයා මට අවංකයි. ඇත්තටම එයා මට ආදරෙයි.


වෙඩින් එකෙන් පසුව හසිනි රඟපෑමෙන් ඉවත් වෙනවාද?


රඟපෑම් කටයුතුවලින් ඉවත්වෙන්න අපි දෙන්නගේම අදහසක් නැහැ. කලාවෙන් අපි ඈත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මොකද අපේ ඇඟේ තියෙන්නේම කලාවනේ. අපි දන්න කලා වැඩ ටිකත් කරගෙන හොඳින් ජීවත්වෙන්න තමයි අදහස.


දිනේෂ් විතානa



Previous Post Next Post