මම හරිම කටකාරයිලු හැමෝම කියනවා-ටි්‍රනිටි ක්ලේයාරා





රසික හදවත් තුළ අපූරු මතක සටහන් ලියා තැබූ ඇය දඟකාර, හැඩකාර වගේම කටකාර පුංචි සුරංගනාවියක්. රංගනයෙන්, නර්තනයෙන් විස්කම් දක්වන මේ සිඟිති දියණිය මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කාගෙත් නෙත් වශී කර ගන්නා ටි්‍රනිටි ක්ලේයාරා මෙවර කළ සොඳුරු කතාබහයි මේ.


ඉතින් ටි්‍රනිටි මේ දවස්වල කොහොමද ඔයාට?


ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල ෆිල්ම් එකක ෂූටිංවලට යනවා. ඒ වගේම මම ඩාන්සින් ක්ලාස්, ජිම්නාස්ටික් ක්ලාස්වලටත් යන්න හරිම ආසයි. ස්කූල් එකේ පාඩම් වැඩත් කරන්න මං ගොඩක් කැමැතියි.


“සංසාරිණී” ටෙලි නාට්‍යයේ “හස්වි” ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමුද….?


“හස්වි” ගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බවුණා. මම ඒක ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණ චරිතයක්. හැමෝම මං ලස්සනට ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවා කිව්වා. මං ගැන දැනගෙන හිටියේ නැති ගොඩක් අය ඒ චරිතයෙන් මාව හඳුනාගත්තා.


ටි්‍රනිටි හරිම දඟකාර කටකාර දුවෙක්ලු නේද….?


ගොඩක් අය කියනවා මං හරිම කටකාරයි කියලා. හස්විගේ චරිතයේ වගේම ඇත්තටම මං හරිම දඟකාරයි. කටකාරයි කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් හැමෝම මට හරිම ආදරෙයි.


ටි්‍රනිටිට මුලින්ම රංගනයට අවස්ථාවක් ලැබුණම මොකද හිතුණේ…?


මට රඟපාන්න ආරාධනාවක් ලැබුණම ගොඩක් සතුටු හිතුණා. ලලිත් පැරකුම් සර්ගේ ඩාන්සිං ක්ලාස් එකේදි සර් තමයි මං ගොඩක් දක්ෂයි කියලා මාව රංගනයට සම්බන්ධ කරලා දුන්නේ. මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ හර්ෂ මාමගේ දියණි නාට්‍යයෙන්.


මේ දිනවල ටි්‍රනිටි චිත්‍රපටයකත් රඟපානවලු නේද… ඒ ගැනත් කියමුද…?


සුරංගද අල්විස් මාමගේ අධධථ


Number 106 කියන ෆිල්ම් එකේ ෂූටිංවලට මේ දවස්වල යනවා. මං


පළමුවැනි වතාවට තමයි ෆිල්ම් එකක රඟපෑවේ. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ෆිල්ම් එකේ ඇක්ට් කරපු බිමල් මාමා, ඩිෂ්නි අක්කා ඒ හැමෝම මට හරිම ආදරෙන් ගොඩක් දේවල් කියලා දුන්නා.


ටි්‍රනිටි දැන් ගොඩක් ජනප්‍රියයි නේද…. ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු නේද…?


හර්ෂ මාමගේ දියණි නාට්‍යයේ වගේම ඊට පසුව මහේෂ් මාමගේ අලුත් මිස් නාට්‍යයේ රඟපෑවා. ජානු නාට්‍යයේ එනූ කියන චරිතයටත් මම රංගනයෙන් දායක වුණා. බෝනික්කියෝ, අළුපාට දේදුනු, සිත නිදි නෑ, සංසාරිණී කියන ටෙලි නාට්‍යවලිනුත් මං ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් මට රංගනයට අවස්ථාව දුන් ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. හැමෝම ආදරයෙන් මතක් කරනවා.


මෙතෙක් රංගනයෙන් දායක වූ චරිත අතරින් ටි්‍රනිටි වඩාත්ම කැමැති චරිතයක් තිබෙනවාද…?


“සිත නිදි නෑ” ටෙලි නාට්‍යයේ


චුට්ටිගේ චරිතයට මං ගොඩක් කැමැතියි. ඒ චරිතය මං ආසාවෙන්ම කරපු චරිතයක්.


ටි්‍රනිටි දුවගේ පෞද්ගලික විස්තරත් ටිකක් කියමුද….?


මගේ මුල්ම පාසල ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය. දැන් මම ඉගෙන ගන්නේ ලින්කෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේ 3 ශේ්‍රණියේ. මට අයියෙකුයි අක්කෙකුයි ඉන්නවා.


රංගනයට අමතරව ටි්‍රනිටිට තිබෙන වෙනත් දක්ෂතා මොනවාද…?


ජිම්නාස්ටික් තරගයකින් මැලේසියා ගිහින් තෙවන ස්ථානය දිනා ගත්තා. මට ලස්සනට ඩාන්ස් කරන්නත් පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න වැඩවලටත් මං දක්ෂයි. ඩාන්සින් තරගවලිනුත් මං ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.


ටි්‍රනිටි දුවගේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද….?


අම්මා හැමවෙලේම ෂූටිං යනකොට මාත් එක්ක එනවා. අම්මා මට ගොඩක් උදවු කරනවා. මගේ අක්කා මට පාඩම් වැඩ නිතරම කියලා දෙනවා. තාත්තා රට ඉඳන් මට කතා කරලා කියනවා මං ලස්සනට රඟපානවා කියලා. ආච්චිත් මගේ ඇක්ටිං බලලා සතුටු වෙනවා. මගේ අයියත් රට ඉඳන් මට ටොෆි, චොකලට් එවනවා. තව ලස්සනට ඇක්ට් කළොත් ගොඩක් ටොෆි, චොකලට්, සෙල්ලම් බඩු මට එවන්නම් කියනවා. දිගටම ඇක්ට් කරන්න කියලා හැමෝම මට උදවු කරනවා.


ටි්‍රනිටි ට ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලා එක්ක එකට රංගනයේ යෙදීමට ලැබීම ගැන මොකද හිතන්නේ කියමුද…?


මට ගොඩක් දේවල් ප්‍රවීණ නැන්දලා මාමලා කියලා දෙනවා. වැරැදුණොත් ආපහු හොඳට කරන්න කියලා මට උදවු කරනවා. සාරංග මාමා, උදාරි නැන්දා මට ගොඩක් දේවල් කියලා දුන්නා.


පාසලෙන් ටි්‍රනිටිගේ දක්ෂතාවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද…?


ටීචර්ස්ලා මට ගොඩක් උදවු කරනවා. ෂූටිං තිබෙන දවස්වල මට අතපසු  වන පාඩම් මං අහනකොට කියලා දෙනවා. මං ලස්සනට ඇක්ට් කරනවා කියනවා. යහළුවොත් මං ඇක්ට් කරන ටෙලි නාට්‍ය බලලා ඇවිත් ලස්සනයි කියනවා.


ටි්‍රනිටි දුවගේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමුද….?


ජිම්නාස්ටික්, ඩාන්සින්, ඇක්ටිං කියන තුනෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. හොඳට ඉගෙනගෙන දිගටම ලස්සනට ඇක්ට් කරන්නත් ආසාවෙන් ඉන්නවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post