එයා ගුවන් හමුදා නිලධාරියෙක්,අපි විවාහ වුණේ යෝජනාවකින් -අශිකා




කලා ලෝකය තුළ මේ වෙද්දි විවිධ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය ඔබ අප කවුරුත් දන්නා රංගන ශිල්පිනියක්.අශිකා මත සිංහ කියන මේ සුන්දර කලාකාරිනියව හැමෝම දැනගත්තේ කොහොම සබන් ඇඩ් එක නිසයි.


ඊට පස්සේ ටික කාලයක් ජනප්‍රිය වෙලා ඇය ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක එකතු වුණේ නැහැ. ඒ අයගේ විවාහ ජීවිතය දරුවන් ලැබීම නිසා දරුවන් වෙනුවෙන් ටික කාලයක් කාලය ගත කරන්න අයට සිද්ධ වූ නිසයි.


නමුත් දරුවන් ලොකු උනාට පස්සේ ආයෙමත් සැරයක් අෂිකා කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණා.ඇයට ඊට පස්සේ දිගටම ලැබුණා මවගේ චරිතය මවගේ චරිතයටම ආරාධනා ලැබුණ නිසා හැමෝම හිතුවා ඇය මවගේ චරිතයටම කොටු වෙයි කියලා. හැබැයි මේ වෙද්දී පෙම්වතියගේ චරිතයටත් ඇයට ආරාධනා ලැබිලා තියෙනවා.හිත ළඟ හිනහ වුණා ටෙලි නිර්මාණය තමයි මිනෝලිගේ වර්තමාන කාලයේ රංගන ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂය.ඒ සියලු දේවල් එක්ක පවුලේ වැඩ කටයුතුත් හැමදේමත් සමබරව කරගෙන යන්න ඇයට ආදරණීය සැමියගෙ උදව් ගොඩක් වටිනවා ඇය ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“ඔහු සුරේන්ද්‍ර මුණසිංහ. ගුවන් හමුදා නිලධාරියෙක්. අපි විවාහ වුණේ යෝජනාවකින්. සුරේන් කියන්නේ ඉෂාන් ගම්මුදලි අයියගේ යාළුවෙක්. ඉෂාන් අයියව මුණ ගැහෙන්න ‘කිඳුරංගනා‘ ලෝකේෂන් එකට ආපු දවසක. මගේ යාළුවො දෙන්න නේරංජනායි ටමාෂායි සුරේන්ගෙන් අහලා විවාහ වෙන්න කැමැත්තක් නැද්ද කියලා. එයා කියලා අර කොහොඹ ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ කෙල්ලෙක් හමුවුණොත් විවාහ වෙනවා කියලා. මං ඒ කොහොඹ ඇඩ් එකේ හිටියා. එතැනදි තමයි මගේ යාළුවො දෙන්න මාව ප්‍රපෝස් කරල තියෙන්නෙ. ඊට පස්සෙ නේරංජනාගෙ වෙඩින් එකට සුරේන්ටත් ආරාධනා කරලා තිබුණා. මං එයාගෙ බ්‍රයිඩ්ස්මේඩ්ට හිටියා. එදාත් කතාබහ කළාට මං කැමැත්තක් පෙන්නුවේ නෑ. කොහොමහරි දිගටම කතාබහ කරද්දි කැමැත්තක් ඇති වුණා. එයාගෙ කතාව තමයි මාව අල්ල ගත්තෙ. කෙටි ඇසුරකින් අපි විවාහ වුණා. දැන් අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි දුවයි. මගේ කලා කටයුතුවලට සුරේන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. අපි හරිම සතුටෙන් ජීවත් වෙනවා.”



Previous Post Next Post