දිල්ෂාන් සහ ඔහුගේ බිරිඳ මංජුලා චූටි දිශාල්ව පුදුම කරලා..

 


T.M.දිල්ෂාන්.. අපේ රටේ බොහෝ දෙනෙක් මේ තරුව ගැන දන්නේ  ක්‍රිකට් පිටියේ  දක්ෂතාවලින් පිරුණු චරිතයක් ලෙසයි..ඒත් මේ ක්‍රිකට් ක්‍රීඩකයාට ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ ක්‍රිකට් නිසාම විතරක් නෙවෙයි.. ඔහුගේ පවුල් ජීවිතයේ රසමුසු තැන් හැම වෙලාවකම වගේ දිල්ෂාන් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයත් එක්ක බෙදා ගන්නවා..


ඉතින් මේත් ඒ වගේ තව එක දවසක්.. ඒ පවුලට සතුට ගෙනදෙන දරුවන් හතර දෙනාගේ විශේෂ අවස්ථා සමරන්නේ නැතිව කොහොමද..? ඉතින් දිල්ෂානුත් ඇගේ බිරිඳ මංජුලාත් මේ විදිහට මේ සමරන්නේ ඔවුන්ගේ පුතා දිශාල්ගේ උපන්දිනයයි..


මීට දින කිහිපයකට ඉහතදී පැවති ඒ අපූරු සාදයේ ඡායාරූප කීපයක් මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණු පොතට එක් කරලා තිබුණා...




Previous Post Next Post