ජීවිතට ලැබුණ ලස්සනම නවාතැන ගැන දීපිකා එක්කළ ආදරණීය සටහන මෙන්න..

 


ඇය අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියක්..ඒ වගේම ඇයට ආදරය කරන රසික රසිකාවියන් ඇය ගැන දැනගන්න ගොඩක් වුවමනාවෙන් බලාගෙන ඉන්නවා.. මේ කියන්න යන්නේ ඔයාලා ආදරය කරන ඇය ගැන ලස්සන කතාවක්.. මීට අවුරුදු තුනකට කළින් ඇගේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදයක් පටන්ගත්තා..


ඒ ඇගේ ජීවිතය අලුත් කරපු ඇගේ දරුවන් දෙදෙනා තමයි දැන් ඇගේ ලෝකෙම..ඉතින් එයලා දෙන්නාටම දැන් අවුරුදු තුනක්ලු...


ඒ ආදරණීය දවසේ ආදරණීය සටහනක් එකතු කළ දීපිකා මෙන්න මේ වගේ ආදරණීය සටහනක් ආශි සහ අග්‍ර වෙනුවෙන් මීට ටික දවසකට ඉහතදී ඔවුන්ගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ෆේස්බුක් ගිනුමට එකතු කරලා තිබුණා..


"මීට තුන් වසරකට පෙර ඔයාල දෙන්න මගේ දෝතට දුන්න වෙලාවෙ තමයි මං මේ ලෝකෙ ලස්සනයි කියල දැන ගත්තෙ... එදා මං අම්ම කෙනෙක් උන දවස තමයි මගේ ජීවිතේ සුන්දරම දවස.... එදා මෙදා තුර අපේ උණුසුමේ ආශි සහ අග්‍ර කුරුළු පැටව් දෙන්නෙක් වගේ ඔය දෙන්න ටිකෙන් ටික ලොකු උනා.

අද අපේ රත්තන් පුතාල දෙන්න ඔයාලගෙ ජීවිතේ තුන් වන වසරට පා තබන දවස....ඉතින් මගේ ආදරණීය පුතේ නිහඬව ගලාගෙන ගිය අපේ ජීවිත වලට නව අරුතක් එක් කරපු ඔය දෙන්නට සුබම සුබ උපන්දිනයක් පපුව පුරව ගෙන උතුරන සෙනෙහසින් ප්‍රාර්ථනා කරන්නම්.

තුනුරුවන්ගේ අශීර්වාදයෙන් ,සත් පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදයෙන් සියලු දෙවි දේවතා ආශීර්වාදයෙන් ඔයාල දෙන්නට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ......

ආදරණීය අම්මා සහ තාත්තා"




Previous Post Next Post