මං ටිකක් මහත් වුණා.. ඒක හැමෝටම ප්‍රශ්නයක් - මාධවී ඇන්තනී

 


ඇය කා අතරත් ගොඩක් කතා බහට ලක්වන චරිතයක්..හැමදාමත් වගේ  ඇය ගැන ගොඩක් දෙනා එක එක කතා කිව්වත් මාධවී කවදත් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන්න නම් පැකිලෙන්නේ නෑ..ඒ මේ මාධවී කියන්නේ ටික්ක වෙනස් විදිහක කතාවක්.. පසුගිය දවසක මාධවී ගොඩක් මහත් වෙලා හිටියාලු..ඉතින් ඒ නිසා ගොඩක් අය හිතලා තියෙන්නේ මාධවී - කසුන් කාටත් සුබ ආරංචියක් කියන්න යනවා කියලා ලු..

මාධවි වගේම කසුන් දෙන්නා මව්පිය පදවි බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා හිතුවාට ඇත්තටම මේ ඉතින් මාධවීට කට පාලනය කරගන්න බැරි නිසා ලැබුණ මහතක් කියලා තමයි කසුන් නම් හිනා වෙවී කිව්වේ..මාධවී කියනවා ඒ අතර  මෙන්න මේ වගේ දුක හිතෙන කතාවක්.. දුවෙක්ගේ හොඳම යාළුවා නේ තාත්තා කියන්නේ ඉතින් මාධවීට අප්පච්චි නැති අඩුව් හොඳටම දැනෙන්නේ දැන් ලු..

මගේ දුවට මං ඉන්නවා කියලා ඉස්සර අප්පච්චි එයාට නිතර දෙවේලේ කිව්වත් දැන් අප්පච්චී නැති එක එයාට ලොකු දුකක් ලු..කොහොම වුණත් මල්ලිලා දෙන්නාගේම ඒ සුබ පණිවිඩය අහන්න අප්පච්චී හිටියත් එයාගේ ඒ පණිවිඩය අහන්න අප්පච්චී නැති වෙන එක නම් දුකක් කියලා තමයි ,සිනහවෙන් පටන්ගත්ත ඒ කතාව කඳුලකින් අවසන් කරලා මාධවී කඳුළු පිරි දෙනෙතින් කිව්වේ..




Previous Post Next Post