නාදගම ට විරාමයක් - සුපුන් පෙරේරා



සුපුන් පෙරේරා කියනවට වඩා ඔහු මෑත කාලයේ ප්‍රසිද්ධ වුණේ කෝච් සුපුන් කියල. සුපුන් සංගීතයෙන් ටිකක් එහා මෙහා වෙලා වෙනස්ම වැඩකට සම්බන්ධ වුණා. ඒක ඔබට දැකගන්න වෙන්නෙ ඍත්‍ක්‍ක්‍ 2024 මගින්. ඉතිං මීවිත අපි මේ කතා බහ කළේ වැඩි විස්තර දැනගන්න.


● සුපුන්” රැෆෙල්ලාගෙන් ලැබුණ රූපලාවන්‍ය ශිල්පියාගේ අත්දැකීම මොන වගේද?


ඇත්තටම ඒක මගේ ජීවිතයට වටිනා විශේෂ අත්දැකීමක්. මොකද මාව බොහෝ දෙනෙක් දන්නෙ සිඟර් කෙනෙක් සහ මියුශීෂියන් කෙනෙක් හැටියට. මගේ කැරියර් එකත් එක්ක ස්ටයිලින් සහ ෆැෂන් කියන දේ මම ගොඩක් ෆලෝ කරනව. ඒ නිසා මියුසික් වීඩියෝ එකක් කළත්” සෝෂල් මීඩියාවල දෙයක් අප්ලෝඩ් කළත් ස්ටයිලින් පැත්ත ගැන හිතනව.


● කොහොමද මේ හමුවීම සිද්ධ වෙන්නෙ?


මේ යන ගමන අතරතුර තමයි මීට අවුරුද්දකට කලින් රැෆෙල්ලාව මට මුණගැහෙන්නෙ. ඒ වගේම ඇය මගේ මියුසික්වල ෆෑන් කෙනෙක්. මමත් ඇයගේ ෆොටෝග්‍රැපි සහ ෆැෂන්වල ෆෑන් කෙනෙක්. අපි දෙන්නම දෙන්නගෙම වැඩ ඇප්‍රිෂියේට් කරනව. ඉතිං මේ හිතවත්කමේ ප්‍රතිපලයක් හැටියට RFCC ගිය අවුරුද්දෙ ඉවෙන්ට් එකට ඇය මට ඉන්වයිට් කරනව අමුත්තෙක් හැටියට. ඒක මම ගොඩක් එන්ජෝයි කළ ඉවෙන්ට් එකක්. ගිය අවුරුද්දෙ මැදදි වගේ මට කතා කළා මෙවර RFCC එකේ ෆීචර් කරන්න එන්න කියල.


ඒ ආරාධනය ඔබට දැනුණෙ කොහොමද?


ඇත්තටම මට ගොඩක් සතුටු හිතුනා. ලංකාවේ මේ ලෙවල් එකේ ෆැෂන් ඉන්ඩස්ටි්‍ර එකේ දෙන ලොකුම සහ එකම වැඩේ සහ මෙකෙන් ලංකාවෙන් එළියෙ ආටිස්ට්ලවත් ෆීචර් වෙනව. මොකද රැෆෙල්ලා කියන්නෙ ලංකාවෙන් එළියෙත් නමක් දිනාගත්ත ෆොටෝග්‍රැෆර් කෙනෙක්. අපිට තිබුණ කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි නොවැම්බර් අග වෙනකොට ෂූට් එක කරගෙන වැඩේ ලෑස්තිකර ගත්තා.


● ෆැෂන් ෂෝ වලටත් ආරාධනා ලැබුණොත්?


මගේ මියුසික් වැඩත් එක්ක තවත් දේකට කාලය වෙන් කරන්න ඉඩක් නැහැ. මම මගේ සෝලෝ කැරියර් එක කරගෙන යනවා. සිංදු හදනවා” ප්‍රසංගවලට සහභාගී වෙනවා” ඊට අමතරව බෑන්ඩ් එකේ වැඩ කරගෙන යනවා. ඒ අතර මේ වගේ විශේෂ දේකට ආරාධනාවක් ආවොත් කොහොම හරි කාලය හදාගන්නව.


කොහොමද සංගීත වැඩකටයුතු?


සංගීත වැඩකටයුතු ඉතාම හොඳින් කෙරීගෙන යනව. දවස් හතරක් පුරා පවත්වපු කොම්පක්‍ද්ක්‍දවීදියේ නාදගම ප්‍රසංගය දැනට දවස් කිහිපයකට කලින් අවසන් කළා. සංගීතය සැපයුවේ මගේ ජර්නි බෑන්ඩ් එක.


● නාදගමට විරාමයක් දෙන්න යනව කියල ආරංචියි?


ඔව්” එහෙම අදහසක් තියෙනව. අපි අවුරුදු පහක් විතර මේ ප්‍රසංගය කරගෙන ආවා. ඉදිරියේදී මේ ෆෝමැට් එක ටිකක් වෙනස් කරල අලුත් විදිහකට එන්න තමයි අදහස් කරන්නෙ. ඒ දවස කවද වෙයිද කියන්න බැහැ දැනට.


පීක්ම අවස්ථාවේදී තමයි මේ බ්‍රේක් එක ගන්නෙ?


මං හිතන්නෙ වෙන්න ඕන ඒක තමයි. එහෙම නොවුණොත් අපි මේ ප්‍රසංගයේ වෙනසක් කරන්නවත්” දියුණු කරන්නවත් හිතන්නෙ නැහැ.


● නාදගම කණ්ඩායමත් අලුත් වෙයිද?


මං හිතන්නෙ නැහැ ආටිස්ට්ලගෙ වෙනසක් වෙයි කියල. මේ සංයුතියට මිනිස්සු පුරුදුවෙලා තියෙනව සහ අපිත් ස්ටේජ් එක උඩදි එකිනෙකා මත යැපෙනව. ඒක්කෙනෙක් හරි අඩු වුණොත් හරි අමාරුයි අපිට.


● අවසන් නාදගම ප්‍රසංගයේදී කනගාටුදායක සිද්ධියකුත් සිදු වුණා?


ඔව්” රිද්මගේ තාත්තා හදිසි අනතුරකින් රෝගාතුර වෙලා ප්‍රතිකාර ලබමින් හිටියෙ. අපි හැමෝටම ධනාත්මක අදහසක් තිබුණා ඔහු නැවත යථා තත්ත්වයට ඒවි කියල. නමුත් නොසිතූ විදිහට එතුමා නාදගම තුන්වැනි ප්‍රසංගය දවසෙ අපි අතරින් වෙන් වුණා. මෙතනදි රිද්ම ගැන කියන්නම ඕනා. ඒ තරම් සංවේදී අවස්ථාවකදීත් ඔහු නාදගමේ රසිකයන් වෙනුවෙන් ගීත කිහිපයක්ම ගායනා කළා. ඔහුගේ තාත්තාගේ හීනය වුණේ ඔහු ගීත ගායනා කරනව දකින එක. එතුමාට උපහාරයක් විදිහට රිද්ම ප්‍රසංග දෙකේදිම ගීත ගායනා කළා.


● සුපුන්ගෙ ඊළඟ ජර්නි එක කොතනින්ද පටන්ගන්නෙ?


අපේ බෑන්ඩ් එකේ වැඩකටයුතු ගත්තාම වෙනම කරගෙන යන ප්‍රසංග කිහිපයක් තියෙනව. ඊට අමතරව වෙඩින්” ඉවෙන්ට් වගේ දේවලුත් කරනව. ඊළඟ ලොකුම බලාපොරොත්තුව තමයි අපේම කොන්සර්ට් එකක් පටන්ගන්න එක. ඒකෙ හැඩය මේ දවස්වල හදාගෙන යනව.


● කෝච් සුපුන්ගෙ ගෝලයා රමියාගෙ තොරතුරු මොනවද?


රමියා දැන් ඔහුගේම මාර්ගයක් හදාගෙන යනව. ප්‍රසංගවලට සහභාගී වෙනව” ගීත නිර්මාණය කරනව සතුටුයි එහෙම දකිනකොට. රමියා වැඩිපුර කැමති රෙගේ ස්ටයිල් එකට. ලංකාවේ ඒකට ඉන්න පිරිස රමියාත් එක්ක ඉන්නව. අපි එකතුවෙලා වැඩක් කරන්න ලෑස්තිවෙලා ඉන්නව. ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.


● සංගීත දිවිය ගැන අද තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?


ඇත්තටම ගොඩක් සතුටුයි. ජීවිතේ ගොඩක් දේවල් අතහැරල තමයි සංගීතය තෝරාගත්තෙ. මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරියෙක්. ලංකාවේ ඉහළ පෙළේ ආයතනවල රැකියාව කරපු කෙනෙක්. ඒ ඔක්කොම අතහැරල තමයි ෆුල් ටයිම් සංගීතය තෝරාගත්තෙ.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post