ඉතිහාසයේ පළමු වතාවට වේදිකාවක් උඩදී සේනානායක වේරලියද්ද කරපු වැඩේ

 


ලංකව දන්න කියන,වේදිකාවට නැතිවම බැරි වුණ ගායකයෙක් තමයි සේනානායක වේරලියද්ද කියන්නේ.
කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් ගොඩනගා ගැනීමට ආධාර පිණිස පසුගියදා ආදි ශිෂ්‍යය සංගමය එක්ව සංවිධානය කළ මහා සංගීත රාත්‍රියකදී තමයි මෙම සිදුවීම සිදු වෙලා තිබෙන්නේ.

මෙම සංගීත රාත්‍රිය ආරම්භයට මෙම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිවරයා පාසල ගැන,පාසලේ දරුවන්ගේ අවම පහසුකම් ගැන සහ දුක් විඳගෙන ඉගෙන ගන්න දුවා දරුවන් ගැන සඳහන් කරමින්, මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කිරීම ගැන ඔහු කතාවක් පවත්වා තිබුනා.

මෙම ප්‍රසංගයට  ජනප්‍රිය තරු රාශියක්ම ගීත ගායනයට එක් වුණා.ඒ වෙලාව වෙද්දිත් සේනානායක වේරලියද්ද ගායන ශිල්පියා මේ ස්ථානයට පැමිණ හිඳ තිබෙනවා.

ඉතින් තමන්ගේ වාහනයට වෙලා මේ ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිවරයාගේ කතාව සාවධානව අසා සංවේදී වූ සේනානායක වේරලියද්ද හරි අපූරූ වැඩක් කරනවා.

ඒ ඔහු මේ ප්‍රසංගයේ කිසිදු මුදලක් අය කරන්නේ නැතිවම ගීත ගායනා කරලා මිනිස්සු සතුටු කරනවා වගේම,ඔහු ඒ මුදල් පාසලේ දියුණුව වෙනුවෙන් පරිත්‍යාග කරන්නට තරම් කාරුණික වෙනවා.

අවසානයේ ඔහු ගීත ගායනා කරලා වේදිකාවෙන් බැස යන අවස්ථාවේදි විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍යන් දෙපස රැඳී ඔහුට ගෞරව කල බවද සඳහන් වෙනවා. නැවතත් ඔහුට යම් මුදලක් ලබා දෙන්නට කටයුතු කලත් ඒ මුදලත් ප්‍රතික්ෂේප කලා කියලයි තමයි ආරංචි වෙන්නේ.(උපුටාගැනීමක්)

Previous Post Next Post