රෝද පුටුවේ වාඩි වෙද්දි මට ගොඩක් බය හිතුණා-දෙව්නවි අප්සරා



නර්තනයෙන් මෙන්ම රංගනයෙන්ද පුංචි තිරය තුළ රූ රටා මවන සශායා දෙව්නවි අප්සරා මේ දිනවල පුංචි තිරය තුළ හැඩ මවමින් ලොකු – කුඩා සියලු දෙනාගේම ආදරය දිනාගත් ඇය  සමඟ එකතු වුණේ සිය රංගන ජීවිතේ රසබර මතක ගොන්නක් සමඟ.


ඉතින් සශායා කොහොමද?


මම හොඳින් නැන්දි


සශායාගේ පාසල ගැනත් මතක් කරමු?


මගේ පාසල හෝමාගම ජාතික පාසල


සශායාගේ ගෙදර කවුද ඉන්නෙ?


ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි .. ආ.. තව පූස් පැටවු තුන්දෙනකුත් ඉන්නවා.


සශායා වැඩිපුරම ඇවිදින්න යන්න ආස කොහෙද?


බීච් එකට යන්න ආසයි. තව අනුරාධපුරේ තමයි වැඩිපුරම යන්න ආස, එහෙ ඇවිදින්න, පන්සල් යන්න ගොඩාක් කැමැතියි.


සශායා ටිකක් දඟයිද?


ටිකක් දඟ වැඩත් කරනවා ඉතින්. ඒත් මම හොඳ ළමයෙක්.


සශායා රඟපානවා කියලා පාසලේ යාළුවෝ දන්නවද?


ඔව්. මම රඟපානවා කියලා හැමෝම දන්නවා. ස්කූල් එකේ හැමෝම මට ගොඩාක් ආදරෙයි. මට ඒ ගැන හරිම සතුටුයි.


සශායාගේ ඇක්ටින් ගැන කට්ටිය මොකද කියන්නෙ?


මට හැමෝම ගොඩක් ආදරෙයි. එළියෙදි මාව දැක්කම මට එක එක නම්වලින් කතා කරනවා. ස්කූල් ගියාම චූටි නංගිල ඇවිත් මාව වට කර ගන්නවත් එක්ක. ඒ වගේම තමයි මට ෆේස්බුක් ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. මට ගොඩාක් මාමලා, නැන්දලා සහ යාළුවෝ කෝල් කරනවා. සුව දුක් විමසනවා. මට තෑගි එහෙමත් එවනවා. විදෙස් රටවල ඉන්න මාමලා, නැන්දලා පවා මට කෝල් කරනවා. ලංකාවට ආවම මාව බලන්නත් ඇවිත් තිබෙනවා. ඒ හැමෝටම මම ගොඩාක් ආදරෙයි.


සශායා මුලින්ම රඟපාද්දි වයස කීයද?


මුලින්ම කැමරාවක් ඉදිරියට ආවේ මම නර්සරි යන කාලෙදි. එතකොට මට අවුරුදු හතරක් විතර.


ඊට පස්සේ විවිධ රූපවාහිනි වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් සහ ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වුණා. මේ වෙනකොට මම චිත්‍රපට දෙකකටත් සම්බන්ධ වෙලා තිබෙනවා.


ටෙලිනාට්‍ය, කෙටි ටෙලිනාට්‍ය විස්සකට පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. වෙළෙඳ දැන්වීම් තිහක් පමණ කරල තිබෙනවා. ඊටත් අමතරව ගීත රූප රචනා තුනක් කරල තිබෙනවා. 2023 ජුනි මාසයේ තවත් ගීත රූප රචනයකට සම්බන්ධ වුණා. ඒකට සම්බන්ධ කර ගත්තෙ ඉතාලියේ නාපොලි නගරයෙ නික්සන් පීරිස් මාමා. ගීතය ගායනා කරන්නේ ඉතාලියේ නාපොලි නගරයෙ පදිංචි කුසල් රුක්ශන අයියා. ඒ ගීතයත් ඇතුළුව මම ගීත රූප රචනා හතරකට දායක වෙලා තිබෙනවා.


සශායා රංගනයෙන් දායක වෙලා තියෙන මතක හිටින නිර්මාණ ටිකක් මතක් කරමුද?


සංජුල දිවාරත්න මාමා අධ්‍යක්ෂණය කරපු සිත් නාට්‍යයෙ ප්‍රධාන ළමා චරිතය නිරූපණය කළා. ඒක ඇවිදින්න බැරි රෝද පුටුවක සිටින දැරියකගෙ චරිතයක්. තව සිරස නාළිකාවේ විකාශය වූ සක්කාරං නාට්‍යයෙ. ජයවතීගේ පුංචි අවධියට දායක වීමට අවස්ථාව ලැබුණා. එතකොට මට අවුරුදු හතයි. තව ඊට අමතරව ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ ටෙලි ෆිල්ම් දෙකක ප්‍රධාන ළමා චරිතවලින් දායකත්වය ලබා දෙන්න හැකි වුණා.


රඟපාද්දී සිදු වුණු අමතක නොවන සිදුවීම් මොනවාද?


එක වතාවක් මට රෝද පුටුවක වාඩි වෙලා රඟපාන්න තිබුණා. ඒ වගේ දෙයක් මං කවදාවත් ඊට කලින් හිතලාවත් තිබුණේ නෑ. එදා මට රෝද පුටුවේ ඉඳ ගනිද්දි හරිම බයක් දැනුණා. තවත් ගීත රූප රචනයක මට තිබුණා වීදි දරුවකු ලෙස රඟපාන්න. ඉතින් ඒකත් හරි පුදුම එකක් වුණා. මම සෙරෙප්පු නැතිව පාරෙ ඇවිදන් ගිය විදිහ, බස් එකකට නැඟලා සල්ලි එකතු කරපු විධිය වගෙ දේවල් මට අමතක වෙන්නෙ නැහැ කවදාවත්ම. ගිය මාසේ දවසක කරපු රූපගත කිරීමකදී වැවක් මැදට ඔරුවක යන්නට තිබුණා. ඒ වගේ වැවක් මැද්දට ගිහින් නෙළුම් මල් ඔරුවෙ ඉඳගෙන කඩන්න මට තිබුණේ. ඒ විධියට වැවකට ඔරුවක ගිය පළමුවැනි අවස්ථාව. මේ වගේ හුඟාරියක් අමතක නොවන දේවල් තිබෙනවා.


සශායාට තියෙන වෙනත් දක්ෂතා මොනවාද?


මම ගොඩක් කැමැතියි නර්තනයට. නර්තනය සම්බන්ධයෙන් මම කුසලතා සහතිකත් ලබාගෙන තිබෙනවා…


2023 ජූනියර් ලීඩර් සම්මානයෙන් පිදුම් ලබන්නට මට වාසනාව ලැබුණා.


සශායාගේ අනාගතේ කවුරු වෙන්නද කැමැති?


ලොකු වුණාම නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි මම කැමැති.


ඉගෙනීම් කටයුතුත් එක්ක රංගන කටයුතු කරන එක අමාරු නැද්ද?


ටිකක් විතර මහන්සිය දැනුණා මුල් කාලෙදි. ඒත් දැන් මට හුරුවෙලා. මට ගෙදර අය වගේම පාසලේ ගුරුවරුන්, යාළුවෝ එහෙම පාසල් වැඩවලට හුඟක් උදවු කරනවා. ඒක නිසා මට ඒ වැඩ කරගන්න පහසුයි. රඟපාන්න යනකොට ලංකාව වටේම ලස්සන ලොකේෂන්වලට යන්න පුළුවන් වෙනවා. අලුත් යාළුවෝ මුණගැහෙනවා. ඒවාගේම මහන්සිය දැනුණත් ෂූට් එක ඉවර වෙලා මම ආසාවෙන් බලන් ඉන්නවා ටීවී එකේ පෙන්වන දවස වෙනකල්. ඒ දේවල් නිසා මට ලොකු සතුටක් දැනෙනවා.


ඉතින් සශායා ඔයාට ආදරය කරන ඔයාගේ රසිකයන්ට විශේෂ මොනවා හරි කියන්න තිබෙනවද?


මට ආදරය කරන, ආශීර්වාද ලබා දෙන මගේ අම්මා, තාත්තා ඇතුළු නැන්දලා, මාමලා සහ මගේ පාසලේ ගුරුවරු ඒවගේම මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවනේ. ඒ සියලු දෙනාටම හුඟාරියක් ආදරෙයි. ඒ වගේම බොහොම ස්තූතිවන්ත වෙනවා මාව වැඩසටහන් සඳහා ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ කරගනු ලබන සියලුම මාමලා, නැන්දලාට. ඒ වගේම ටඡ, ඹඩචබචනන හරහා මට ආදරය කරන දෙස් විදෙස්ගතව සිටින සියලු නැන්දලා, මාමලා, අක්කලා, අයියලා හැමෝටම ස්තූතියි. ආදරෙයි හැමෝටම.




Previous Post Next Post