මහේෂිගේ සැමියා ලංකාවේ පළවෙනි එමිරේට්ස් කපිතාන් වෙලා

 


ඉතින් මහේෂිට ලැබුණු තෑග්ගක් ගැන තමයි අපි කියන්න යන්නේ.තෑග්ගක් කිව්වට මේක මහේෂිට තෑග්ගක් උණාට එයාගේ සැමියට ලැබුණු පත්වීමක්.ඔන්න ඉතින් මහේෂි එයාගේ සැමියා ගැන හරී ආඩම්බරෙන් පෝස්ට් එකක් දාලා තිබ්බ.ඒ තමයි එයාගෙ සැමියට ලැබුණු පත්වීමක්..ඉතින් ඇගේ සැමියා මේ වෙද්දි ලංකාවේ ප්‍රථම එමිරේට්ස් කපිතාන්වරයා විදියට පත් වෙලා.ඉතින් ඒක ඇයට ලොකු ආඩම්බරයක්.බලන්නකෝ එයාගේ සතුට වචන වලට පෙරලලා තියෙන විදිය.

ආයුබෝවන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අවුරුදු විස්සක් තිස්සේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා හරිම ගෞරවයෙන් ආදරයෙන් රැකියාව කරපු තැන... මේ ඔහුගේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අවසන් දවස... Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පලවෙනි ශ්‍රී ලාංකිකයා ඔයා වීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් .... ඔයාට සුභ පැතුම් මෙච්චර ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් උනේ ඔයාගේ තියෙන හැකියාව දක්ෂකම නිහතමානී කම සහ රැකියාවට තියෙන ගෞරවය නිසා කියලා මම හිතනවා ඒ තීරණය ගන්න හේතුව ඇත්තටම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වරදක් නෙමෙයි අපි ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගොඩක් ආදරෙයි..





Previous Post Next Post