රංගනය මගේ ඇඟේ තියෙනවා කියලා මං වත් දැනගෙන හිටියේ නැහැ -සූර්යා දයාරුවන්




ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධවනිය’ සිනමාපටයෙන් සිනමාවට පා තබා ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සකර්ම’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක විචාරක අවධානයට ලක්වූ රංගනයක නිරතවෙමින් රංගනයට අමතරව ගායනය, නර්තනය මෙන්ම මෝස්තර නිරූපණ කලාවෙන් ද දක්ෂතා පෙන්වමින් මේ දිනවල පුංචිතිරයේ විකාශය වන ‘දිවිතුරා, 4චූන් රෙසිඩන්සි, හිතුවක්කාරී, විදූ’ ටෙලිනාට්‍ය තුළින් ඔබ හමුවට එන තරුණ රංගන ශිල්පි සූර්යා දයාරුවන් සිය රංගන, ගායන, නර්තන, මෝස්තර නිරූපණ කාර්යයන් ගැන කතාකිරීමට සරසවිය හා මෙසේ එක්විය.


ඔබ කලාවට අවතීර්ණ වූ ආකාරය


මම පුංචිකාලයේ ඉඳන්ම කලාවට සම්බන්ධයි. පවුලෙනුත් මට ඒ ආභාසය තිබ්බා. මගේ තාත්තාත් සංගීතයට සම්බන්ධයි . ඔහු සින්දු ලියනවා,ගායනා කරනවා.මට තේරෙන කාලයේ ඉඳන්ම කලාව සමඟයි හිටියේ.ඒ කාලයේ ළමා රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්න කලින් මගේ සංගීත ගුරුවරු තුන් දෙනෙක්ගෙන් අධ්‍යාපනය ලැබුවා.යූ.ජී.සුනිල් ආරියරත්න,චාන්දනී වීරසේකර සහ දර්ශන රුවන් දිසානායක කියන. ආදරණීය ගුරුවරු තිදෙනාගෙන්.දර්ශන සර්ගේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා.ඔහුත් පොළොන්නරුවේ කෙනෙක්. 2011දී තමයි රංගනයට අවතීර්ණ වුණේ. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ "සමනල සංධවනිය" චිත්‍රපටයේ රංගනයත් සමඟින්.එයින් තමයි රංගනයෙන් ප්‍රේක්ෂකයා අතරට ගියේ.


පාසල් වේදිකාවේ ආභාසය ඔබේ රංගන දිවියට කොතෙක්දුරට බලපෑවාද..?


රංගනය මගේ ජීවිතයට අහම්බෙන් එකතුවුණු දෙයක්. පාසල් වේදිකාවේ හැමදාම සංගීතයෙන් හරඹ කළා මිසක් රංගනයෙන් හරඹ කළේ නැහැ . පාසලේ තියෙන ඕනෑම ප්‍රසංගයක සින්දු කියනවා. මමවත් දැනගෙන හිටියේ නෑ රංගනය මගේ ඇඟේ තියෙනවද කියලාවත්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී මම බටහිර වාදන වයලීන් කළා. "සමනල සංධවනිය"ටත් වයලීන් වාදනය කරන කෙනෙක් තමයි තෝරාගත්තේ. ඒනිසා මට චිත්‍රපටයට අවස්ථාව ලැබුණා. එතැනදීත් සංගීතය හරහාමයි රංගනයට පය තිබ්බේ.


ඔබේ නවතම ප්‍රසංගය ගැන යමක් කීවොත්....? එයට අදහස ඇතිවුණේ කොහොමද ..?


ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේම ගීත රැසක්ම තියෙනවා . ඒත් ප්‍රේක්ෂකයා අතරට ගියේ ගීත කිහිපයයි. මේ කාලයේත් බොහෝ නිර්මාණ සිදුවෙනවා. නාලක සජී විත් ඨපචදඤ 14 බ්‍රෑන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා එහි නිත්‍ය ගායකයා විදිහට. මගේ ප්‍රසංගයක් කරන්න හිතාගෙන ඉන්නවා.අවුරුදු කිහිපයක ඉඳන්ම අදහසක් තිබ්බා ප්‍රසංගයක් කරන්න ඕන කියලා.එයට මූලික අඩිතාලම දමමින් පවතිනවා.


දැන්වීම්කරණයට ඔබ යොමුවූ ආකාරය සිහිකළොත්....?


දැන්වීම්වලට මට ආරාධනා ලැබුණේ "සමනල සංධවනිය" චිත්‍රපටය තිරගත වුණාට පස්සේ..බොහෝ දැන්වීම්වලට ආරාධනා ලැබුණත් මට කරන්න පුළුවන් වුණේ දැන්වීම් 5ක් විතරයි.ආර්ථිකමය වටිනාකමක් ඒවාට නොලැබෙද්දි සමහර ඒවා භාරනොගෙනත් ඉන්නවා. මගේ වටිනාකම ලැබුණොත් තමයි දැන්වීම්කරණයට යොමුවෙන්නේ.


සිනමාව තුළ ඔබේ භූමිකාව සහ මුල්ම සිනමා අත්දැකීම පැහැදිලි කළොත්..?


මේ වෙද්දි චිත්‍රපට 10කට සම්බන්ධවෙලා තියෙනවා .මේ දිනවල චිත්‍රපට 02ක රූගතකිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.ඒ තිසර ඉඹුලාන සහ ඉසුරු මුදලිගේ අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ චිත්‍රපට දෙකකට.


තවත් චිත්‍රපටයක් බාර ගත්තා. එය 2024 මාර්තු මාසයේ පටන්ගන්න නියමිතයි.


පළමු සිනමා අත්දැකීම "සමනල සංධවනිය"යි. ඊටපස්සේ "කාල, තානාපතිලාගේ ගෙදර, ඕචජඬ බධ ඡ්තඥනඩචදබ ධ්ඵතචදඤ (ඉංග්‍රීසි චිත්‍රපටය), ගොවිතාත්තා, හැපී බර්ත් ඩේ , දැලි පවුරු"වැනි චිත්‍රපට රැසකට දායක වුණා. 11 වෙනි සහ 12 වෙනි චිත්‍රපටයට තමයි මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නේ.


සිනමා රංගනය මට අලුත් අත්දැකීමක් වුණා. රංගනයට මෙහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.විවිධ රංගනයන්ට ආරාධනා ලැබුණා. අරුණ ජයවර්ධනගේ "හැපී බර්ත් ඩේ" චිත්‍රපටයේ මම විලන් චරිතයක් කරන්නේ.ඒක වෙනස්ම චරිතයක්. "කාල" චිත්‍රපටයේ කාශ්‍යප කුමරුගේ චරිතය, "තානාපතිලාගේ ගෙදර"හි මුස්ලිම් චරිතයක් . ඒවගේ විවිධ චරිත කරන්න ලැබුණා. මම කැමැතියි අභියෝග භාරගන්න.සිනමාව තුළ ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. "ඕචජඬ බධ ඡ්තඥනඩචදබ ධ්ඵතචදඤ" චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් කරන්නේ. මම කවදාවත් හිතුවේ නැහැ ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපාන්න ලැබේවි කියලා. සිනමාව තුළ රංගන අත්දැකීම් විවිධාකාරයි.


ජයන්ත චන්ද්‍රසිරි වගේ විශිෂ්ට නිර්මාණකරුවෙක් එක්ක වැඩකරද්දී ඔබ ලද අත්දැකීම් කෙබඳුද ..?


ඇත්තෙන්ම ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා කියන්නේ මට පියෙක් වගේ. රංගනයේ "අ" යන්න හරි ආකාරයෙන් උගන්වපු නිසා තමයි මම අද මේ ආකාරයේ ගමනක් යන්නේ. ඒ සංයමය කියන දේ, නිර්මාණයක් තුළ ජීවත්වෙන්නේ කෙසේද කියා ඔහු මට කියාදුන්නා. ඒවගේම මගේ පළමු සම්මානය ඔහුගේ "සමනල සංධවනිය" වෙනුවෙන් ලැබුණා. ඒ වසරේ රන් සම්මානය සිග්නිස් සම්මාන උළෙලේදී ලැබුණා . ඒවගේම හිරු ජ්ඪතථඵ ඒඹචපඤ ඵහිදී ජූරියේ විශේෂ සම්මානය ලැබුණා. ඹ්චදඬච ඹ්ඪමඥ ජ්ඪතථ ඒඹචපඤඵ හිදී වසරේ නැඟී එන නළුවා සම්මානය ලැබුණා.පළමු නිර්මාණයෙන්ම එවැනි සම්මානයක් ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකවරයා මාව හොඳීන් හසුරවපු නිසා කියලා මා හිතනවා.මෙවැනි විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් යටතේ මට නිසි වටිනාකමක් ලැබුණා සහ අනෙකුත් සියලුම අධ්‍යක්ෂකවරු සහ ඒ හා නිර්මාණ සඳහා දායක වූ සියලුම දෙනාත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.


ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඔබේ දායකත්වය පැහැදිලි කළොත්....?


මේ වෙද්දී ටෙලිනාට්‍ය 40කට පමණ රංගනයෙන් දායක වී තියෙනවා. මගේ පළමු ටෙලිනාට්‍යය ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂවරයාගේ "පෝටාවැටිය" ටෙලිනාට්‍යය. ඒවගේම ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය කරපු "සල්මල් ආරාමය" ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.. "තණමල්විල කොල්ලෙක්, සකර්ම, තෝඩු, දිවිතුරා, 4 චූන් රෙසිඩෙන්සී, කණාමැදිරියෝ" වැනි ටෙලිනාට්‍ය 40කට විතර රංගනයෙන් දායක වුණා. මේ දිනවල මම රඟපෑ "දිවිතුරා, 4චූන් රෙසිඩන්සි, හිතුවක්කාරී, විදූ" වැනි ටෙලිනාට්‍ය විකාශනය වෙනවා. ටෙලිනාට්‍යවලත් මම විවිධාකාර චරිත ලැබීම ගැන සතුටුයි.


පසුගිය සමයේ විකාශනය වූ "සකර්ම"හි ඔබේ චරිතය ප්‍රේක්ෂක, විචාරක අවධානයට ලක්වුණා නේද...?


ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළ "සකර්ම" ටෙලිනාට්‍යයේ "සුබසිංහ" ගෙවත් "සුබේ"ගේ චරිතයටයි මම ජීවය දුන්නේ. එය ප්‍රධාන චරිතයක්. එහිදී ප්‍රවීණ රංගන ශිල්පීන් වන චම්පා ශ්‍රියාණි, ප්‍රියංකර රත්නායක, කෞශල්‍යා ප්‍රනාන්දු වැනි පිරිස සමඟ හරිම සුහදව,සැහැල්ලුව වැඩකළා. මේ චරිතය අනෙක් සෑම චරිතයක් සමඟම සම්බන්ධවෙන චරිතයක් . මේක මට ලොකු අභියෝගයක් වුණා. ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂකවරයා සමඟ වැඩකළ පළමු අවස්ථාව. ඒ අත්දැකීම මගේ ජීවිතයට, රංගන ජීවිතයට ලැබුණු පන්නරයක් කියලා හිතනවා. මේ රංගනයට මම හිතුවාට වඩා ප්‍රතිචාර ලැබුණා. සුබේ චරිතය ගැන විවිධාකාර ප්‍රතිචාර ලැබුණා


ඔබ සම්මානනීය වූ අවස්ථා සිහිකළොත් ...?


මම කුඩාකාලයේ ඉඳන්ම ගායනයෙන් සම්මානයට ලක්වුණා. රංගනයට ආවට පස්සේ "සමනල සංධවනිය" චිත්‍රපටයෙන් තමයි සම්මානයට ලක්වුණේ. හිරු ටඪතථ ඒඹධපඤඵ, තචදඬච තඪටඥ ටඪතථ චඹධපඤඵ හිදී 2014දී වසරේ නැඟී එන නළුවා සම්මානය ලැබුණා. 2015 සිග්නිස් සම්මාන උළෙලේදී රන් සම්මානය ලැබුණා . 2019දී ජනාධිපති සම්මානයට පාත්‍රවුණා වසරේ හොඳම ඉංග්‍රීසි ගායකයා ලෙස. "ර්ර ඕතධඵධථ ඪද ඹ්චඵඵ" නම්වූ මගේම ඉංග්‍රිසි ගීතයට ඒ ජනාධිපති සම්මානය හිමිවුණේ. වසරේ චිත්‍රපට පසුබිම් ගායකයා විදිහට නිර්දේශ වුණා '"සයපෙති කුසුම" චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කිරීම වෙනුවෙන් .


නර්තන කලාව තුළ ඔබේ භූමිකාවේ පරාසය කවරාකාරද...?


නර්තනයට යම් හැකියාවක් තියෙන නිසාත් , ඇඟේ රිද්මය තියෙන නිසාත් පාසලේ ගුරුවරුන් මාව තරඟවලට යොමුකළා. ඒ නිසා මම නර්තනයට සම්බන්ධ තරඟවලට දායකවුණා. එමෙන්ම මම සම්භාව්‍ය බැලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී ඉගෙනගත්තා. හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නර්තනයෙන් එකතු වුණා. දෙරණ ස්ටාර් සිටි වේදිකාවේ නර්තනයෙන් එකතු වුණා. එහිදී උඩරට, පහතරට, සබරගමු , බටහිර නර්තන ආරයන් ඉගෙනගත්තා


නර්තනයෙන් අන්තර්ජාතික තලය නියෝජනය කළ අවස්ථා තියේද....?


ඇත්තෙන්ම එහෙම නම් නැහැ .


රියැලිටි නර්තන තරඟ ගැන ඔබේ මතය....?


නර්තනය ගැන නම් මම ලොකුවට දන්නේ නැහැ. මෙතැන යම් තරඟකාරීත්වයක් තියෙනවා . රියැලිටි කරන්නත් ඕනේ. ඒක වෙනත් රටවලත් සිදුවෙනවා . සමහරවිට අපි කලාකරුවෙක් තුළ නොදකින දක්ෂතාවක් මේ තුළින් දකින්න පුළුවන් . අලුතින්ම එන කෙනෙක්ට රියැලිටි වේදිකාව බොහෝ වටිනාකමක් තියෙනවා,ඒ තමන්ගේ දක්ෂතාවට අවස්ථාව ලැබෙන නිසා. රියැලිටි කියන දේ ඇතුළේ ඒ වටිනාකම තියෙනවා


නිරූපණ කලාව තුළ "සූර්යා දයාරුවන්" නාමය කුමන මට්ටමක ස්ථානගතව ඇතැයි ඔබ සිතනවාද...?


නිරූපණය ගැන මම දන්නේ නැතිතරම්. රංගන ශිල්පියෙක් ලෙස බොහෝ නිරූපණ කටයුතුවලට සම්බන්ධවී තියෙනවා . ච්පඥඵඵ ර්චඵබඥප ආයතනයේ සන්නාමකරු කෙනෙක් ලෙස කටයුතු කරනවා.එනිසා නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. බොහෝ ආරාධනා ලැබෙනවා.


නිරූපණ කලාවෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙන වෙනස්කම් හෝ ජාත්‍යන්තරය සමඟ යන ගමන ගැන පැහැදිලි කිරීමක් කළොත්....?


ජාත්‍යන්තරය එක්ක යන ගමන කියන්නේ මෙහෙමයි , මම බටහිර සංගීතයයි හැදෑරුවේ. ඔපෙරා ගායකයකු වීමටයි මගේ හීනය තියෙන්නේ . එයට රංගනය, ගායනය හැමදේම ඕනේ. ජාත්‍යන්තරය එක්ක සම්බන්ධවෙන්න මට තියෙන ලොකුම දේ ඔපෙරාව කියන දේ. ඒ දේවල් ඉදිරියේදී සිදුවේවි. ජාත්‍යන්තරය ජයගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද...?


දැනටමත් ආරාධනා ලැබෙනවා. මුලින්ම මම වේදිකාවට ගොඩවුණේ රංජිත් ධර්මකීර්ති අධ්‍යක්ෂවරයාගේ "අංගාරා ගඟ ගලාබසී" වේදිකා නාට්‍යය හරහා.එහි අලුත් නිෂ්පාදනයටයි මම දායක වුණේ. ඒකත් ඔපෙරා හා සම්බන්ධ ගීත කිහිපයක් එක්ක යන නිර්මාණයක්. විශ්වවිද්‍යාලයේ ඉන්න අතරේයි එයට සම්බන්ධ වුණේ..අනෙක් අංශයන්ට වගේම වේදිකා නාට්‍ය ඇතුළේත් අපි විශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඉදිරියේදී. නැවත වේදිකාවේ මාව දකින්න ලැබේවි.


රංගනයේ යෙදුණු චරිත අතරින් ඔබට සුවිශේෂී වූ චරිතයක් හෝ චරිත තිබේද...?


මම මේ වෙද්දී චිත්‍රපට හා ටෙලිනාට්‍ය 40කට පමණ සම්බන්ධවෙලා තියෙනවා.ඒ සෑම චරිතයකටම කැමැතියි .ඒත් මගේ පළමු නිර්මාණය වූ "සමනල සංධවනිය" චිත්‍රපටයේ "වගීෂ" චරිතයට කැමැත්තක් තියෙනවා. "සල්මල් ආරාමය" ටෙලිනාට්‍යයේ ආනන්ද හිමියන්ගේ චරිතය මට වෙනස් විදිහකට දැනෙනවා..අපි රඟපාලා ගෙදර එද්දී ඒ චරිතය අරගෙන එන්නේ නැහැ. සූර්යා විදිහටයි එන්නේ. ආනන්ද හිමියන්ගේ චරිතය කළාම මගේ හිතට සැහැල්ලුවක් දැනුණා, සංයමය ඇතිවුණා. තාර්කිකව තවතව හිතන්න පුළුවන් වුණා. ඒ චරිතය අනෙක්වාට වඩා මට ආධ්‍යාත්මිකව දැනුණා.


සිනමාවේ ඔබ ආභාසය ලැබූ චිත්‍රපට සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගැන කීවොත්......?


නම් වශයෙන් කියන්න අමාරුයි . ආභාසය ලැබූ චිත්‍රපට රැසක්ම තියෙනවා . අධ්‍යක්ෂවරු ගත්තොත් අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපට 10ක් ගත්තොත් ඔහුගේ නිර්මාණ 07කට කැමැතියි 03කට ඇකැමැතියි කියමුකෝ. හැමදේම සාර්ථක වෙන්නෙත් නැහැනේ. දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ අසාර්ථක නිර්මාණත් තියෙනවා. මගෙන් ඇහුවොත් කැමැතිම චිත්‍රපටය මොකද්ද කියලා ඒකටත් උත්තරයක් දෙන්න බැහැ . අද එන චිත්‍රපටය කලින් බලපු චිත්‍රපටවලට වඩා හොඳඑකක් වෙන්න පුළුවන් . ඒක කාලීනව වෙනස්වෙනවා.


ඔබේ ගායන දිවිය ගැන හැඳීන්වීමක් කළොත්.....?


කුඩා කාලයේ කිචිබිචිගානකොට තාත්තා කියලා තියෙනවා මේ දරුවා සංගීතයෙන් ඉදිරියට යයි කියලා. පුංචිකාලයේ ඉඳන් සින්දු කියනවා. පාසලේ සමස්ත ලංකා තරඟාවලින් ජයග්‍රහණ ලැබුවා. මේ වෙද්දී මගේ ගීත 84ක් තියෙනවා .ඒවා ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගීත වගේම මගේ තනි ගීතත් තියෙනවා .සාමාන්‍ය පෙළ, උසස් පෙළ සංගීතය විෂයයක් විදිහට හැදෑරුවා. ගායකයෙක් වෙන හීනය තමයි ඉස්සර ඉඳන්ම තිබ්බේ. ගායනයෙන් මම මගේ ඉලක්කයට යමින් ඉන්නවා. ඉතාලි, ප්‍රංශ, ජර්මන්, දෙමළ, හින්දි වගේ භාෂා රැසකින් මම ගායනා කරනවා.


ගායන් ක්ෂේත්‍රයේ යම් විශේෂ නිර්මාණයක් කිරීමට අදහසක් නැද්ද.....?


ඇත්තෙන්ම අදහසක් තියෙනවා. ස්වාභාවික සංගීතය, සංගීත චිකිත්සාව, තුළින් ශරීරයේ කළහැකි නවතම දේවල්, සංගීතයෙන් මානසික සුවතාව සඳහා කළහැකිදේ ආදිය පිළිබඳ පර්යේෂණ කරමින් ඉන්නේ..ඔපෙරාව සහ ජනගී ගැන කේමදාස මාස්ටර් බොහෝදෑ කර තිබෙනවා . ඒවගේ විශේෂ පර්යේෂණයන්ට යොමුවීමේ අදහසක් තියෙනවා


රූප රචනා සඳහා යොමුවූයේ නැද්ද....? රූප රචනා අධ්‍යක්ෂණය කර තිබේද....?


ඔව්. එක් රූප රචනයක් අධ්‍යක්ෂණය කළා. ඒ "අනුරාගිනී" නම් ගීතය . මෙහි මියුසික් වීඩියෝව කළේ ඉතාලියේදීයි.ඉතාලි ගිය මොහොතක ඒ දර්ශනතල දැක්කාම මියුසික් වීඩියෝවක් කරන්න ඕන කියා සිතුණා. තුසිත් සිම්සන් සහෝදරයා සංගීතවත් කළේ. කසුන් මහේන්ද්‍ර හීනටිගල සහෝදරයාගේ පද රචනාව. "වැස්ස වහින වේලාවේ" නමින් ගීතයක් ගිය මාසයේ 27 වැනිදා එළිදැක්වූවා . ඒක වොයිසි මියුසික් යූ ටියුබ් එකෙන් නරඹන්න පුළුවන්. මගේ ඊළඟ ගීතය "මනසාරී" වීඩියෝවේ වැඩත් අවසන්.ඒකත් ළඟදීම ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්න පුළුවන්. එහි රූප රචනය කළේ තිසර ඉඹුලාන සහෝදරයා.


ජාත්‍යන්තරය තුළ මෙරට සිනමාව ස්ථානගතව ඇති තැන ගැන තෘප්තිමත් විය හැකිද....?


ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්, අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ , විසාකේස චන්ද්‍රසේකරම් වැනි බොහෝ අධ්‍යක්ෂවරු ජාත්‍යන්තරය එක්ක කරටකර තරඟ වැදී ලොකු කීර්තියක් රටට ගෙනත් දී තියෙනවා. සාර්ථක නිර්මාණ මේ රටේ නිර්මාණය වෙනවා. අපේ කලාකරුවන් ජාත්‍යන්තරය එක්ක කටයුතු කරනවා, ඒ ගැන සතුටුයි.


ලේඛනයට, තිර පිටපත් රචනයට යොමුවෙන්න අදහසක් නැද්ද....?


අදහසක් නම් තියෙනවා .ඒත් කාර්යබහුලත්වය එක්ක ඒ අදහසට මගේ සිත සැහැල්ලු නැහැ. බලමු ඉදිරියේදී.


ක්ෂේත්‍රයට එන තරුණ පරපුර ගැන ඔබේ මතය කෙබඳුද ...?


ගොඩාක් දක්ෂ අය ඉන්නවා. සමහරු තමන්ගේ දක්ෂතා හඳුනාගෙන තියෙනවා , සමහරු හඳුනාගෙන නැහැ. අධ්‍යාපන වටපිටාව ඔවුන් හොඳීන් හදාගන්න ඕන. ඕනෑම ක්ෂේත්‍රයක නිරතවෙන්න අදහසක් තියේනම් ඒ ගැන හදාරන්න ඕන..බොහෝ අය අනෙකාගේ කකුලෙන් අදින්න හදනවා, ගමන නවතන්න බලනවා, මානසිකව වට්ටන්න බලනවා. ඒවාට අභියෝගාත්මකව මුහුණදෙන්න පෞරුෂත්වය හදාගන්න ඕනේ. නැත්නම් තමන්ගේ හීනය අහකට දමලා වෙනත් මාර්ගයක යන්න පුළුවන්.තමන්ගේ දක්ෂතා සැඟවී යන්න පුළුවන් .හොඳ ඉගෙනීමක් එක්ක මනුස්සකමට මුල්තැන දීලා, මුල අමතක නොකර ගමනක් ගියොත් ස්වභාව ධර්මයෙන්ම හරි පාර පෙන්වලා දේවි.


චිත්‍රපටයක - ටෙලිනාට්‍යයක නිෂ්පාදන අර්ථපතීත්වය දරන්න අදහසක් නැද්ද....?


තවම නම් එහෙම අදහසක් නැහැ.බලමු ඉදිරියදී.


මෙරට සිනමාශාලා සංස්කෘතිය සේදීයාමට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳ ඔබ සිතන්නේ කෙසේද..?


දැන් විවිධ ප්ලැට්ෆෝම්ස් එනවානේ, ලංකාවේ සිනමාහල්වලට ජනතාව යන්නේ නැති ප්‍රශ්න කාලයක් තිබ්බා. රටේ බොහෝම ප්‍රශ්න පසුගිය කාලයේ ඇතිවුණා. ආර්ථික ප්‍රශ්න ආවා, මිනිස්සුන්ට චිත්‍රපට බලන්න සල්ලි නැති ප්‍රශ්නයක් තිබ්බා. ඒ තත්ත්වය එක්ක සිනමාශාලා සංස්කෘතිය අඩුවෙන්න ගත්තා. ඒත් නැවත චිත්‍රපට නැරඹීමේ ප්‍රවණතාව වැඩිවෙනවා කියලා මට හිතෙනවා. ඒදේ වුණොත් හොඳයි. චිත්‍රපට නැරඹීමේ සංස්කෘතිය නැතිවෙන්න දෙන්න හොඳ නැහැ. සිනමාවේදීන්ට, චිත්‍රපට සංවිධායකවරුන්ට, සිනමාශාලා හිමිකරුවන්ට මම කියන්නේ මේ ප්‍රශ්නය ගැන හිතලා තව සිනමාශාලා හදලා හොඳ රසවින්දනයකට අවශ්‍ය දේ ප්‍රේක්ෂක ජනතාවට ලබාදෙන්න කියලා ඉල්ලනවා.


රංගනයට නර්තනයට නිරූපණයට ඕනතරම් පිරිස එනවා, යනවා. ඒත් ඔවුන්ගේ දීර්ඝකාලීන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙය ඔබ දකින්නේ කෙසේද...?


රංගනය පැත්තෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඇගයීමට ලක්වෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවලදී තමන්ගේ නිරහංකාරකම, නිහතමානීත්වය තියාගන්න ඕනේ.ඔළුව උදුම්මවාගත්තොත් තමන්ගේ ගමන යන්න බැහැ. කෙටි කාලයෙන් ගමන නවතිනවා කොච්චර දක්ෂ වුණත්...අනෙක සතතාභ්‍යාසය කියන දේ. නිවැරදිව ඒ ගුණාංග දියුණුකරගන්න ඕනේ.තම දක්ෂතාවක් තිබේනම් ඒවා පවත්වාගෙන යන්න , දියුණු කරගන්න , අඩුපාඩු හදාගන්න තමන් දැනගන්න ඕනේ.


ඔබේ ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන මතක් කළොත්....?


මගේ චිත්‍රපට 05ක් එන්න තියෙනවා. මේ දිනවල චිත්‍රපට 02ක රූගතකිරීම් සිද්ධවෙනවා. තවත් ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. ට්පචඤඥ 14 කණ්ඩායමේ කොන්සර්ට්වලට සහභාගි වෙනවා. මගේ අලුත් ගීත නිර්මාණ 02ක් සූදානම් කර තිබෙනවා. ඒවා ඉදිරියේදී එළිදකීවි.මම මගේ අධ්‍යාපන කටයුතුවලටත් සූදානම් වෙනවා. ඔපෙරා සම්බන්ධ නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.





Previous Post Next Post