මගෙන් ඉගෙන ගත් අය අද මට වඩා හොඳ තැන්වල ඉන්නවා - සාරා අබේවර්ධන




නර්තන ශිල්පිනියක, තරඟ විනිසුරුවරියක සේම නිරූපණ ශිල්පය, සන්නාම ප්‍රවර්ධනය ආදී විෂය ක්ෂේත්‍ර රැසක නිරතව සිටින සාරා අබේවර්ධන සිය කලාවේ 21 වසරක මතක සැමරුම්, අභියෝග සහ දෙස්, විදෙස් ජයග්‍රහණ පිළිබඳ කතාකිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්වූවාය.


ඔබ කලාවට යොමුවූ ආකාරය සිහිකළොත්...?


මම කලාවට යොමුවුණේ කුඩා කාලයේ ඉඳන්ම.. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 21ක් වෙනවා.. ඉගෙනගන්නා කාලයේම කලාවට සම්බන්ධ වුණා. එදා සිට අද දක්වාම අවුරුදු 21ක දීර්ඝ ගමනක් මම ඇවිත් තියෙනවා


නිරූපණ කලාව, නර්තනය , සන්නාම ප්‍රවර්ධනය ආදී වශයෙන් ක්ෂේත්‍ර රැසක්ම එකවර නියෝජනය කිරීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද.....?


නැහැ . මට එහෙම ලොකු අභියෝගයක් වුණේ නැහැ. ඒ හැම අංශයක්ම මම කළේ කාලවේලාව මට හැකි විදිහට හදාගෙන. ඔක්කොම දේවල් එකට දාගෙන එහෙම ගැටිගැටී ගියේ නැහැ කවදාවත්ම. මේවා එකට ගැටෙන විදිහට කවදාවත්ම වැඩ කරගෙන ගියේ නැහැ. පියවරෙන් පියවර වැඩටික කරගෙන ගියේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක්, අභියෝගයක් වුණේ නැහැ.


ඔබ මේ දිනවල රියැලිටි නර්තන තරඟයකත් විනිශ්චය මණ්ඩලය නියෝජනය කරනවා. එයට අවස්ථාව ලැබුණේ කෙසේද...?


රියැලිටි වැඩසටහන් විනිශ්චය කරන්න මට මීට කලිනුත් කතා කරලා තියෙනවා . ඒත් මගේ රැකියාවයි, මගේ වැඩවලයි, සංචාරයේ යෙදෙන වැඩ නිසයි මම කාර්යබහුලයි. රියැලිටි වැඩසටහන් මාස 6,7 ඇදෙනවා. අවුරුදු 1 1/2, 2 ඇදෙනවා. ඒනිසා ඒවා භාරගත්තේ නැහැ. මේ හිරු Step Up  උන වේදිකාවට සම්බන්ධ වෙන්න කියලා හම්බවුණු කාලයේ මට ලොකු වැඩ කොටසක් තිබුණේ නැති නිසා මම තීරණය කළා මේ වැඩසටහනේ විනිශ්චයෙහි කටයුතු කරන්න භාරගන්නවා කියලා.


මෙවැනි රියැලිටි තරඟවල විනිශ්චය ලබාදීමේදී නොයෙක් ප්‍රශ්න මතුවෙන අවස්ථා තිබෙනවා. ඒ ගැන ඔබ දකින්නේ කොහොමද ...?


ඔව්, රියැලිටි තරඟ විනිශ්චය කරද්දී ගොඩාක් ප්‍රශ්න මතුවෙන අවස්ථා තියෙනවා. ඒ එකිනෙකාට වෙනස් අදහස් බොහෝමයක් තියෙන නිසා. ඉතින් මම හිතනවා ඒකම තමයි රියැලිටි ෂෝ එකක් කියන්නේත් ඔය ඝට්ටනයත් එක්ක යන එකම තමයි. ඉතින් මහලොකු ප්‍රශ්න මට ඇතිවුණේ නැහැ. හැමතිස්සේම මගේ මතය සහ මම ඉගෙනගත්ත දේවල් දකින්න බලපු කෙනෙක් නිසා එකඑක්කෙනාගේ මත වෙනස්. හැමතිස්සේම මම මගේ මතයේ ඉඳලා අනිත් අයගේ අදහස්වලටත් ගරු කරගෙන වැඩකරනවා. එහෙම කරගෙන ගියොත් මේ වැඩේ කරන්න පුළුවන්.


නර්තන ක්ෂේත්‍රයේදී ඔබෙන්


ගුරුහරුකම් ලැබූ පිරිස මතක් කළොත්...? උසස්පෙළ අවසන් කළ කාලයේ ඉඳන්ම ඇත්තටම මම ඉගැන්වුවා. මම අපේ ඉන්‍ටර් නැෂනල් පාසලේම තමයි ඉගැන්නුවේ. එතැන ඉඳන් ගුරුවරියක් විදිහට අද වෙනකම් වැඩකළා. මගෙන් ආභාසය ලැබූ ගොඩක් අය මට වඩා හොඳ තැන්වල ඉන්නවා. මම ලොකුවට ප්‍රසිද්ධ කරගෙන පන්ති දාගෙන කරන කෙනෙක් නෙවෙයි. මගේ දැනුම දෙන්න ඕන තැනට මම මගේ දැනුම දෙනවා..මගෙන් ඉගෙනගත් අය අදටත් ඉන්නවා. හරියටම බැලුවොත් අවුරුදු 15කට 16කට වැඩියෙන් මගේ ගුරු,ගෝල සම්බන්ධතා තියෙනවා


පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ නර්තනය ගැන ඔබේ අදහස කෙසේද.....?


ඒක ආන්දෝලනයට ලක්වෙන්නේ මේක ලංකාව නිසානේ. ලංකාවේ මිනිස්සු ඒවා දැකලා නැහැ. එකපාරට එහෙම එකක් දැක්කම ඒක ලොකු මැජික් එකක් වෙනවා. අම්මා කෙනෙක්ට මෙහෙම නටන්න බෑ. අම්මා කෙනෙක්ට මේ ඇඳුම උචිත නැහැ වගේ කතා කියනවා. ලංකාවේ මේ සංස්කෘතිය, සංස්කෘතිය කියලා ලොකුවට කළුගලක් වගේ ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සුන්ටයි ලෝකයේ ඇත්තටම දැකලා නැති අයටයි තමයි මේක මැජික් එකක් වෙන්නේ. මේ 2023. අපි ඉදිරියට ජීවත්වෙන්න ඕන. අපි මේ රටට එහායින් දෙයක් හිතන්න ඕන. එතකොට තමයි අපේ දියුණුවක් පවතින්නේ. ළිංමැඬියෝ වගේ වළක් ඇතුළේ ඉඳන් හිතුවොත් අපට පේන්නේ ඇතුළේ තියෙන ටික විතරයි. එළියේ එකක් පේන්නේ නැහැ. එතකොට කොහොමත් ආන්දෝලනයට ලක්වෙනවා ඒ ඒ කට්ටිය ඇතුළේ. ඉතින් දන්නෝ දනිති සහ ලෝකය දැකලා තියෙන මිනිස්සුන්ගෙන් ඒක විවේචනයට ලක්වෙන්නේ නැහැ.


Cloth Modling කලාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ...?


Cloth Modling කියන්නේ Brand Modling  කරද්දී මට අහම්බෙන් ලැබුණු දෙයක්. එකපාරක් ඒක කළ නිසා තමයි දිගටම කළේ. මම ඛ්තධබඩඪදඨ ඕපචදඤ ගණනාවකම වැඩකරලා තියෙනවා. ඒ අය එක්ක ගිවිසුම්ගත වෙලා තියෙනවා. අදටත් ඒක් කරනවා. ඒක නර්තනයට වඩා එහා දෙයක්. හැබැයි ඒක මම ආසාවෙන් කරපු Part Time job එකක් වගේ.


සන්නාම ප්‍රවර්ධනයේදී ඔබට යම් තරඟකාරීත්වයක් ඇතිවී තිබේද...?


සන්නාම ප්‍රවර්ධනයේදී මට තරඟකාරීත්වයක් ඇතිවෙලා නැත්තේ නැහැ තියෙනවා. ඒක මම හිතන්නේ ඕන කෙනෙක්ට තියෙන දෙයක්. ඉතින් තරඟකාරීත්වය තියෙන එක හොඳයි ඉස්සරහට යන්න ඕන ඔහේ නිකම්ම යනවට වඩා. ඒක ඕනෑකෙනෙක්ට සන්නාම ප්‍රවර්ධනයේදී ඇතිවෙන දෙයක්.ඒක එච්චර ලොකුවට මම ගත්තේ නැහැ. තරඟකාරීත්වය හොඳයි කියලයි හිතෙන්නේ


නිරූපණ ක්ෂේත්‍රයේදී ඔබ අන්තර්ජාතික තලය නියෝජනය කළ අවස්ථා පැහැදිලි කළොත් ....?


නිරූපණ ක්ෂේත්‍රයෙන් මම අන්තර්ජාතික තලය නියෝජනය කරන්නේ නැහැ. මොකද මම පැජන්ට් කළ කෙනෙක් නෙවෙයි. මම ඕපචදඤ ර්ධඤතඪදඨ කරපු කෙනෙක්.මම ටඪබ ථධඤතඥ කෙනෙක්. ඒ කියන්නේ මම ක්ෂේත්‍රය ගැන හදාරපු කෙනෙක්. ඛ්තධබඩඪදඨ ඕපචදඤ ර්ධඤඤතඥ කෙනෙක් විදිහට මම වැඩකළා. ඒ අනුව මම අන්තර්ජාතික තලය නියෝජනය කරලා තියෙනවා "ඕපචදඤඪය, ඉනධපබඵ එචපඥ" වගේ ආයතනවල. හැබැයි මම කවදාවත් පැජන්ට් කරලාවත් ජ්පඥචථ ර්ධඤතඪදඨ කරලාවත් අන්තර්ජාතික තලයට ගිහිල්ලා නැහැ. මොකද මම ඒ අංශයෙන් හදාරා නැති නිසා.


නිරූපණ කලාව තුළ අඩනිරුවත වැනි දෑ ගැන මෙරට සාම්ප්‍රදායික සමාජය නොයෙක් විවේචන කරනවා. ඔබ එය දකින්නේ කෙසේද....?


නිරුවත ගැන සාම්ප්‍රදායික සමාජය විවේචනය කරනවා කීවාට, සාම්ප්‍රදායික සමාජයේ නිරුවත ගැන කතා කරනවා නම් සීගිරි අප්සරාවන්ගේ පින්තූර පවා ගණන්ගත යුතුයි. එතකොට ඒවා නිරුවත නෙවෙයි. මේ කාලයේ තියෙන ඒවා තමයි නිරුවත. මිනිස්සුන්ට ඒවාගේ ගිහින් ඒවා බලලා ලොකුවට කතා කරන්න පුළුවන්. දැන් කාලයේ ගැහැනු ළමයෙක් එහෙම හිටියොත් තමා ඔය නිරුවත මහලොකු මැජික් එකක් කරගෙන ඉන්නේ. මමනම් කියන්නේ නිරුවත කියන්නේ ආර්ට් එකක් කියලයි. ඒදිහා වැරදි ඇහෙන් බැලුවොත් වැරදි විදිහට පේනවා..ඒක මැජික් එකක් කරගත්තොත් කාටත් මැජික් එකක්. ඒක හොඳ විදිහට දකින කෙනෙක් ඒක විවේචනය කරනවා අඩුයි..ලෝකය දැකපු කෙනෙක්ට ඒක මැජික් නෙවෙයි.


කාන්තාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයේදී ඔබට මුහුණපෑමට සිදුවූ දුෂ්කරතා, අභියෝගාත්මක අවස්ථා තිබේද....?


මට නිරූපණ ක්ෂේත්‍රයේදී කිසිම බලපෑම්වලට, දුෂ්කරතාවලට මුහුණදෙන්න වුණේ නැහැ. මොකද මට ලැබෙන කටයුත්ත හිමින්සැරේ කරගෙන ගිහින් තමයි තවත් වැඩක් භාරගන්නේ. මම ක්ෂේත්‍රය ඇතුළට ගිහින් ඒ අය එක්ක ගැටිලා නැහැ ..මගේ වැඩ මම ඒවිදිහට කරගෙන යන්නේ නැහැ. මට නිරූපණ ක්ෂේත්‍රයේදී එහෙම දුෂ්කරතා, අභියෝගවලට මුහුණදෙන්න වෙලා නෑ..මොකද මම වැඩ කළා ගෙදර ආවා.


ඔබ කලා ක්ෂේත්‍රය තුළ යම් ස්ථාවර මට්ටමක සිටිනවා. ඔබට පසුව පසුපෙළක් නිර්මාණය කර තිබේද....?


කලා ක්ෂේත්‍රය තුළ අනිවාර්යයෙන් පසුපෙළක් මට ඉන්නවා..ඒක මොන ගුරුවරයාට වුණත් තියෙනවා. පොඩි හෝ දැනුමක් දී තියේනම් ඒ කෙනාගේ ආභාසය තියෙනවා කියා මම විශ්වාස කරනවා. මම පසුපෙළක් නිර්මාණය කර තිබෙන්නේ ඒ තුළින් හම්බකරගන්න නෙවෙයි කලාව අගයන්නයි. ක්ෂේත්‍රය පැත්තෙන් මම යම් තැනක ඉන්නවා. මම දැනට Dancing Studio එකක් විවෘත කර තියෙනවා. ඕනකෙනෙක්ට ඇවිත් එතැන නටන්න පුළුවන්. කලාව පැත්තෙන් මගෙන් ඉදිරියට වෙන්න ඕන දේවල් කරන්නයි ඒක ආරම්භ කළේ. මොකද මට හැමදාම නටන්න බැහැ මගේ වැඩ එක්ක. නර්තනය කරන අයට මම පොඩි රුකුලක් දීලා ඒක විවෘත කළා.


ඔබේ කලාව (නර්තන, නිරූපණ ) තුළ ඔබ ලැබූ දෙස් විදෙස් ජයග්‍රහණ විස්තර කළොත් ......?


නර්තනය , නිරූපණය තුළින් මගේ විදෙස් ජයග්‍රහණ සෑහෙන්න තියෙනවා. මොකද මම නර්තනය හදාරපු කෙනෙක්. මම උසස්පෙළ අවසන් කළ ගමන් ඩාන්සින් කළා.. මම Srilankan National Dancing Team එකේ සාමාජිකයෙක්. ඒ කියන්නේ රාජ්‍ය නර්තන කණ්ඩායමේ සාමාජිකාවක්. ඒ හරහා ජාත්‍යන්තරය නියෝජනය කර තිබෙනවා . Mowlating Dancer  කෙනෙක්...Westen Dancing  එහෙමත් මම හැදෑරුවා.. ඒ හරහා ජයග්‍රහණ සෑහෙන්න ලබාගත්තා. Golden Practician එකෙන්, World Dance Champion Ship  වලින් , World Dance Champion Ship  වලින්, All Round Dancing Champion Ship  වලින් බොහෝ ජයග්‍රහණ මම ලබාගෙන තියෙනවා. නර්තනය මම් එදා ඉඳන්ම හදාරපු නිසා මට දෙස් විදෙස් ජයග්‍රහණ රැසක්ම තියෙනවා


සන්නාම ප්‍රවර්ධනයෙහිලා ඔබේ භූමිකාව තුළ ඔබ යම් යම් ආයතන සමඟ ගිවිසුම්ගතව සිටිනවාද...?


ආයතන සමඟ ගිවිසුම්ගතව තමයි බොහෝදේ පටන්ගන්නේ. එහෙමවුණාම අවුරුදු 2-3 ගිවිසුම්වලට යන්න වෙනවා. අපි සම්බන්ධ වෙලා හැමදේම කරන්න ඕන. අපේ හිතුමතේට හැමදේම කරන්න බැහැ . අත්සන් කරන සන්නාමයට ගැළපෙන දෙයින් ඒ අවුරුදු 2-3 ඇතුළත ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. කොහොමත් ගිවිසුම් අත්සන් කරන්න වෙනවා යම් ආයතනයක වැඩ කරද්දී . ඒවා අවසන් වුණාම තව ආයතන එක්ක වැඩේ පටන්ගන්නවා.


රංගනය සහ රූප රචනා සඳහා ඔබට ආරාධනා නොලැබුණා වෙන්න බැහැ ....?


රංගනය සහ රූප රචනා සඳහා අවස්ථා මට නොසෑහෙන්න ලැබිලා තියෙනවා ඉස්සර ඉඳන්ම. මම නර්තනයට දක්ෂ වුණාට රංගනයට දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ තුළින් ඉදිරියට යන්නවත්, ප්‍රසිද්ධ වෙන්නවත් මට ලොකු ආසාවක් තිබ්බේ නැහැ . මම හිතනවා දන්න දේ කරගෙන නොදන්න දේ නොකර හිටියාම ඇති කියලා. රංගනයට මට කොච්චර අවස්ථා ආවත් මම ඒ අවස්ථා ගත්තේ නැහැ .


නර්තන, නිරූපණ ක්ෂේත්‍රයන්හි සක්‍රියව යෙදීසිටින ඔබ අන්තර්ජාතිකව ගනුදෙනු කරන ආකාරය පැහැදිලි කළොත් .....? නර්තනය පැත්තෙන් මම කොහොමත් අන්තර්ජාතික තලය එක්ක ගනුදෙනු කරනවා. මගේ උපදෙස් බලාපොරොත්තු වෙන අයට මම අන්තර්ජාතික තලය හරහා උදව් දෙනවා. ළඟකදී ඉඳන් මම ටිකක් නර්තනයෙන් ඈත්වෙලා සිටින නිසා මගේ ගර්භණීභාවය සමඟ ඒ කටයුතුවලට සම්බන්ධ වීම සෑහෙන්න අඩුයි.


නර්තනයට, මෝස්තර නිරූපණයට එන නවක තරුණ තරුණියන් ගැන ඔබේ අදහස....?


මෝස්තර නිරූපණයට එන අලුත් අයට නම් මට කියන්න දෙයක් නැහැ. මොකද මම ඒ ක්ෂේත්‍රයේ දැවැන්තව ක්‍රියාකරන කෙනෙක් නෙවේ. හැබැයි නර්තනයට එන නවකයන් ගැන කීවොත් ඔවුන් සෑහෙන්න දක්ෂයි. ඉස්සර අයට වඩා දක්ෂයි. ඔවුන්ට වඩා අලුත් අය ලෝකය දැකලා තියෙනවා. තාක්ෂණය ගැන දන්නවා. අලුත් අදහස් තියෙනවා. මම ඇත්තටම ඔවුන්ට ගරු කරනවා. මම දකින එකම දේ සමබර කරගැනීමක් නොමැතිකම. ඒකත් හරියට කරගෙන ගියානම්. ඉස්සර අපේ නර්තන කලාව තිබ්බට වඩා හොඳ තැනකට ගේන්න පුළුවන් කියා මම හිතනවා.


ඔබ ඔබගේම නර්තන ප්‍රසංග පවත්වා තිබේද...? ඉදිරියට එවැන්නක් කරන්න අදහසක් නැද්ද....?


මගේම නර්තන ප්‍රසංගයක් ගැන මම තවම හිතුවේ නැහැ. ව්‍යාපාර සහ අනෙක් වැඩ එක්ක කාර්යබහුල වී ඉන්න නිසා මගේම ප්‍රසංගයක් කරන්න කාලයක් නැහැ . තවම ඒ ගැන හිතලත් නැහැ. ඉස්සරහට බලමු. හිතුණොත් කරනවා.


මෝස්තර නිරූපණයට සහ ඇඳුම් සන්නාමකරණයට අපේ රටේ තිබෙන ප්‍රමිතිකරණය, ස්ථාවරත්වය ගැන සෑහීමකට පත්විය හැකිද ..?


අපේ රටේ තිබෙන තැන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. අපට වඩා වෙනත් රටවල් සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. ලංකාව එහෙම නැහැ. අපේ මිනිස්සු තව කෙනෙක්ට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. අලුත් නිර්මාණයක්, අලුත් දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒක විවේචනය කරනවා, කකුලෙන් අදිනවා. ඒ දේවල් නිසා තමයි අපේ අය අලුත් දෙයක් කරන්න පැකිළෙන්නේ මම හිතන විදියට . බය නැති කෙනා කරගෙන යනවා. වෙනත් රටවල සංස්කෘතිය එක්ක තියෙන උදව්වට වඩා ලංකාවේ මිනිස්සුන්ගෙන් දෙන්න ඕන සහය සෑහෙන්න අඩුයි.


ඔබ නියෝජනය කරන ක්ෂේත්‍රයන් සඳහා ඔබේ පවුලෙන් ලැබෙන සහය මතක් කළොත් ...?


මගේ පවුලෙන් එදා ඉඳන්ම සහයෝගය තියෙනවා. පාසල් කාලයේ ඉඳන් මේවනතෙක් සෑහෙන්න සහයක් තියෙනවා. මම ගර්භණීව සිටිද්දීත් නර්තනයේ යෙදෙන්නේ ඒ සහය තියෙන නිසා. ඒක මට අලුත් දෙයක් නෙවෙයි. මගේ අම්මා, තාත්තා , නංගිගෙන් ලැබුණු සහය නිසයි මම අද මෙතැන ඉන්නේ


ඔබට අනුව මෙරට සැබෑ දක්ෂයන් බිහිවීමට රියැලිටි තරඟ කොතරම්දුරට වැදගත් වේද....?


සැබෑ දක්ෂයන් රියැලිටි තරඟවලින් බිහිවෙනවා. හැබැයි ඔය ඉර්ඉ මාර්ගයෙන් තෝරාගනිද්දී තමයි එහෙමෙහෙ වෙන්නෙ.සමහරවිට තේරෙන දක්ෂයා සැබෑ දක්ෂයා නොවෙන්නත් පුළුවන්. තව තෝරාගන්න කෙනා සැබෑ දක්ෂයාම වෙන්නත් පුළුවන්. බොහෝ වේලාවට ඒ දෙක අතර යම් ගැටුමක් ඇතිවෙවී තමයි යන්නේ. මම සහභාගි වුණු රියැලිටි තරඟයේ අවශ්‍ය කෙනාටම ජයග්‍රහණය ලැබීම ගැන වගේම ජනතාව එතැනදී බුද්ධිමත් වීම ගැනත් මම අවංකවම සතුටුවෙනවා.


සිනමා, ටෙලිනාට්‍ය නිර්මාණකරණයට දායකවෙන්න අදහසක් නැද්ද ...?


මට රඟපාන්න බැහැ . ඒ නිසා මම හිතන්නේ නැහැ මම ටෙලිනාට්‍යයකට, චිත්‍රපටයකට රංගනයෙන් දායකවෙයි කියලා


"සාරා අබේවර්ධන" නාමය මෙරට සහ විදේශයන්හි ස්ථානගත වන්නේ කෙසේද....?


" සාරා අබේවර්ධන" කියන නම ඇත්තටම මිනිස්සු අතරටගියේ මෑතකදී. ලොකු කාලයක් නැහැ . මීට කලින් මම වෙනත් දේවල් හදාරලා වෙනස් විදිහට හිටපු කෙනෙක්.මිනිස්සු අතරට ආවේ මේ රියැලිටි තරඟවලින් , බටහිර නර්තනයෙන්. මම හිතනවා මම ඉදිරි පරපුරට දෙයක් දීලා තියෙනවා කියලා සහ මට එහෙම පරපුරක් ඉන්නවා. ඉතින් ජාත්‍යන්තරවත් එහෙම තමයි. මේකරගෙන ආව දේවල් ඉදිරියටත් කරගෙන යන්න උත්සාහ කරනවා. මගේ ව්‍යාපාර කටයුතුත් මේත් එක්කම කරගෙන යනවා. මොකද මගේ ව්‍යාපාරත් කලාව එක්ක සම්බන්ධ වෙලා ගමන් කරන්නේ


කාන්තාවක් වශයෙන් ඔබට ආ අභියෝග ඔබ ජයගෙන ඇතැයි මා සිතනවා ....?


ඕනෑම කාන්තාවකට අභියෝග එනවා මට ආව අභියෝග මම සම්පූර්ණ කරගෙන තියෙනවා . මම ඒවා ජයග්‍රහණය කරගෙන තියෙනවා . ඉදිරියටත් ඊටවඩා අභියෝග මට එන්න පුළුවන් . ඒ සියල්ලටම මම නිහතමානීව මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා.


ඔබ නියෝජනය කරන ක්ෂේත්‍රයන්හි ඉදිරි වැඩපිළිවෙළ සිහිපත් කළොත් ...?


මම නියෝජනය කරන්නේ කලා ක්ෂේත්‍රය නම් ඉදිරි වැඩපිළිවෙළ ගැන කීවොත් මගේ ච්චදජඪදඨ ඉබභඤඪධ එක ආරම්භ කර තිබෙනවා . නර්තන කණ්ඩායමකටත් මගේ සහයෝගය දීගෙන යනවා . මගේ ව්‍යාපාර කටයුතුත් දියුණු කරගෙන යනවා. ඉදිරියට තවතව දේවල් වෙනස් වෙන්න පුළුවන් . ඒවත් එක්ක ඉදිරියට රෝල ගහගෙන යනවා


සමාජය දකින "සාරා" සහ ඔබ තුළ ජීවත්වන "සාරා" කියන්නේ දෙන්නෙක්ද.....? එක්කෙනෙක්ද ......?


සමාජය දකින "සාරා" කියන්නේ වෙන මිනිස්සු මා දිහා බලලා නිර්මාණය කරන දේනේ. පොතක පිටකවරයෙන් හැමදේම කියවන්න බෑ වගේ තමයි පොත කියවලා බැලුවොත් දෙයක් ඉගෙනගන්න පුළුවන් . කෙනෙක් මාව දකින බාහිර රූපයට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක් මම. මම දෙයක් කියනවානම් කරනවානම් ඒ ඩුප්ලිකේට් කෙනෙක් නෙවෙයි ඒ මමමයි. මම කවදාවත්ම ඒ මම නෙවෙයි වෙන කෙනෙක් කියලා කියන්නේ නැහැ .මම මමම තමයි . මම කතා කරන විදිහත් මමම තමයි. වෙනස් අලුත් දෙයක් ඔළුවට දාගෙන කතා කරන්නේ නැහැ . ඈතින් කෙනෙක් දකිනවාට වඩා දෙයක් මගේ ඇතුළාන්තයේ තියෙනවා .ඉතින් මම වෙනස් චරිතයක් . ඒ චරිතය ඒ විදිහටම සමාජයට දෙන්න තමයි මගේ බලාපොරොත්තුව .



 

Previous Post Next Post