සායි පල්ලවී කාටත් හොර රහසේ විවාහ වුණාද?




සායි පල්ලවී කියන්නේ දකුණු ඉන්දියාවේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් නිලියක්.පසුගිය දිනවල ඇය විවාහ වුණා කියලා රාවයක් ගියා.ඇය විවාහ වූ බව සඳහන්වන ඡායාරූපයකුත් ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර ගියා.මේ සම්බන්ධව පළවන අලුත්ම ආරංචිය තමයි සායි පල්ලවී විවාහ වී නොමැති බව.


ආරංචි විදිහට නම් සිවකාර්තේෂියන් සමග රංගනයේ යෙදෙන නවතම සිනමා පටයක විවාහ මංගල්‍යයක රූපගත කිරීමකදි තමයි මේ ආකාරයේ ඡායාරූපයක් අරගෙන තියෙන්නේ.හැමෝම පුදුම වුනේ කාටත් හොරෙන් සායි විවාහ වුනේ ඇයි කියලා.කොහොම වුනත් ඇයට ආදරේ කරන රසික රසිකාවියන් නම් ඇය විවාහ වූ බව දැනෙගෙන යම් තරමක් දුක් වූ බව නම් පුදුමයක් නෙවෙයි.විශේෂයෙන් තරුණයන්.





Previous Post Next Post