සුන්දර මනාලියක්ව මංගල ගමනට ගිය දිලිනි ලක්මාලි



පින්පාට උඩරට මනාලියක්ගේ සුන්දර රුවක් ළඟ අපේ ඇස් නතර වුණා. නතර වුණා නෙවෙයි නතර කළා. ඒ තරමට ඒ රූපය හැඩකාරයි.කොණ්ඩෙ දිග දිලිනි කවුරුත් ඈව හඳුනන්නේ එහෙම.කලක් තිරයේ හැඩකාරිය වුණු ඇය නිතර නිතර දකින්න නොලැබුණත්, ඒ රූපය අමතක වෙන එකක් නම් නෙවෙයි.ඉතින් අපි ඈ ගැන කතාබහ පටන් ගත්තෙම ඇගේ ජීවිතේ නව ආරම්භයක් ගැන කියන්න.

ඒ ඇය සුන්දර උඩරට මනාලියක්ව විවාහ ජීවිතයට පිවිසි විත්තිය.එහෙම මනාලියක්ව පතාගෙන ආ කුමාරයාගේ අත ගන්න ඉස්සර ඈට ආදරේ කරන කලා ලෝකයේ හිතවතුන් අපූරු සාදයකුත් ඇය වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණා.ඒ විතරක් නෙවෙයි කාගෙත් ළබැඳි හිතවතියක් වුණු දිලිනිට, ආදරණීයන් එක් කළ සුබපැතුම් පණිවිඩ ද සෑහෙන්න දකින්න ලැබුණා.මේ ජනප්‍රිය නිළි අශිකා මතසිංහ ඒ විදියට තබන ලද සටහනක්….


”සුභ මංගලම් දිලිනි ලක්මාලි නංගී

අපි ආදරෙයි අපේම නංගී අද යුගදිවියට යන්න සූදානම්..ඉතින් ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න හිතේ තියෙන පැතුම් ඉටුවේවා කියලා ආදරෙන් සුභ පතනවා..විශේෂයෙන්ම මම මේ වෙලාවෙ හැමෝටම කියන්න කැමතියි ඇය ඇගේ තාත්තාට හරිම ආදරෙයි..එයා එක්කමයි ඒවගේ ආදරනීය දුවෙකුට අනිවාර්යයෙන්ම දෙවිවරුන්ගේ ආශීර්වාදය ලැබෙනවා..සතුන්ට මිනිසුන්ට හරිම ආදරනීය කෙනෙක් ඈ, මාත් ගොඩක් ආදරෙයි ඒනිසාම.කියන්න ගොඩක් දේවල් තියෙනවා ඈ ගැන නම්..ඒ ආදරනීය හදවතට සතුටක් ලැබෙන මේ දවසට ඔයාලත් සුභ පැතුම් අරන් එයි කියලා මම හිතනවා.”




Previous Post Next Post