අනුජ් නවසීලන්ත‍යට ගියේ ආයෙත් ලංකාවට නොඑන්නම හිතාගෙනද..?

 



අනුජ් රණසිංහ කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්...ඔහු මෙරට සිනමාවේ කඩවසම් වගේම කැපී පෙනෙන දක්ෂතා පෙන්වන රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි මෝස්තර නිරූපණ ශිල්පියෙක්... ඉතින් මේ දවස්වල අනුජ් ගැන ඇහෙන්නේ ටිකක් වෙනස් විදිහේ ආරංචියක්...අනූජ් මේ දවස්වල ඉන්නෙ නවසීලන්තයේ.... ඔහු එහේ වෙළඳ දැන්වීමකටත් පෙනී ඉදලා...ඉතින් ඒ ගැන සටහනක් ඔහු ඔහුගේ සමාජමාධ්‍යවල පලකරලා තිබුණා... කොහොම වුණත් මේ ගිය ගමන ගැන අනුජ් සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙන්න මෙහෙමයි...


කොහොමද ජීවිතේ..?


ජීවිතේ හොඳයි. ජීවිතේ අලුත් පිටුවක් පටන් ගත්ත.


අනූජ් රට හැර ගිහින් ද?


මේ දේවල් එකපාර සිදුවුණ දේවල් නෙවෙයි. මගේ ජීවිතේ මම කොහොමත් එක එක වකවානුවලදි එක එක දේවල් අත්හදා බලන්න උත්සාහ කළා. කාලයක් ජොබ් එකක් කළා. මොඩ්ල් කරන්න සහ රඟපාන්න ආසාවක් තිබ්බ නිසා ඒ හැමදේම කළා. මගේ යටි හිතේ ලොකු ආසාවක් තිබ්බා මාස්ටර් කරන්න. ඒ හීනේ සැබෑ කරගන්න නවසීලන්තයට ආවේ. හොඳින් හැමදේම සෙට්ල් වෙලා වැඩකටයුතු කරගෙන යනවා.


කොහොමද අලුත් දෛනික ජීවන රටාව?


දෛනික වැඩකටයුතු කියන්නෙ යුනිවසිටි එකේ වැඩ කටයුතු කරගෙන යනවා. පුරුදු පරිදි මම ජිම් යනවා. තව මට මෙහෙ මොඩ්ල් ඒජන්සි එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මොඩ්ල් කරන්න අවස්ථාවක් ලැබුණා. මෙහේ මගේ පළවෙනි කමර්ෂල් එක ලබන සුමානේ කරනවා. ඔය දේවල් බැලන්ස් එකේ කරගෙන යනවා.


ආදරණීය බිරිඳ ලංකාවේ ද?


යශෝධා නම් ලංකාවේ. එයාගෙ ජොබ් එක පුරුදු පරිදි කරගෙන යනවා. අපි බැඳලා අවුරුද්දක්වත් නැහැ. පාළුවක් තියෙනවා. නමුත් අපි දෙන්නම හිතලා අපේ ජීවිතේ අනාගතය ගැන හිතලා ගත්ත තීරණයක්. පුළුවන් තරම් ඉක්මනට එයත් එයි කියලා හිතනවා.


කලින් වතාවන්වලට වඩා වෙනස් හැඟීමක් දැනෙන්න ඇති මෙවර විදෙස්ගත වීම…?


ඔව්. කලින් විවිධ අවස්ථාවන්වලදි විදෙස්ගතව සිටියත්, මේ සැරේ එද්දි ඊට වඩා වෙනස් හැඟීමක් දැනුණා. යශෝධා එක්ක විවාහ වෙලා ජීවිතේ එකට ගත කරලා ආදරේ පිරුණු අවස්ථාවක විදෙස් ගත වුණේ. ඒ හැමදේම කළේ යම්කිසි කැපකිරීමක් මත. නිතරම අපි කතා කරනවා. අම්මා තාත්තා නිතරම කතා කරනවා. ඒ නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා හිතනවා.


අවුරුදු කීයකින්ද නැවත එන්නෙ…?


කොහොමත් මට අවුරුදු එකහමාරක් දිගටම ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ එන්න අදහසක් තියෙනවා. විශේෂයෙන්ම මගේ මිත්‍ර හර්ෂ එක්ක අලුත් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු කරන්න අදහසක් තියෙනවා. මගේ රංගන ජීවිතේ ඒ බලාපොරොත්තුත් ඉටු කර ගන්න ඕනේ. කොහොමත් තව අවුරුදු එකහමාරකින් දෙකකින් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේවල් ඉෂ්ට වෙයි





Previous Post Next Post