කිරි සිහිනයට දින ගණින පුබුදු සහ මාෂි




කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.ජනප්‍රිය තරු යුවළක් වන පුබුදු – මාෂි යුවළ ඔවුන්ගේ ජීවිතයේ සුන්දරම මොහොතකට සූදානම් වෙමින් පසුවන දවස් මේ.ඒ ඔවුන්ගේ ආදරණීය කිරි සිහිනයට.


කුළුඳුළේම මව්, පිය පදවිය ලබන්න ඉන්න මේ දෙන්නා නුදුරේම හැබෑවන ලස්සනම හීනය ගැන මේ විදියට වචන එකතු කර තිබුණා.මොහොතින් අලුත් වන සිතුවමක් වන් වූ ජීවිතයට, පාට ගෙන ආ කිරි සිහිනය… ජීවිතය නම් ගමන් මගේ පියවරෙන් පියවර ඉදිරියට යදදී හමුවූ ලස්සනම නවාතැන… බලාපොරොත්තු දහසක් පොදි බැදන් ජීවිතේ දැකපු ආදරනීයම සිහිනය..


ඒ උත්තරීතර මව් පදවිය… ,ඒ උත්තරීතර පිය පදවිය…”




Previous Post Next Post