කොහොමද ජීවිතේ...?
ජීවිතේ සතුටින් ගෙවෙනවා. බිරිඳක් මවක් ගෘහණියක් විදිහට ගත්තොත් නම් වැඩ අධිකයි. කොච්චර වැඩ වැඩි වුණත් මේ දේවල් අපේනෙ කියල හිතෙද්දි හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.
අද දවසේ රංගනය පැත්තෙන් ලැබෙන ප්රතිචාර ගැන කතා කළොත්...?
මේ දවස් වල නම් මම රංගනයෙන් දායක වුණ නිර්මාණ විකාශය වෙන්නෙ නෑ. රිපීට් තමයි දකින්න ලැබෙන්නෙ. ඒත් ටී වී කමර්ෂල්, සෝෂල් මීඩියා වල නිතර ගැවසෙන කෙනෙක් විදියට ලැබෙන ප්රතිචාර යහපත් මට්ටමක තියෙනවා.
අම්මව ටීවී එකෙන් දකිනකොට දුව මොකද කියන්නෙ...?
ඉන්නෙ එයාගෙ අම්ම කියල අඳුරගන්නවා. හැබැයි මම එතන වෙන බබෙක් එක්ක හිටියොත් ලොකු ප්රශ්නයක්. කෝ එතන ආරාධනා කියල අහනවා. මේ දවස් වල මමයි ගයානුයි ඉන්න කමර්ෂල් දෙකක් යනවා. ඒ දෙකේම අපි ඉන්නෙ වෙන බබාලත් එක්ක. ඒවා දැක්ක ගමන් කෝ ආරාධනා නෑනෙ කියනවා. ඒ වෙලාවට පුතේ ඒක ඇක්ටින් මේ රියල් ලයිෆ් එක ඒකෙ ඔයා අපේ ප්රින්සස් කිව්වම එයාට සතුටුයි.
ඔබ සහ ගයාන් රංගනය නිසා කාර්යබහුල වුණාම ගෙදර දොර ජීවිතේ...?
ඇත්තම කිව්වොත් දුව ලැබුණට පස්සෙ මම මූලිකත්වය දෙන්නෙ ගෙදර වැඩ වලට. අපි දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්නවා. දෙන්නම යන්න ඕන ගමනක් නම් අම්මට දුව බාර දීලා යනවා. උදව්වට කට්ටිය හිටියට දුවගෙ කෑම හදන්නෙ කවන්නෙ පොවන්නෙ නාවන්නෙ එයාගෙ රෙදි සෝදන්නෙ මමමයි.
සැබෑ ජීවිතේ බිරිඳ මව ගෘහණිය කියන භූමිකා තුනෙන් ඔබ වඩාත් කැමති...?
මවගේ භූමිකාවට. ඇත්තටම දුවත් එක්ක ගතවෙන කාලය මොන තරම් සුන්දරද කියල වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
තවම ආරාධනා සෙල්ලම් කරන්න නංගියෙක් මල්ලියෙක් ඉල්ලල අඬන්නෙ නැද්ද?
මගේ නංගිගෙ පුතාල දෙන්න නිසා ආරාධනාට අයියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා. අපේ ඉස්සරහ ගෙදර ඉන්න බබා තමයි දුවගෙ බෙස්ට් ෆ්රෙන්ඩ්. නිතරම ඉන්නෙ ඒ අයත් එක්ක නිසා මෙයාට පාළුවක් දැනෙන්නෙ නෑ.
පැමිණි ගමන් මඟ දිහා ආපහු හැරිල බැලුවොත්....?
වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තත් මට මේ දේවල් අහිමියි කියල පසුතැවෙන්න කිසිම දෙයක් නෑ. පැමිණි ගමන් මඟ සාර්ථකයි ඒ නිසා මම හැම මොහොතකම ඉන්නෙ සතුටින්.