කලාවට සබඳකම් ඇති පවුලක සාමාජිකාවක් වුණ නිසාම වයස අවුරුදු 10 දී පමණ ඇයට වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව උදා වෙනවා. මුල්ම රංගනයේ සාර්ථකත්වය මත දිගින් දිගටම වෙළෙඳ දැන්වීම් තුළ පෙනී සිටිමින් ඉදිරියට යන අතරතුර රඟපාන්නට ඇත්නම් කියන අදහස ඇගේ හිතට ඇතුළු වෙන්නෙ අහම්බෙන්. අහම්බෙන් හිතට ආවත් ඒ අදහස ඉටු කරගන්න ත්‍රිෂාලා නතාෂි පැමිණි ගමන් මඟේ රසබර තොරතුරු ගැන මතකය මේ විදියට ආවර්ජනය කළා...
අපි යමුද ඒ පුංචි කාලෙට?
උදිත් අබේරත්න කියන්නෙ මගේ මාමා. ඔහු රංගනයට සම්බන්ධයි. මම මාමත් එක්ක ෆොටෝ එකක ඉන්නව දැකල තමයි ග්ලූකෝස් කමර්ෂල් එකට ආරාධනා ලැබෙන්නෙ.
රංගන ශිල්පිනියක් වෙන්න හිතුනෙ...?
නටන්න ගයන්න රඟපාන්න තිබුණ දක්ෂකම් නිසා මම ඉගෙන ගත්තු කඳාන සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස් විදුහලේ ගුරුවරුන්ගෙන් ගෙදරදි අම්ම තාත්තගෙන් වගේම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් මට ලැබුණෙම හොඳ ප්‍රතිචාර. ඒ නිසා තමයි රඟපාන්න ඇත්තනම් කියලා හිතුනේ.
ත්‍රිෂාලා ඒ බලාපොරොත්තුව ඉටු කරගත්තා...?
නිරුක්ෂාන් ඒකනායක කියන්නෙ අපේ පවුලේ හිතවතෙක්. ඔහු මගේ නර්තන, රංගන හැකියාව ගැන දැනගෙන හිටිය. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ විදියට කටයුතු කරද්දි මට එහි මධූකා කියන චරිතයට ආරාධනා කළා.
අම්ම තාත්තගෙ ආශිර්වාදය...?
මාමත් මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා අම්මටයි තාත්තටයි කලාව හොඳට හුරුයි. මගේ නංගිලා දෙන්නටත් හොඳට නටන්න සිංදු කියන්න පුළුවන්. ඉතින් අම්මගෙයි තාත්තගෙයි හීනයක් තමයි අපි තුන්දෙනා කලාවෙන් ඉදිරියට යනවා දැකීම.
ඒ ලැබෙන කෙනාගෙන් මේ දේවල් වලට තහංචි වැටුණොත්?
ආදරය කරනව කියන්නෙ කෙනෙක්ව තහංචි දාල හිර කරන එක නෙමෙයි. ඉස්සෙල්ලම දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕන එකිනෙකාගෙ වෘත්තීන් වගේම දක්ෂතා මොන වගේද කියල. ඒ දේවල් වලට වචනෙකින් හරි සපෝට් කරන කෙනා තමයි අපිට ඇත්තටම ආදරය කරන කෙනා විදියට මම දකින්නෙ.