තාරුකා වන්නිආරච්චි කියන්නේ කාලයක් සිංහල සිනමාවට නැතිවම බැරි වුණ නිළියක්. ඒත් කාලයක් ඇයව කලා කටයුතුවලින් දැක ගන්න ලැබුනෙ නැහැ.හැබැයි නැවතත් ඇය හිරු ටීවී හී "අකුරට යන වෙලාවේ"ටෙලි නාට්‍යය හරහා දැක ගන්න හැකියාවක් තියෙනවා. මේ ඇය සමග කරපු කතා බහ
කාලයක් නිහඬව කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියා.මොනවද අළුත් වැඩ කටයුතු?
අවුරුදු 4ක් විතර කළා කටයුතු වලින් ඈත් වෙලා හිටියා. දැන් හිරු ටීවී එකේ අකුරට යන වෙලාවේ නාට්‍ය සමඟින් එකතු වෙලා ඉන්නවා. ,ඒ නාට්‍යයට සම්බන්ධ වුණහම තමයි ගොඩාක් දෙනෙක් දැන ගත්තේ මම ආයෙත් කළා කටයුතුවලට එකතුවෙලා ඉන්නවා කියලා.
කොහොමත් දැන් ඉස්සර වගේ සම්පූර්ණයෙන් මට කළා කටයුතුවලට කාලය වෙන් කරන්න අමාරුයි. මොකද බබාත් ඉන්නව සහ පවුල් ජීවිතයට මුල් තැන දෙන හින්දා. හැබැයි පුළුවන් හැම වෙලාවෙම මොනව හරී වැඩකින් ප්‍රේක්ෂකයින් අතරට එන්න උත්සාහ කරනවා.