කොරෝනා මගේ සිහින බොඳ කළා -ශශී ඇන්ජලිනා




ශශී ඇන්ජලිනා කලා ලොවේ ඉන්න සුරූපිනියන් අතර කෙනෙක්. ශශී අපිට බොහොමයක් සමීප වෙන්නෙ මියුසික් වීඩියෝ හරහා. ඒ එක්කම පුංචි තිරයේ නිර්මාණ තුළිනුත් දැක ගන්න ලැබෙනවා. මේ කාලයේ ශශී මොනවගේ නිර්මාණත් එක්කද ඉන්නෙ කියන දේ දැන ගන්නත් එක්කම අපි ශශී ඇන්ජලිනා ට කතා කළා.


මේ දවස්වල මොනවගේ නිර්මාණ එක්කද ඉන්නෙ?


මේ වෙද්දි පුංචි තිරයේ නිර්මාණ දෙකක සහ චිත්‍රපටයක වැඩ කටයුතු කරා. ඒ දේවල් ළඟඳීම දැක ගන්න පුළුවන් වෙයි. ඒ එක්කම සුපුරුදු විදියට මියුසික් වීඩියෝ සහ රූපවාහිනී වැඩසටහන් කරගෙන සතුටින් ඉන්නවා.


“උඹ මාර නිළිය බං“ විරාජ්ගෙ සිංදුවේ විෂුවල් එකේ ඉන්නෙත් ශශී, කොහොමද ලැබෙන ප්‍රතිචාර


ඔව්. මුලින්ම විරාජ් පෙරේරාට සුබ පතන්න ඕනේ. මේක එයාගෙ පළමු ගීතය. ඇත්තටම වෙනස් වූ පදමාලාවක් තියෙන ගීතයක්. ඒ වගේම මියුසික් වීඩියෝ එකත් වෙනස්ම විදියට කරලා තියෙන්නේ. හරිම ලස්සන නිර්මාණයක්. මේ වෙද්දි සින්දුව රිලීස් කරලා පොඩි කාලයක් වුණත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දකිද්දි අපිට හරිම සතුටුයි. මම වුණත් කලින් මියුසික් වීඩියෝ ගත්තම බොහෝදුරට එක හා සමානයි. නමුත් මේ මියුසික් වීඩියෝ එකේ වෙනස් චරිතයක් මම කරන්නෙ. ඒ නිසාම මම මේ මියුසික් වීඩියෝ එක සතුටින් භාරගත්ත. ලැබෙන ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා.


 


මේ වෙද්දි විෂුවල් කීයක් විතර කරලා තියෙනවා ද?


මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක් වෙනවා. මේ වෙද්දි විෂුවල් 300කට වැඩි ගාණකට දායක වෙලා තියෙනවා. මේ ගතවන කාලයේත් මට මියුසික් වීඩියෝ ගොඩකට ආරාධනා ලැබිලා තියෙනවා. මම ක්ෂේත්‍රයට ආව මුල් කාලේ වගේම වෙනසක් නැතුව තවමත් ඇරයුම් ලැබෙනවා.


 

චරිතයක් තෝරා ගනිද්දී වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නෙ මොනවාද?


මම ලොකුවට චරිත තෝරා බේරාගැනීමක් කරන්නෙ නැහැ. මම ආසයි එකිනෙකට වෙනස් වූ චරිත කරන්න. සිනමා නිර්මාණයකදී පමණක් ඇතැම් විට අපිට චරිත තෝරා ගන්න සිදුවෙනවා. නමුත් පුංචි තිරයේ නිර්මාණවලදී නම් එහෙම තෝරා බේරා ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.


 

කලාව තුළ නියැලීම තුළ තෘප්තිමත් ද?


ඇත්තටම මම තෘප්තිමත්. මම කලාවට පුදුමාකාර විදියට ආදරේ සහ ආස කරන කෙනෙක්. ඒ දේවල් එක්ක බලද්දී මම මේ ආව ගමන තුළ මම තෘප්තිමත්. යම් යම් අවස්ථාවන් වල මට නොලැබුණ දේවල් තියෙනවා නමුත් මගේ වාසනාව එක්ක මට ලැබුණු දේවල් එක්ක මම තෘප්තිමත් වෙන කෙනෙක්.


කලාවට යොමු නොවුණා නම් කවුරු වෙන්න තිබුණා ද?


එහෙම නම් මම බොහෝ දුරට නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න ඉඩ තිබුණා.


 

අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ බලාපොරොත්තුවක් තියෙනවා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. නමුත් කොරෝනා නිසා ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න බැරි වුනා. ඒ නිසා නැවතත් ඒ අරමුණ බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. මම ආස කරන්නෙ මගේම ව්‍යාපාරයක් කරගෙන ආදායම් මාර්ගයක් හදාගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත් විම.





Previous Post Next Post