මංගල දැක්ම තිබුණට අපි කිසිම කෙනෙක් එදා හිටියේ සතුටින් නෙවෙයි -උදාරි වර්ණකුලසූරිය



මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා. එහි එන පුරම්භිකා සැමගේ සිත් වසඟයට ගන්නා සුරූපිනියක්. පුරම්භිකාට ජීවය දෙමින් අනුරාගය මුසු රංගනයේ යෙදෙන්නේ උදාරි වර්ණකුලසූරිය. මෙතෙක් ඇය රඟපෑ චරිත තුළින් ඇය සතු සුන්දර රූ සපුව වඩාත් ප්‍රේක්ෂකයාට සමීප වන්නේ පුරම්භිකා තුළින් බව නොරහසක්. ඒ නිසාම මේ දිනවල හැමෝම ඇයගේ රංගනය ගැන කතා කරනවා. සතිඅන්ත කලා පුවත්පතක් දාරි සමඟ කළ කතාබහක කොටසක්...


හැබැයි චිත්‍රපටයේ මංගල දර්ශනයට පුරම්භිකා එන්නේ තනිවම. අධිරාජයා නැති අඩුව දැනුණේ කොහොමද?


මුළු හදවත බරයි කිව්වොත් මම නිවැරදියි. ඔහු නැතුව චිත්‍රපටය බලලා වැඩකුත් නැහැ. එදා චිත්‍රපටයේ මංගල දැක්ම තිබුණට අපි කිසිම කෙනෙක් එදා හිටියේ සතුටින් නෙවෙයි. මොකද චිත්‍රපටය පුරාම සිටින අධිරාජයා අපිත් එක්ක චිත්‍රපටය බැලුවේ නැහැ. ඔහු මේ චිත්‍රපටයේ මුදුන් මුලක්. ඔහු රඟපෑමෙන් පමණක් නෙවෙයි දායක වුණේ තිර රචනය සහ සංවාද රචනයත් ඔහුගේ. මේ අවස්ථාවේත් කියන්න තියෙන්නේ අපි සියලු දෙනාම මුළු හදවතින්ම සුවය ප්‍රාර්ථනා කරන බව.






Previous Post Next Post