අපි හැමෝටම අපේ පාඩුවේ ජීවත් වෙන්න පුලුවන් නම් ඇත්තටම හිතනවාට වඩා අපේ ජීවිත සරලයි.. එහෙම ජීවිත ගෙවන්න හරිම ලේසී.. මේ කියන්න යන්නේ ලස්සන තරමටම සැහැල්ලුවෙන් ඉන්න දිවිතුරා රෙහානි ගැන. සුධීක්ෂා සමාධි කිව්ව ගමන් නොදන්න කෙනෙක් නැති තරමට ඇය දැන් ජනප්‍රියයි..
ජීවිතය කියන්නේ දුක සතුටත් එක්ක ගලාගෙන යන්න ඕන දෙයක් කියලා තමයි සුධීක්ෂා නම් හිතන්නේ.. ඇය උපුටා ගත්ත සටහනෙන් ඒ බව හොඳින්ම තේරෙනවා.
"ඔබ මේ තරම් සැහැල්ලුවෙන් සිටින්නේ කෙසේදැයි සමහරුන් මගෙන් අසයි.
පිලිතුර සරලය..
මම මට ඇති හැකි දේ පමණක් කරමි. මා සතු නොවන අන් අය සතු දේවල් ගැන නොසොයමි. අන් අය කරන දේවල් මමත් කල යුතුයැයි නොසිතමි. මට අවැසි මම කැමති දේවල් පමණක් මගේ ජීවිතය වටා එක්කාසු කරගෙන ඇත්තෙමි. මම කිසිවෙකු සමඟ තරඟ නොකරමි ! ඉතින් මම බහුතරයකට වඩා පහසුවෙන් සරලව ජීවත් වෙමි."