මේනකට කිව්වා මාව බදිනවනම් එළියට යද්දී අනිවාරෙන් මගුල් මුද්ද දාන්න ඕන කියලා - නෙහාරා පීරිස්




පුංචි තිරයේ මුතු කිරිල්ලිය විදියට කාගෙත් ආදරය ලබා ගත්ත ඒ සුරතල් තරුණිය තමයි නෙහාරා පීරිස් කියන්නෙ. ඉතින් එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු ඇය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

ඉතින් කලා ක්ශේෂ්ත්‍රයට පොඩි කාලයකට සමු දුන්න නෙහාරා මේ වන විට ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ මවක්. කඩවසම් රංගන ශිල්පී, ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙන මේනක රාජපක්ෂ සමගින් විවාහ වෙලා ඉන්න නෙහාර පළමු විවාහයෙන් අසාර්ථක වෙලා තමයි දෙවන විවාහයක් කරගන්නේ. ඉතින් සුන්දර ළමා කාලයක් තියෙන නෙහාරාට තව එක් සහෝදරයෙක් ඉන්නවා. පොඩි කාලේ සෙල්ලම් කරන නෙහාරා අම්මයි තාත්තයි එක්ක යාලුවෝ වගේ ආශ්‍රය කලේ. ඉතින් ඔවුන් පවුලක් විදියට පිළිපදින යහපත් ක්‍රියා විවාහයෙන් පසුව සිදු කරන්න ඕන කියලා නෙහාරා මේනකට කියපු කාරණා දෙකක් තිබුණා.

” මම මේනකට කිව්වා මම බදිනවනම් අනිවාරෙන් ඉරිදට පල්ලි යන්න එන්න ඕන, ඒවගේම එලියට යන හැම වෙලාවකම මගුල් මුද්ද දාන්න ඕන කියලා. එයා අදටත් ඒක පිළිපදිනවා. අපි පොඩි කාලේ ඉදලා පවුල පිටින් හැමදාම ඉරිදට පල්ලි ගියා. ඉතින් අපි රෝමානු කතෝලික නිසා ඒ ආගමික හැමදේම පිලිවෙලටම කලා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස් ඇගේ අදහස් එක් කරලා තිබුණේ.

Previous Post Next Post