ප්‍රසිද්ධ වෙන්න ඕනම දෙයක් කරන නිළියක් නෙමෙයි මං -ගයත්‍රි දිසානායක




ටෙලි තිරය, සිනමාව කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ගයත්‍රි දිසානායක. ඇය රංගනයෙන් දායක වුනු ටෙලිනාට්‍යය ගණනාවක්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ඒවා. ඉතින් මිල්ලෑව වලව්ව, අහස් මාලිගා, මුතුලෙන්දොර, නීල පබළු, පිනි, සිල්ලර සමනල්ලු වැනි ටෙලිනාට්‍යය වගේම සිනමා නිර්මාණ වන කොළඹ සන්නිය වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා.

ඉතින් මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මිෂෙල් විදියට රංගනය කරන ඇය කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ පාසල් යන කාලේ සිටයි. ඇය නර්තයන විෂයක් හැටියට හදාරා පාසල් අධ්‍යාපනයෙන් පසුව මහේන්ද්‍ර පෙරේරාගෙ සහ දමයන්ති ෆොන්සේකා යටතේ රංගනය පිළිබදව පාඨමාලාවක් හදාරලා 2017 දී තමයි මුලින්ම නාට්‍යයක රංගනය කලේ. ඇය රංගනයෙන් දායක වුනු මුල්ම ටෙලිනාට්‍යය තමයි සංසාරා ටෙලිනාට්‍යය. ඉතින් රංගන ක්ශේෂ්ත්‍රයේ මුහුණ දෙන අභියෝග ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” රංගන ක්ශේෂ්ත්‍රයට ආවම ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නා. හදවතින් තීරණ අරන් මේ ක්ශේෂ්ත්‍රයේ දිගු ගමනක් යන්න බෑ. ප්‍රසිද්ධ වෙන්න ඕනම දෙයක් කරන කෙනෙක් නෙමෙයි මම. මගේ ජීවිතේ හොදම දේ තමයි නන ප්‍රතික්ෂේප වීම. මම ඉස්සර රගපාන්න දක්ෂ වුණත් තිර පරීක්ෂණ වලදී කැපෙනවා මහත වැඩියි කියලා. අද එහෙම කරපු අය මට අඩගහනවා.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ගයත්‍රි දිසානායක ඇගේ අදහස් දක්වලා තිබුනේ.





Previous Post Next Post