ලංකාවෙදි ලැබෙන පිළිගැනීම ආදරය වෙන රටකදි ලැබෙන්නෙ නෑ-ලෝචනා ඉමාෂි




රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියට කවුරුත් ආදරය කරන කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඉතින් ලෝචනා මේ වන විට ටෙලි නිර්මාණ හරහා දැක ගන්න නොලැබුණත් නිවේදිකාවක් විදියට වගේම පුංචි තිරය හරහා විවිධ වැඩ සටහන් වලදී දැක ගන්න ලැබෙනවා. ඉතින් ආදරණීය පුංචි පුතෙක් ඉන්න ලෝචනා පුතා ලංකාවට ආවම රට වටේම පුතා එක්ක සංචාරය කරනවා.

ලෝචනා කියන්නේ කවුරුත් එක්ක හරිම සුහදශීලීව වැඩ කටයුතු කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ළමා නිවේදිකාවක් විදියට තමයි ඇය ක්ශේෂ්ත්‍රයට එන්නේ. ඉන්න තැනක විනෝදෙන් ඉන්න ලෝචනා ඇගෙ පුතා විදෙස් රටක හිටියත් ඇය ඉක්මනින්ම ලංකාවට දුවගෙන එන්න හේතුව මේ විදියටයි ඇය එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී කියලා තිබුණේ.

” අපි ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියො වුනාට පිට රටකට ගියාම ඒ ජනප්‍රියත්වය පිළිගැනීම ප්‍රේක්ෂක ආදරය ලැබෙන්නෙ නෑ. අපිට පුරුදු ලංකාවේ කලා ශිල්පියො එක්ක වැඩ කරලා ඒ පරිසරයනේ. ඒකයි පිට රටක ඉන්නැතුව ඉක්මනටම ලංකාවට දුවගෙන එන්නේ. නැත්නම් සැප පහසුකම් ඒ හැම අතින්ම පිට රට ඉන්න එක හොදයිනේ.”






Previous Post Next Post