මට ඕන මගේ තාත්තට වගේ මාව වටින කෙනෙක්ව, තවම පෙම්වතෙක් නෑ - අනුරාධා එදිරිසිංහ



පුංචි තිරයේ මේ දිනවල නම් ඇයව නිතරම දැක ගන්නට ලැබෙනවා. විවිධ නාලිකා හරහා විවිධ ටෙලි චරිත ඔස්සේ දැක ගන්න ලැබෙන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී අනුරාධා එදිරිසිංහ. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේත් ‘නන්නත්තාර’ ටෙලිනාට්‍යයේ සහ ‘අක්ෂි’ ටෙලිනාට්‍යයේ.

එකිනෙකට වෙනස් චරිත හරහා දැක ගන්න ලැබෙන අනුරාධා සම්මානනීය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ආස කරන වර්ගයේ චරිත ඇයට රග පෑමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඇගේ උපන්දිනය පසු ගියදා යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ඇයට බොහෝ දෙනාගේ සුබ පැතුම් හා ආශිර්වාදයන් ලැබුණා.ඉතින් අනුරාධා එදිරිසිංහ කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය තවමත් පෙම්වතියක් නෙමෙයි. ඇය හොයන පෙම්වතා ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” මාව ගොඩක්ම වටිනවා සහ මට හිතට දැනුණු එකම පිරිමියා තමයි මගේ තාත්තා. ඉතින් මම හොයන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්. මාව වටිනවා කියලා දැනෙන කෙනෙකුට තමයි මම කැමති. තාත්තා එක්ක හැදිලා, තාත්තගේ ගති ගුණ දැකලා තාත්තා අම්මට ආදරේ කරන විදිය දැකලා මම බලාපොරොත්තු වෙන්නෙ මගේ තාත්තා වගේ කෙනෙක්ව. මගේ ජීවිතේ අනාගත බලාපොරොත්තු නෑ. මොකද අපි කවුරුත් නොහිතපු වෙලාවක තමයි අපේ තාත්තා නැති වුනේ.”


මේ විදියටයි අනුරාධා එදිරිසිංහ ඇගේ අදහස් දක්වලා තිබුනේ.





Previous Post Next Post