දෙවෙනි ඉනිමෙ හිටපු ලිහිණි තරම් මට හොදට බෑ - උපේකා රවිහාරි




2021 දෙරණ නාලිකාවේ පවත්වපු අවුරුදු කුමරා කුමරිය තරගාවලිය හරහා තුන්වන ස්ථානය ලබා ගත් ඒ සුරූපිනිය තමයි උපේකා රවිහාරි කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන මුල්ම රංගනය මේ දිනවල ප්‍රේක්ෂක අපිට දැක බලා ගන්න පුලුවන්. ඒ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙරණෙහි විකාශය වෙන කවුරුත් බැන බැන හරි බලන ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ මේ වන විට අවසානය දක්වා ළගා වෙලා. අවුරුදු ගානක් පුරාවට ප්‍රේක්ෂකයාට රසවින්දය ලබා දුන් දෙවෙනි ඉනිමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් දෙවර්ගයම ලැබෙනවා. කොහොම නමුත් මෙම ටෙලිනාට්‍යය මුල සිට අවසානය දක්වාම මෙහි රංගන ශිල්පීන් ශිල්පිනියන් දෙවෙනි ඉනිම සමගින් එකතු වෙලා ඉන්නවා වගේම එහි සමහර චරිත කතාවෙන් ඉවත් වෙනවා.

ඒ ඉවත්වෙන චරිත අතරින් කතාව පුරා ගලා යන චරිතයක් විදියට කාඒත් ආදරය ලබා ගත්ත ඒ සුන්දර තරුණිය තමයි දෙවෙනි ඉනිමේ ලිහිණි. ඉතින් ලිහිනි වෙනුවට රංගනය කල ශලනි ප්‍රනාන්දු චරිතයෙන් ඉවත්වීමත් එක්ක ඒ සදහා නැවට චරිතයට සහභාගි කරගෙන තියෙන්නේ දෙරණෙන් බිහිවුණු සුරූපිනියක්. ඇය තමයි උපේකා රවිහාරි. ඇය මෙම චරිත අභියෝගය ගැන එක්තරා පුවත්පතකට කියලා තිබුණේ මේ විදියටයි.

” මේ මගේ පළමු රංගනය. හැමෝම දෙවෙනි ඉනිමේ ලිහිනිගේ චරිතයට කාලයක ඉදන් පුරුදු වෙලා හිටියේ. ඉතින් මාව හුරු වෙන එක ඉක්මනට වෙන දෙයක් නෙමෙයි. අනික මම රංගනය ගැන ඉගෙන ගෙනත් නෑ. ඒ නිසා මට සමහරු බැනලා තිබුණා. මම ගෙදර ගිහින් රගපාපු තැන් බලලා ඊලග දවසේ ඊට වඩා සාදාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”





Previous Post Next Post