මගේ වෙඩින් එක සිංහරාජේ උස කන්දක ගන්න හිතන් හිටියේ - ගීත්මා බණ්ඩාර




පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කොයි කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. අවුරුදු කුමරිය තරගාවලියකින් ජයග්‍රහණය කරමින් කලා ක්ශේෂ්ත්‍රයට පිවිසි ඇය මේ වන විට ප්‍රේක්ෂක ආදරය ඉහලින් දිනා ගත්ත කෙනෙක්.

ඉතින් දෙරණ නාලිකාවේ විකාශය වන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ අසෙනි විදියට කාගේත් ආදරය ලබා ගත්ත ගීත්මා අහිංසක පෙම්වතියගේ චරිතයයි එහිදී රංගනය කරන්නේ. ඉතින් ඒ වගේම ගීත්මා රංගනය කල ‘ඇස්’ ටෙලිනාට්‍යයේ චරිතයටත් ඇයට ගොඩක් දෙනා ආදරය කරන්නට වුනා.ඉතින් මේ විදියට පුංචි තිරය හරහා කොයි කාගේත් ආදරය ලබා ගන්න ගීත්මා මේ වන විට ප්‍රේමවන්තියක්. ඇගේ ආදරවන්තයා ව්‍යාපාරිකයෙක් කියලත් ඇය සදහන් කරනවා. ඉතින් ගීත්මාගේ විවාහය ගැනත් ගොඩක් දෙනා නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ. ඉතින් ඒ ගැන ගීත්මා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.

” මම එයත් එක්ක යාලු වුන මුල් කාලේ වෙඩින් එක ගැන හිතන් හිටියා. අපිට ඕන වුණේ අපේ වෙඩින් එක වෙනස් විදියකට කරන්න. සිංහරාජ වනාන්තරේ උස කන්දක අවුට් ඩෝර් නිදහස්ව ගන්න හිටියේ. එන කට්ටියට කොට කලිසම් තමයි අදින්න කියලා තිබුණේ කූඩැල්ලො ඉන්න නිසා. නමුත් කොට කලිසම් අදිනවට කට්ටියක්ගේ ගෙවල් වලින් අකමැති වුණා. බලමු දැන්නම් කිසිම ප්ලෑන් එකක් නෑ. ඒත් වෙනසක් කරන්න බලන් ඉන්නේ.”







Previous Post Next Post