රංගනයේ යෙදෙන්නන් අද ඕනෑ තරම් සිටිති. එහෙත් තමන් කරන කාර්ය මැනවින් දත් දක්ෂ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනුයේ අතළොස්සක් පමණි. ලාංකේය කලාවට එවැවන්නවුන්ගේ දායකත්වය මිණිමුතු පරයන බව අමුතුවෙන් කිවයුතු නොවේ. තමන් රංගන දායකත්වය ලබාදුන් ප්‍රථම ටෙලි නාට්‍ය රංගන ප්‍රතිභාව තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට හැකියාව ලැබීම ඔහු හෝ ඇය රංගන ක්ෂේත්රය තුළ දිගුගමනක් යෑමේ පුර්ණ පෙර නිමිත්තකි. දුලීකා මාරපන කියන්නේ ද මෑත කාලයේ අපේ කලා ක්ෂේත්රයට එක් වූ වටිනා සම්පතකි.
රංගනයට ඇය කෙතරම් දක්ෂද යන්න අතිශයෝක්තියකින් ප්‍රකාශ කළ යුතුව නැත. රංගනයට කොතරම් හපන්නියක් ද යන්න දුලීකා සිය රංග කෞශල්‍ය වෙතින් මේ වන විටත් අපුරුවට ප්‍රකාශකොට ඇති ශිල්පිනියකි. සිනමාව රූපවාහිනිය,වේදිකාව යන ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම ඇගේ රංග වින්‍යාසය වෙතින් දැකගත හැකි විශේෂත්වයකි. සඳ අමාවකයි, කළුවර අඳුන, හිම කැටයම්, රිදී ඉන්නන්, ඉසුරු භවන, අත්තම්මා, මලී ඇතුළු බොහෝ ටෙලි සිත්තම්වලින් හා ඉරැස්මා, සුරිය අරණ, සමනල තටු, උඩුගම්බලා යාම, පුරසක්මන, දරුවනේ ආදී බොහෝ සිනමා සිත්තම් තුළින් රංගනයේ වින්දනය ප්‍රේක්ෂකයන්ට ලබාදුන් රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන හා කතාබස් කරමු.
දුලීකා කාලෙකට පස්සේ අලුත් තොරතුරු කොහොමද?
මේ දවස් වල සුකිරි බටිල්ලෝ එක්ක මංගල දර්ශනය ජනවාරි 27,28 දිනවල ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වුණා. ඉහළ පේ්රක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. දර්ශන වාර බොහොමයකට දැනටමත් ආරාධනා ගලා ගෙන ඇවිත් ඒ සඳහාම කැපවුණ නිසා වෙන යමක් වෙනුවෙන් කාලය යොදවන්න බැරිවුණා.
සුකිරි බටිල්ලෝ තුළ ඔබේ භූමිකාව?
මේ නාට්‍යයේ කාන්තාවෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් පී‍්‍රති අනික් කොන මාලි. පි‍්‍රති සහ මාලි තුළින් සියලුම කාන්තාවන් නියෝජනය වෙනවා. මාලිගේ චරිතය කරන්නේ ළසඳුනී ජයවර්ධන. මම කරන්නේ පී්රතිගේ චරිතය.
මෙය හුදෙක් දේශපාලනමය ප්‍රහසනාත්මක මුහුණුවරක් ගත් නාට්‍යයක්?
ඔව්. වර්තමානයේ අපේ දේශපාලන වටපිටාවේ හරස් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. පහළ මධ්‍ය පන්තික ජන ජීවිතය ආර්ථිකය මේ සියලු දේ හරි අපුරුවට සුකිරිබටිල්ලෝ තුළ කතා කරනවා. ඊට අමතරව අපිට අපි දිහා බලල අපිටම හිනාවෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි ඡන්ද දායකයෝ හැටියට අපි ගන්න වැරදි තීන්දු තීරණ නැවත වතාවක් අපේ ජීවිත උඩුයටිකුරු කරන දෙයක් තමයි තියෙන්නේ. අපි හැමවෙලේම අනිකාට ඇඟිල්ල දිගු කරමින් අනිකාව පාපොච්චාරණය කරමින් ජීවත් වෙනවා. මේ පාපොච්චාරණයේ කුටුම්බයේ වරදකරුවෙක් තමන් කියල කවුරුවත් හිතන්නේ නෑ.
ඔබ කියන්නේ සුකිරි බටිල්ලෝ බලා එළියට එන ප්‍රේක්ෂකයාගේ මනසට දෙනවා ඔබත් මේ ව්‍යසනයේ කොටස් කාරයෙක් කියලා නේද?
ඔව් අනිවාර්යෙන්ම. සියල්ලෝම මේ ව්‍යසනයට දායක වෙලා තියනවා කිසිවකුට අතපිහ දා ගන්නවත් රෙද්ද මාරු කරගන්නවත් බෑ.
ඒ පණිවිඩය පේ්රක්ෂකයා තුළට ගිහිල්ලා නම් ඔබ සාර්ථකයි කියලද හිතන්නේ?
අපි හැමදාම කළේ ඔලු ගෙඩි ටික මාරු කිරීම. ඒක තුළ අපේ විසදුම නෑ. හැමදාම කුලක ටිකක් එකතු වී කෑ මොරදීමක් තමයි සිද්ධ වුණේ. නමුත් විය යුත්තේ කුලක ටිකේ අයිතිවාසිකම් නොවේ රටේ සමස්ත අයිතිවාසිකිම් පුංචි දරුවාගේ පටන් මහල්ලා ගේ ජීවිත දක්වා හිතන්නට පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් විධියක් ගැන ඇත්තටම අපි මේ තුළින් කතා කරනවා. මිනිස්සුන්ට කියන්නේ ඒකයි වරෙල්ලා සුකිරි බටිල්ලෝ බලපල්ලා ඔය ඔළුගෙඩි ටික සුද්ද කරගනිල්ලා කියලා මේ නාට්‍යය හරිම ප්‍රහසනාත්මකයි. ඒකයි මම කිව්වේ කැඩපතකින් අපි දිහා බලාගෙන ඉන්න විධියට තමයි සුකිරි බටිල්ලෝ තියන්නේ නැටුම් සින්දු ගීත ඇතුව මේක අපුරුවට නිර්මාණය වෙලා තියෙනවා.
You are here
නිවස » මම ටෙලිනාට්‍යවල රඟපෑවට නරඹන්නේ නැහැ
මම ටෙලිනාට්‍යවල රඟපෑවට නරඹන්නේ නැහැ
පෙබරවාරි 9, 2023
Interviews
රංගනයේ යෙදෙන්නන් අද ඕනෑ තරම් සිටිති. එහෙත් තමන් කරන කාර්ය මැනවින් දත් දක්ෂ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනුයේ අතළොස්සක් පමණි. ලාංකේය කලාවට එවැවන්නවුන්ගේ දායකත්වය මිණිමුතු පරයන බව අමුතුවෙන් කිවයුතු නොවේ. තමන් රංගන දායකත්වය ලබාදුන් ප්‍රථම ටෙලි නාට්‍ය රංගන ප්‍රතිභාව තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට හැකියාව ලැබීම ඔහු හෝ ඇය රංගන ක්ෂේත්රය තුළ දිගුගමනක් යෑෙම් පුර්ණ පෙර නිමිත්තකි.
දුලීකා මාරපන කියන්නේ ද මෑත කාලයේ අපේ කලා ක්ෂේත්රයට එක් වූ වටිනා සම්පතකි.
ඈ තුළ වූ එකී වටිනාකම දවසින් දවස ඔප කරමින් ඈ සුවිශේෂී චරිත රැසකට මේ වන විටත් දායක වී හමාරය. කාලෙකට එක ටෙලි නාට්‍යයක් රඟපෑවත් කාලයක් යනතෙක් මතකයේ රැඳෙන ආකාරයේ කුමක් හෝ චරියක් රඟපෑමේ කුසලතාවයෙන් පරිපුර්ණ නිළියක වන දුලීකා රංග ශිල්පිනියක් බවට පත් වුයේ වේදිකාව හරහාය. මේ වන විට ඇය අද පුංචි තිරය මෙන්ම සිනමාව තුළ ද චරිතාංග නිළියක් බවට පත්ව ඇත. සම්මානීය ඇගැයුම් පැසසුම් ලබමින් විටෙක සම්මාන දිනා ගනිමින් ද විටෙක සම්මාන සඳහා සමීප වෙමින් ද ඇය කුසලතා ප්‍රකට කළාය.
රංගනයට ඇය කෙතරම් දක්ෂද යන්න අතිශයෝක්තියකින් ප්‍රකාශ කළ යුතුව නැත. රංගනයට කොතරම් හපන්නියක් ද යන්න දුලීකා සිය රංග කෞශල්‍ය වෙතින් මේ වන විටත් අපුරුවට ප්‍රකාශකොට ඇති ශිල්පිනියකි. සිනමාව රූපවාහිනිය,වේදිකාව යන ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම ඇගේ රංග වින්‍යාසය වෙතින් දැකගත හැකි විශේෂත්වයකි. සඳ අමාවකයි, කළුවර අඳුන, හිම කැටයම්, රිදී ඉන්නන්, ඉසුරු භවන, අත්තම්මා, මලී ඇතුළු බොහෝ ටෙලි සිත්තම්වලින් හා ඉරැස්මා, සුරිය අරණ, සමනල තටු, උඩුගම්බලා යාම, පුරසක්මන, දරුවනේ ආදී බොහෝ සිනමා සිත්තම් තුළින් රංගනයේ වින්දනය ප්‍රේක්ෂකයන්ට ලබාදුන් රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන හා කතාබස් කරමු.
දුලීකා කාලෙකට පස්සේ අලුත් තොරතුරු කොහොමද?
මේ දවස් වල සුකිරි බටිල්ලෝ එක්ක මංගල දර්ශනය ජනවාරි 27,28 දිනවල ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වුණා. ඉහළ පේ්රක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. දර්ශන වාර බොහොමයකට දැනටමත් ආරාධනා ගලා ගෙන ඇවිත් ඒ සඳහාම කැපවුණ නිසා වෙන යමක් වෙනුවෙන් කාලය යොදවන්න බැරිවුණා.
සුකිරි බටිල්ලෝ තුළ ඔබේ භූමිකාව?
මේ නාට්‍යයේ කාන්තාවෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් පී‍්‍රති අනික් කොන මාලි. පි‍්‍රති සහ මාලි තුළින් සියලුම කාන්තාවන් නියෝජනය වෙනවා. මාලිගේ චරිතය කරන්නේ ළසඳුනී ජයවර්ධන. මම කරන්නේ පී්රතිගේ චරිතය.
මෙය හුදෙක් දේශපාලනමය ප්‍රහසනාත්මක මුහුණුවරක් ගත් නාට්‍යයක්?
ඔව්. වර්තමානයේ අපේ දේශපාලන වටපිටාවේ හරස් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. පහළ මධ්‍ය පන්තික ජන ජීවිතය ආර්ථිකය මේ සියලු දේ හරි අපුරුවට සුකිරිබටිල්ලෝ තුළ කතා කරනවා. ඊට අමතරව අපිට අපි දිහා බලල අපිටම හිනාවෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි ඡන්ද දායකයෝ හැටියට අපි ගන්න වැරදි තීන්දු තීරණ නැවත වතාවක් අපේ ජීවිත උඩුයටිකුරු කරන දෙයක් තමයි තියෙන්නේ. අපි හැමවෙලේම අනිකාට ඇඟිල්ල දිගු කරමින් අනිකාව පාපොච්චාරණය කරමින් ජීවත් වෙනවා. මේ පාපොච්චාරණයේ කුටුම්බයේ වරදකරුවෙක් තමන් කියල කවුරුවත් හිතන්නේ නෑ.
ඔබ කියන්නේ සුකිරි බටිල්ලෝ බලා එළියට එන ප්‍රේක්ෂකයාගේ මනසට දෙනවා ඔබත් මේ ව්‍යසනයේ කොටස් කාරයෙක් කියලා නේද?
ඔව් අනිවාර්යෙන්ම. සියල්ලෝම මේ ව්‍යසනයට දායක වෙලා තියනවා කිසිවකුට අතපිහ දා ගන්නවත් රෙද්ද මාරු කරගන්නවත් බෑ.
ඒ පණිවිඩය පේ්රක්ෂකයා තුළට ගිහිල්ලා නම් ඔබ සාර්ථකයි කියලද හිතන්නේ?
අපි හැමදාම කළේ ඔලු ගෙඩි ටික මාරු කිරීම. ඒක තුළ අපේ විසදුම නෑ. හැමදාම කුලක ටිකක් එකතු වී කෑ මොරදීමක් තමයි සිද්ධ වුණේ. නමුත් විය යුත්තේ කුලක ටිකේ අයිතිවාසිකම් නොවේ රටේ සමස්ත අයිතිවාසිකිම් පුංචි දරුවාගේ පටන් මහල්ලා ගේ ජීවිත දක්වා හිතන්නට පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් විධියක් ගැන ඇත්තටම අපි මේ තුළින් කතා කරනවා. මිනිස්සුන්ට කියන්නේ ඒකයි වරෙල්ලා සුකිරි බටිල්ලෝ බලපල්ලා ඔය ඔළුගෙඩි ටික සුද්ද කරගනිල්ලා කියලා මේ නාට්‍යය හරිම ප්‍රහසනාත්මකයි. ඒකයි මම කිව්වේ කැඩපතකින් අපි දිහා බලාගෙන ඉන්න විධියට තමයි සුකිරි බටිල්ලෝ තියන්නේ නැටුම් සින්දු ගීත ඇතුව මේක අපුරුවට නිර්මාණය වෙලා තියෙනවා.
දුලීකාගේ මේ දවස්වල රංග වපසරිය මේ හැරෙන්නට වෙනත් දේ සඳහාත් යොමු වෙලා ද?
ඔව්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ශාන්ත සොයිසාගේ අලුත් ටෙලි නිර්මාණයේ මම ඉන්නවා. මට එකේ ඉන්න වෙලා තියෙන්නේ හාවා හද බලනවා වගේ මොකද මාත් එක්ක ඉන්න මගේ සහය ශිල්පියා ඉතාමත්ම කාර්ය බහුලයි. ඒක නිසා ඔහුට තියන දිනවලට තමයි මට වැඩ කරන්න වෙලා තියෙන්නේ.
ටෙලි නාට්‍යවල රඟපෑමට ටෙලිනාට්‍ය නරඹන්නේ නැති නිළියක් බවයි ආරංචි.
සහතික ඇත්ත. මම ටෙලි නාට්‍ය බලන්න කොහොත්ම කැමති නැති කෙනෙක්. හැබැයි ටෙලි නාට්‍ය එහෙම වුණාට චිත්‍රපට බලන්න නම් හරිම කෑදරයි.
දුලීකා චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසෙන්න යන බවක් ආරංචියි.
ඒ සඳහා මගේ සුදානමක් තියනවා ඒක මගේ පළමු අධ්‍යක්ෂණය. ඉස්සෙල්ලාම ටෙලි ෆිල්ම් එකක් කරන්න අදහසක් තියෙනවා. මම ද මායාව කියල අපේ හිත් ගැන තමයි ඒ ටෙලි ෆිල්ම් එක තුළ කතා කරන්නේ.
මම ද මායාව ටෙලි ෆිල්්ම් එක නම් චිත්‍රපටය මොකක්ද?
බිත්තරය මේක මගේ පළමු චිත්‍රපටය. මෙහි රූප ගත කිරීම් සියල්ල සිදුකිරීමට දැනටමත් සැලසුම් සකස් කරල ඉවරයි. මේ සඳහා පායන කාලයක් අවශ්‍යයි. ඒ වටපිටාව තවම නැති නිසා පොඩි ප්‍රමාදයක් තියෙනවා. මිනිහෙක් ගේ හිතක් තමයි මම ද මායාව නිර්මාණය තුළ කතාකරන්නේ බිත්තරය තුළ මම කතාකරන්නේ අපි ඔක්කොටම තියන මේ බීජයේ ප්රශ්නය මිනිස්සුන්ගේ ජීවිතය දිග හැරෙන කතාවක්. මේක දවස් දෙකක කතාවක්. මඟුලක් හා මරණයක් අතර කතාවක්. බිත්තරය වෙනස්ම ආකාරයේ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටය භාෂා දෙකකින් නිර්මාණය කරන්න. දෙමළ හා සිංහල මාධ්‍යයෙන් කරන්න මගේ කැමැත්තක් තියෙනවා. විශේෂයෙන් කේරළයේ චිත්‍රපට කර්මාන්තයත් එක්ක කතා කරල ඒක එහෙ කරන්න පුළුවන් කොහොමද කියල සොයා බලනවා. බලමු මේ කුටුම්බය ඇතුළේ විතරක් අපිට චිත්‍රපට කරල හරියන්නේ නෑ. අපේ සිනමාව ලෝකයට ගෙනියන්න අවශ්‍යයි. මේක මගේ හීනයක්. සින්දු කියන්න මට තිබුණ හීනය වගේම. මගේම චිත්‍රපට පහක් කරන්න බලාපොරොත්තුවක් තියනවා.
ඒ කියන්නේ ඔබ එක චිත්‍රපටයක් නොවෙයි. චිත්‍රපට පහක් කරන්න ලක ලෑස්ති වෙන්නේ?
මගේ චිත්‍රපට හීනයේ මුලාරම්භය බිත්තරය බිත්තරයෙන් පටන් ගත්තාහම එකකට එකක් නෑදෑකම් කියන චිත්‍රපට පහක් තමයි නිර්මාණය වන්නේ. හැම චිත්‍රපටයක්ම එකිනෙකට දම්වැලක් සේ නෑදෑකම් කියනවා බලමු.
මේ චිත්‍රපට නිර්මාණවල පිටපත කාගෙද?
බිත්තරයේ පිටපත මගේ කතාව. මගේ බොහෝ කාලෙකට පෙර ඉඳල මම පිටපත ලිව්වා. කාලෙන් කාලෙට එය සංස්කරණය කළා. අවුරුදු දෙක තුනක ඉඳල නැවත නැවත ඒ දේ සංශෝධනය කළා. කොහොම නමුත් විනාඩි අනුවකට තමයි චිත්‍රපටය හැදෙන්නේ. කලාකරුවන් බොහොමයක් මේ නිර්මාණයට දායක වෙනවා. එකම ලෝකේෂන් එකක තමයි රූපතගත කිරීම් කරන්නේ. කොළඹ අවට තමයි රූපගත කිරීම් කරන්න සැලසුම් කරල තියෙන්නේ.
දුලිකා ටෙලි නාට්‍ය නිෂ්පාදනයකට දායක වෙන්නත් සුදානමක් තියන හැඩයි?
මමයි සංජය වෙද ආරචිච්යි. එකතු වෙලා මූකලන්කිරි නමින් ටෙලි නාට්‍යයක් කරන්න අදහස් කරල තියෙනවා. විශාල නළු නිළි පිරිසක් අපි දැනටමත් තෝරාගෙන තියෙනවා. අලුත් ළමයිනුත් ඒ අතරින් අපි තෝරාගෙන ඉන්නවා වැහි කාල ගුණය අවසන් වූ විගස බෙලිහුල්ඔය ප්‍රදේශයේ රූපගත කිරීම් අපි සිද්ධ කරනවා.
වෙනත් ටෙලි නාට්‍ය එහෙම තියනවද ඔබේ රංගනය එක් වූ ?
ඉදිරියේදී එන්න තියෙන්නේ නුදුරු දිනක අපි කරන මූකලන්කිරි ඒ හැරෙන්න වෙන නිර්මාණයක් නම් නෑ.
වේදිකාව හැරගිය අය නැවත වේදිකාවට ගෙන එන්නද ඔබ සුකිරි බටිල්ලෝ නිර්මාණය කළේ?
අපි වේදිකාව වටේ හොඳ පිරිසක් එකතු කළ යුතුයි. එක කාලෙක වේදිකාවෙන් අපේ පේ්රක්ෂකයෝ ඈත් වුණා. ලෝරන්ස් ගේ මනමාලි කරන කාලේ. පේ්රක්ෂකයෝ වේදිකාවෙන් බැහැර වෙලා හිටියා. ලෝරන්ගේ මනමාලි එක්ක ඒ බැහැර වෙලා හිටිය ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් නැවත වේදිකාවට මම රැගෙන ආවා. හොඳ පේ්රක්ෂකාගාරයක් මම නැවත හැදුවා. මෑතකදීත් ආර්ථිකය මුදල් ප්‍රශ්න නිසා පේ්රක්ෂකයෝ වේදිකාවෙන් දුරස් වුණා. ඒත් මම හිතනවා සුකිරිබටිල්ලෝ සමඟ නැවත ඒ අය වේදකාව වැලද ගනියි කියලා. වේදිකාවේදි පේ්රක්ෂකයා අපිට හරිම වැදගත්. කලාවෙන් පෝෂණය වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. කලාවෙන් නතර වෙලා රටක් පෝෂණය කරන්න බෑ. කෘෂි කර්මාන්තය ආර්ථිකය, අධ්‍යාපනය මේ හැමදෙයක්ම රැදිල තියෙන්නේ කලාව තුළ. මම ආරාධනය කරනවා පේ්රක්ෂකයන්ට නැවත නැවත ඇවිත් වේදිකාව පෝෂණය කරන්න කියල.
හැමදේම වැඩි එකේ ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් වැඩි වෙලාද?
අපි එහෙම කළේ නෑ. ඒ හැමදේකම වැඩිවීම අපි දරාගත්තා. තෙල් ගාස්තුව වැඩිවෙලා තියෙනවා. සවුන්ඩ්, ලයිට්, ශාලා ගාස්තු මේ හැමදෙයක්ම වැඩිවෙලා. නමුත් මම ඒ දේ ප්‍රවේශ පත්‍රයට බැර කරල නෑ. ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඇතුළේම අපි ඒ දේ දරාගෙන තියෙනවා. පේ්රක්ෂකයාට බරක් නොවන්න. විනෝද බද්දක් අපේ වේදිකා නාට්‍යයට අය කරන්නේ නෑ. මේ නිසා අපේ කණ්ඩායමට ලැබෙන ප්‍රතිලාබය විඳදරා ගනිමින් ඒ සහනය මම පේ්රක්ෂකයාට ලබාදෙනවා.
ගායිකාවක් වන්නට ඔබ තුළ තිබු සිහිනය සරාගී හරහා සපුරාගත්තාද?
සරාගී මගේ පළමු සින්දුව නොවෙයි. මම මේ ක්ෂේත්රයට එන්නේ නූර්ති ගී ගායිකාවක් ලෙස තමයි. රංගනටය එන්නේ පසුවයි. මුල් කාර්තුවේ මම කරන්නේ ටෙලි නාට්‍යවල ගීත ගායනා කිරීම ඊට පස්සේ සිනමාපට වල ගීත ගායනා කළා. වේදිකා නාට්‍ය වල ගීත ගායනා කළා. මගේ සරල ගී තියනවා 18ක් විතර නිර්මාණත් එක්ක බැදිච්ච. මාව සම්මානවලට නිර්දේශ වෙලා තියෙනවා. ගායනය මම ගොඩක් ආශාවෙන් කරපු දෙයක්. නමුත් මම බලාපොරොත්තු නොවුණු විධියට තමයි රංගනයට එන්නේ. ඒකෙන් ගීත ගායනය මගෙන් මඟ ඇරෙන්න පටන් ගත්තා. මුලදී මගේ තිබුණ හඬට වඩා වෙනස් හඩක් තමයි පසුව ඇති වුණේ. නමුත් මගේ හොඳම යාළුවෙක් මට ආරාධනා කරනවා. සංජය වෙද ආරච්චි කියන කෙනා. ඔහු හොඳ ගීත රචකයෙක්. දවසක් ඔහු රචනා කළ ගීත වගයක් මට ගෙනත් දිලා කියනවා මේක තමයි හොඳ කාලෙ ඔයාට ගීත ගයන්න කියලා. ඔහු තමයි මා තුළින් ගීත ගායනා කරවගන්නේ ඔහුගේ බලකිරීම උනන්දුව, කැපකිරීම මත තමයි මම ගීත තුනක් කරන්නේ එයාගෙම ගීත රචනා ඔහුගේම රූප රචනා පිටපතේ ලිව්වේ. ඒ සඳහා ඔහු විශාල වෙහෙසක් දරනවා. සංජය මට හම්බ වෙච්ච හොඳ යාළුවෙක්. මහ විශාල කැප කිරීමක් කරමින් මාව ඒකට පෙලඹවීමක් සිද්ධ කළා.
ඔබ ඉලක්ක කරගෙනද මේ ගීත රචනා සංජීව අතින් නිර්මාණය වෙලා තියෙන්නේ?
කොහොමත් ඔහු ගීත රචනා තිහ හතළියක් නිරන්තරයෙන් ලියන කෙනෙක්. මේ වන විටත් ඔහුගේ බොහෝ ගීත රචනා ගායික ගායිකවෝ ගායනා කරනවා. නමුත් ඔහු මා වෙනුවෙන්ම විශේෂයෙන් ගීත තුනක් සරාගී, සිත්තර රූ, නාදුනන පෙම් රසකතා නමින් ලියලා දුන්නා. මේ වනවිට තව ගීත අටක් සංජීව මා වෙනුවෙන්ම මේ වන විටත් ලියලා දීලා තියෙනවා. ඒ අතරින් වැහි ලිහිණියෝ වැහැපන් මට..., දැනෙන හුස්ම...., ඒ ගීත දෙක රූප රචනයත් සමග තව නොබෝ දිනකින් ප්‍රේක්ෂකයන්ට රසවිදින්නත් හැකිවෙයි.
දුලීකාගේ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වුණේ සරාගී ද?
ඔව් කතාබහක් ඇති වුණේ සරාගී. නමුත් මිනිස්සු ආස වෙච්ච ගීතය තමයි සිත්තර රූ ඒ ගීතය තුළ සාම්ප්රදායිකකමක් තිබුණ නිසාද මම දන්නෙ නෑ, ඒකට ප්‍රේක්ෂකයෝ කැමැති වුණේ. සිත්තර රූ ගීතයට වයස් භේදයෙන් තොරව හැමෝම කැමැති වුණා. නමුත් මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ කැමැති වුණේ නැහැ සිත්තර රූ ගායනයට හා ඉදිරිපත් කිරීමට. නමුත් මම පෞදේගලිකව කැමති නාඳුනන පෙම් රසකතා ගීතයට. සමාජයේ මේ කාලවකවානුවේ සිදුවන ෆේස් බුක් නොදන්න කෙනෙකු දන්න අඳුනන කෙනෙක් බවට පත්කරගෙන ලෙන්ගතුකම් පානඑක අද සාමාන්‍ය දෙයක්. ඒ නිසායි මම මේ ගීතයට වැඩි කැමැත්තක් දක්වන්නේ.
මම කිව්වොත් දුලීකා කැමති රංගන ශිල්පිනියකට වඩා ගායිකාවට කියලා?
ඒක සහතික ඇත්ත. මම දුලීකා කියන ගායිකාවට කැමති මම කැමති නැහැ දුලීකා කියන රංග ශිල්පිනියට. ඇත්තම කියනවානම් මම අංක එකට ආශා සිනමාවට. මම උසස්පෙළට කළේ චිත්‍ර. චිත්රවලට තියෙන කැමැත්ත නිසාම වඩාත් ආශා කළේ චිත්‍රපට අධ්යක්ෂවරියක් වෙන්න. මගේ ඔළුවේ හැම වේලාවෙම තියෙන්නේ ෆේ‍්‍රම්. පුංචි කාලේ මගේ ගමට ලයිට් තිබිලත් නෑ. මගේ ගෙදර ටීවී තිබිලත් නෑ. නමුත් මට හැමවේලාවෙම ෆේ‍්‍රම් පේනවා. ඒවා මම අඳිනවා. මම ගොඩක් දක්ෂ පෝට්රේට් වලටයි. ඇබ්ට්රා කාඩ් වලටයි. ඒක නිසාම මම ආශා කළා චිත්‍රපට අධ්යක්ෂවරියක් වෙන්න. ඒකට තමයි මම එන්නේ. නමුත් මට ගීත ගායනා කරන්න පුළුවන් වුණ නිසා පළමු පියවර විධියට ගීත ගායනයට එනවා. මට දැඩිව අවශ්‍ය වුණේ වක්‍රාකාරයෙන් හරි මගේ මාවතට එන්න. ගීත ගායනයට ආවාට පස්සේ මට සම්බන්ධතා ජාලායක් ගොඩනැගෙනවා. බොහෝ අයගේ පොත්පිට කවර මම නිර්මාණය කළා. ඒ අතරේ මම චිත්‍රපට බලන්න පෙලඹෙනවා. අදටත් මම ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. මට ටීවි බලන්න කැමැත්තකුත් නෑ. පුරුද්දකුත් නෑ. නමුත් පුංචි තිරයේ මාව ප්‍රේක්ෂකයන්ට සමීප වූ නිසා අසීමිතව මාව ප්‍රසිද්ධ වෙනවා පුංචි තිරයේ. නමුත් මගේ දැඩි කැමැත්ත චිත්‍රපට වලට. අදටත් මම ලෝකයේ හොඳයි කියන ඕනෑම චිත්‍රපටයක් නරඹනවා. මට භාෂාව වැදගත් නෑ. වැදගත් වන එකම දේ ඒ චිත්‍රපටයේ අන්තර්ගතය, රූප රාමු, ඒ චරිත හසුරුවන විධිය ලයිටින්, කැමරාව හසුරුවන විධිය මම ඒකට තමයි කැමති. මගෙන් කවුරුහරි ඇහුවොත් මම කියන්නේ මුලින්ම කැමති සිනමාවට චිත්‍රපට අධ්යක්ෂණයට කියල චිත්‍රපටයක වුණත් රඟපාන්න මම එතරම් කැමති නෑ. කැමතිම අධ්යක්ෂණයට.
දුලීකා සිනමාවට පෙම් කරන්නේ කුඩා සන්ධියේම පටන් ?
ඔව් මගේ හිතට එන කතා මම ලියනවා. ඒවා එකතුවක් මම ළඟ තියෙනවා. මගේ ජීවිත අත්දැකීම් මේ හැමදෙයක්ම මම ලියල තියනවා. ඒ මම ලිව්ව ඒවායින් තවමත් මම චිත්‍රපටයක් දැක්කේ නෑ. ඉතාලි කොරියන් ප්‍රංශ, රුසියාව, මේ කොයි සිනමාරූපී බව තුළ වුණත් මම ළඟ තියන එකතුවට යම් යම් අයුරින් ලක්ෂණ පෙන්නුවත් මම කරන්න හිතන් ඉන්න එක ප්ලොට් එකක්වත් තවම මට දකින්න ලැබුණේ නෑ. මම දකින්නේ ඒක මම ළඟ තියන මට අනන්‍ය වූ දෙයක් විධියටයි.
ඔබ ළඟ තියන ඔබට අනන්‍යවූ දෙය ද බිත්තරය හරහා දෙන්න උත්සාහ ගන්නේ?
ඔව්. බිත්තරය තුළින් දෙන්න හදන්නේ අන්න ඒක මගේ එකතුවේ පළවෙනි එක බිත්තරය තුළින් ලැබෙයි. සමස්තයම දකින්න ලැබෙන්නේ මගේ ඉදිරි නිර්මාණත් එක්ක පියවරෙන් පියවර මම ඒක සමාජගත කරයි. කියමනක් තියෙනවානේ මනුස්සයෙක් ගේ දෙවන උප්පත්තිය සිද්ධ වෙන්නේ වයස අවුරුදු හතළිහේ දී කියල. මම හිතනවා මගේ දෙවන උත්පත්තිය දැන් සිදුවෙමින් තියනවා කියල. මම වටා විශාල පේ්රක්ෂක පිරිසක් එකතු කරගෙන තියෙනවා. ඔවුන් මට ආදරය කරනවා. ගීත ගායනා පැත්තෙන් මට මුණ නොගැසුණු රසිකයෝ ප්‍රේක්ෂකයෝ පිරිසක් අද මට එකතු වෙලා තියෙනවා. ඒ වගේම සිනමාව පැත්තෙනුත් මම වෙනස්ම පේ්රක්ෂක පිරිසක් එකතු කරගෙන තියන නිසා සමස්තය සඳහාම වෙනස්ම නිර්මාණාත්මක දෙයක් කරයි.
අද දුලීකාට මේ ඔබ ගන්නා උත්සාහයට ප්‍රමාද වැඩියි කියල හිතෙන්නේ නැද්ද අපේ සිනමා කර්මාන්තයේ ගරා වැටීම දකිනකොට.
රටේ සමස්තයක් ලෙස ගන්නකොට සිනමා කර්මාන්තය වැටිල සිනමා කර්මාන්තයට උදව් කරන ආයතනයක් අපේ රටේ නෑ ක්‍රමවේදයක් නෑ. අපේ කර්මාන්තය තුළ සිනමා මාෆියාවත් වැඩියි. එක පිරිසක් අත තමයි මේ කර්මාන්තය තියන් ඉන්නේ. වෙන අයට දෙන්නෙත් නෑ. මම කියන්නේ මේ රට ඇතුළේ විතර ද අපි සිනමාව ගැන කතා කළ යුත්තේ කියලා.