මම කාලයක් සිංහල නිලියක් එක්කත් යාළු වෙලා හිටියා – දර්ශන් තවරාජා



අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් නවක රංගන ශිල්පියෙක් තමයි දර්ශන් තවරාජා කියලා කියන්නේ. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියා ගැන ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙක් දැනගන්නේ ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ ‘කළුවරට හිත බය හින්දා ගීතයී රූප රචනාව හරහායි. ඒ වගේම ඔහු ශක්ති ටෙලිනාට්‍යය හරහාද ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඊට පස්සේ හිතුවක්කාරී ටෙලිනාට්‍ය හරහාත් ඔහු බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමි කර ගත්තා. කොහොම නමුත් උපතින්ම දමිළ ජාතිකයෙක් වන ඔහු දැන් ‘දීපවාලි රෑ’ ගීතයෙන් ගායකයෙක් විදිහටත් අපට දැකගන්න ලැබෙනවා.

ඉතින් මෙම ‘දීපවාලි රෑ’ ගීතයේ ගායනයෙන් වගේම එයට රංගනයේ යෙදෙන්නෙත් දර්ශන්. ඉතින් මේක ඔහුගේ පළවෙනි ගීතය වෙලත් ඔහුටම පුදුමයිලු අද වෙද්දි මේ දවස් කිහිපයට මේ ගීතය ගොඩක් දෙනා බලලා තියෙන එක. ඒ වගේම ඔහු දමිළ කෙනෙක් විදිහට සිංහල මිනිසුන්ගෙන් ලැබෙන ආදරය ගැන කියන්න ඔහුට තේරෙන්නෙ නැහැ කියලත් දර්ශන් කියනවා. ‘මූ මොකක්ද සිංහලෙන් කියලා කරන්න යන්නෙ’ කියලා හිතපු අයට ඔහු ගොඩක් හොඳ උත්තරයක් දුන්නා කියලත් ඔහු කියනවා. ඉතින් සිංහල වුණත් දමිළ වුණත් හරි දේ කළොත් කෙනෙක්ට ඕනම තැනකට යන්න පුළුවන් කියලා ඔහුට දැන් හිතෙනවාලු.

ඒ වගේම ඔහු මෙච්චර ජනප්‍රිය වෙයි කියලවත් ඔහුට මෙච්චර ආදරයක් ලැබෙයි කියලවත් ඔහු හිතුවේ නැහැලු. ඉතින් ඔහුට යම් තැනකට එන්න පුළුවන් වෙයි කියලා හිතුවට මේ තරම් ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු දැන් ටැටූ දෙකක් කරලා තියෙනවා. ඉතින් ඒ දෙකම නළුවෙක් වෙන්න කලින් කරපුවා වුනත් මේ ටැටූ දෙක තමයිලු ඔහු නළුවෙක් විදිහට කරපු ලොකුම වැරැද්ද. ඉතින් රඟපාන්න යද්දි දැන් ටැටූ එක ලොකු අවුලක් කියලයි ඔහු කියන්නේ. ඒ නිසා රංගනයට එකතුවෙන කෙනෙක් ටැටූ ගහන එක හොඳ නැහැ කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු දැන් පෙම්වතෙක් නෙමෙයිලු. නමුත් කලින් ඔහුට පෙම්වතියක් ඉඳලා තියෙනවා. ඉතින් එයා දමිළ ගැහැනු ළමයෙක්. ඒ වගේම ඔහු කළා ක්ෂේත්‍රයට එන්න කලින් සිංහල ගැහැනු ළමයෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඇයත් රඟපාන කෙනෙක් කියලයි දර්ශන් කියන්නේ. හැබැයි ඇයවත් ඔහුවත් ඒ ගැන කාටවත් කියන්නෙ නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.





Previous Post Next Post